IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘‘ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ‘‘

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම කෙරෙහි තම පක්ෂයේ උනන්දුවක් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (16) පැවසීය.

මුස්ලිම් කොන්ග්‍රසයේ නිර්මාතෘ ඒ.එච්.එම්. අශ්රෆ් මහතාගේ 19 වන ගුණ සැමරුම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී හකීම් මහතා මේ බව පැවසීය.

ඇමතිවරයා මෙසේද කීය .

         "එක්සත් ජාතික පක්ෂයෙන් ජනප්‍රිය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි කියන විශ්වාසයෙන් අපි ඉන්නවා. නමුත් තවම ඒ පිළිබඳව  හරි තීරණයක් ලැබුණේ නැති පාටයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ උපදෙස් අනුව සජිත් ප්‍රේමදාස මහතා සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කළා. අපේ පක්ෂය  සමඟත් සාකච්ඡාවක් කළා.

එතුමාට අපේක්ෂකත්වය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ශය ජනප්‍රිය අපේක්ෂකයෙකු ගැන කතා කරන අවස්ථාවක කරූ ජයසූරිය මහතා කොයි වගේ තැනකද ඉන්නේ කියන එක ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. අපි හිතන්නේ ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.



අදහස් (9)

‘‘ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ‘‘

Raveendra Monday, 16 September 2019 06:07 PM

ඔව් ඔව් මේ ගොයියලා සජිත් ගොයියාගේ තාත්තට මල් තියල හැමදාම වදින්න් ඕනේ"හිවලුන්ට " කරපු උදව්වට...මතකනේ කෙටිම කෙටි කාලෙකදී ප්‍රේම් ගොයිය ප්‍රශාද මන්ත්‍රී ආසන ප්‍රතිශතය වෙනස් කරපු එක එයින් උනේ සදාකල් රටට හෙනයක් පාත් උනෙක නොවේද ?? කට ඇරලා කියන අපි බොරුනම් කියන්නේ ... සජිත් දැන් මේ බබා වගේ කෙකර ගාන්නේ....

:       0       0

කෝ දහනායක Tuesday, 17 September 2019 01:22 AM

එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව සියලු පක්ෂවලට ලැදි ලාංකිකයින් බොහෝදෙනාම කැමති වැඩක්පලක් නොකර කවුරුහෝ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටීමටයි. කිසිම ඉදිරි දැක්මක් නැති කිසිම නිර්මාණශීලිත්වයක් නැති සහනාධාර බෙදමින්බෙදන කෙනෙකුගෙන් සිදුවිය හැක්කේ ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක් බව ජනතාවට අවබෝධවේවා !!!

:       50       129

vipula Tuesday, 17 September 2019 05:27 AM

ජනප්‍රිය වීම පමණක් ජාතික නායකයෙකුට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ජනප්‍රියත්වය නිමේෂයෙන් නැතිවී යා හැක.

:       93       170

Rata Perata Tuesday, 17 September 2019 06:07 AM

අපේ ඡන්දය ඔහුට නැත.

:       116       189

Nishan Tuesday, 17 September 2019 07:01 AM

එතකොට සිරිසේන ජනාධිපතිවරණයට ඉල්ලන කොට සජිත් තරම්වත් ජනප්‍රිය නැහැ නේ. ඔබලා ඔහුට එදා සහයෝගය දුන්නේ මොන පදනමින්ද එතකොට? කාලෙන් කාලෙට එක එක තියරි. සජිත් ඔබත් එක්ක කළ සාකච්ඡාවේදී ඔබ ඉල්ලපු හැමදේම දෙන්නම් කිව්වා නේද? කරූට වඩා සජිත්ව නටවන්න ලේසි කියල හිතුනද? කුමන හේතුවක් නිසා හෝ ඔබ සජිත්ට කැමති උනාට යහපාලනයට ඡන්දෙ දුන් බහුතරයක් සජිත්ට කැමති නැහැ. විශේෂයෙන්ම උගතුන් කැමති නැහැ. ඔහු හැමෝම පිනවන්න උත්සාහ කරන කෙනෙක් මිසක් ඔහුට කියලා දර්ශනයක්, ප්‍රතිපත්තියක් නෑ. ඒ ඔහු මුහුකුරා ගොස් මදි නිසා.

:       382       411

arunaTuesday, 17 September 2019 08:57 AM

හරියට හරි. සජිත් සිරිසේනට දෙවෙනි නැහැ.

:       0       0

sirimaliee Tuesday, 17 September 2019 09:09 AM

ඔය කියන ජනප්‍රිය කමක් ජනතාව අතර සජිත්ට තිබුනේ නැහැ. එ.ජා.පයේ තමාගේ වාසියට ඇමතිකම් වලට වැඩකරන අය සහ සිරස එකතුවී කරන ලද පින්බීමක්.කෘතීම ජනප්‍රියත්වයක් ඇති කිරීමක්.ඔය ජනප්‍රියකම තිබුනානම් හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය නොකළත් සැලකිය යුතු ප්‍රතිශතයක්වත් ගන්න තිබුණනේ.

:       0       0

haramanis Thursday, 19 September 2019 10:59 AM

දාගැබ් 1100ක් හදනවා කිව්වාම තේරෙනවා මිනිහගේ මොලේ කොහොමද කියලා..

:       175       205

lalithmSaturday, 21 September 2019 07:39 AM

නැතිනම් චීවරධාරීන් අන්දන්න බැහැ. අපේ සිංහල මෝඩ හැත්ත අන්දන්නත් බැහැ. එතකොට ඡන්දත් නැහැ. සුම්මා තමයි. මේ විදිය තමයි ලංකාවට හරි. අපි ඔක්කොම ගොනාට අන්දවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site