(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම කෙරෙහි තම පක්ෂයේ උනන්දුවක් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (16) පැවසීය.
මුස්ලිම් කොන්ග්‍රසයේ නිර්මාතෘ ඒ.එච්.එම්. අශ්රෆ් මහතාගේ 19 වන ගුණ සැමරුම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී හකීම් මහතා මේ බව පැවසීය.
ඇමතිවරයා මෙසේද කීය .
"එක්සත් ජාතික පක්ෂයෙන් ජනප්‍රිය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි කියන විශ්වාසයෙන් අපි ඉන්නවා. නමුත් තවම ඒ පිළිබඳව හරි තීරණයක් ලැබුණේ නැති පාටයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ උපදෙස් අනුව සජිත් ප්‍රේමදාස මහතා සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කළා. අපේ පක්ෂය සමඟත් සාකච්ඡාවක් කළා.
එතුමාට අපේක්ෂකත්වය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ශය ජනප්‍රිය අපේක්ෂකයෙකු ගැන කතා කරන අවස්ථාවක කරූ ජයසූරිය මහතා කොයි වගේ තැනකද ඉන්නේ කියන එක ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. අපි හිතන්නේ ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් මේ ගොයියලා සජිත් ගොයියාගේ තාත්තට මල් තියල හැමදාම වදින්න් ඕනේ"හිවලුන්ට " කරපු උදව්වට...මතකනේ කෙටිම කෙටි කාලෙකදී ප්‍රේම් ගොයිය ප්‍රශාද මන්ත්‍රී ආසන ප්‍රතිශතය වෙනස් කරපු එක එයින් උනේ සදාකල් රටට හෙනයක් පාත් උනෙක නොවේද ?? කට ඇරලා කියන අපි බොරුනම් කියන්නේ ... සජිත් දැන් මේ බබා වගේ කෙකර ගාන්නේ....
එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව සියලු පක්ෂවලට ලැදි ලාංකිකයින් බොහෝදෙනාම කැමති වැඩක්පලක් නොකර කවුරුහෝ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටීමටයි. කිසිම ඉදිරි දැක්මක් නැති කිසිම නිර්මාණශීලිත්වයක් නැති සහනාධාර බෙදමින්බෙදන කෙනෙකුගෙන් සිදුවිය හැක්කේ ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක් බව ජනතාවට අවබෝධවේවා !!!
ජනප්‍රිය වීම පමණක් ජාතික නායකයෙකුට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ජනප්‍රියත්වය නිමේෂයෙන් නැතිවී යා හැක.
අපේ ඡන්දය ඔහුට නැත.
එතකොට සිරිසේන ජනාධිපතිවරණයට ඉල්ලන කොට සජිත් තරම්වත් ජනප්‍රිය නැහැ නේ. ඔබලා ඔහුට එදා සහයෝගය දුන්නේ මොන පදනමින්ද එතකොට? කාලෙන් කාලෙට එක එක තියරි. සජිත් ඔබත් එක්ක කළ සාකච්ඡාවේදී ඔබ ඉල්ලපු හැමදේම දෙන්නම් කිව්වා නේද? කරූට වඩා සජිත්ව නටවන්න ලේසි කියල හිතුනද? කුමන හේතුවක් නිසා හෝ ඔබ සජිත්ට කැමති උනාට යහපාලනයට ඡන්දෙ දුන් බහුතරයක් සජිත්ට කැමති නැහැ. විශේෂයෙන්ම උගතුන් කැමති නැහැ. ඔහු හැමෝම පිනවන්න උත්සාහ කරන කෙනෙක් මිසක් ඔහුට කියලා දර්ශනයක්, ප්‍රතිපත්තියක් නෑ. ඒ ඔහු මුහුකුරා ගොස් මදි නිසා.
ඔය කියන ජනප්‍රිය කමක් ජනතාව අතර සජිත්ට තිබුනේ නැහැ. එ.ජා.පයේ තමාගේ වාසියට ඇමතිකම් වලට වැඩකරන අය සහ සිරස එකතුවී කරන ලද පින්බීමක්.කෘතීම ජනප්‍රියත්වයක් ඇති කිරීමක්.ඔය ජනප්‍රියකම තිබුනානම් හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය නොකළත් සැලකිය යුතු ප්‍රතිශතයක්වත් ගන්න තිබුණනේ.
දාගැබ් 1100ක් හදනවා කිව්වාම තේරෙනවා මිනිහගේ මොලේ කොහොමද කියලා..