(මහේෂ් කිර්තිරත්න)
ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බවට සිදු කළ ප්‍රකාශය පුස් වෙඩිල්ලක් බව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා (6) මාධ්‍ය අමතා පැවසිය.
වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා මෙසේද පැවසිය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණත් මේ වන විට සාකච්ඡා සිදු කරමින් සිටිනවා.අපි මේවා පිළිබදව සාකච්ඡා කළ යුත්තේ සම්මුතියෙන් සංවාදයෙන්.හිටිගමන් අපෙක්ෂයකු ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කිරිම විමතියට කරුණක්.එක්සත් ජාතික පක්ෂ විරෝධි සියලු බලවේගත් අද වන විට සියලු වාමවාදි බලවේග පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් වි හමාරයි.අපේ ජයග්‍රශනය ස්ථිරයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ගැන අපිට වෙන පිටින් පිරිස් උගන්වන්න ඕන නැහැ.අපි ඒ පක්ෂය බිහි කළ දා සිටි පිරිසයි.නමුත් අද වන විට එය බොඩ් ලැලිවලට සිමාවෙලා තියෙන්නේ .මේ පිළිබදව අපට ඇත්තේ කණගාටුවක් .අද මේ කරන ආණ්ඩුවට තමන්ගේ අපෙක්ෂකයා නම් කරගන්න බැරි තැනට ඇවිත්.සජිත් අපෙක්ෂක ඉල්ලා රට වටේ යනවා.නමුත් අපෙක්ෂකම ලැබෙයිද කියන එක ප්‍රශ්නයක්.මේ නිසා අපි සියලු දෙනා පොහොට්ටුව වටා එක්වි හමාරයි.තව දින කිහිපයකින් මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාවි.එවිට අපේ ජනාධිපතිවරයෙක් යටතේ මේ රට සංවර්ධනය කරා රැගෙන යනවා.අපිට ඕන මේ රට නැවත ගොඩනගන්න යැයිද තෙන්නකොන් මහතා පැවසිය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිවරණයට සන්ධානයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා යැයි කළ ප්‍රකාශය පුස් වෙඩිල්ලක්