(දයාරත්න ඇඹෝගම)
ඉදිරි ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ සියල්ලම අපේක්ෂකයන් ඉදිරිපත් කළහොත් එකඳු පක්ෂයකටවත් ප්‍රකාශිත ජන්දයන්ගෙන් 50% ජන්දයක් ලබා ගත නොහැකි විමෙන් එම මැතිවරණය තීන්දුවක් ගත නොහැකි මැතිවරණයක් බවට පත් වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුයේ අනුරාධපුර බටහිර ආසන බළ මණ්ඩල රැස්විම අමතමිනි.
මෙම ජනහමුව අනුරාධපුර බටහිර ආසන සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී ඒකනායක මහතාගේ නිවසේදී අද (22)දින පැවැත්විණි.
මෙහිදි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසිය.
‘ඊළඟ ජනාධිපතිවරණයට අපි ප්‍රධාන පක්ෂ 03 න් අපේක්ෂකයෝ තිදෙනෙක් ඉදිරිපත් කළොත් මොකද වෙන්නේ, ශ්‍රී ලංකා එකෙන් එක්කෙනයි, පොහොට්ටුවෙන් එක්කෙනයි, එ.ජා.පයෙන් එක්කෙනයි , තව පැරදුනත් ජනාධිපතිවරණයට ජ.වි.පෙත් ඉල්ලනවා නේ.
මේ පක්ෂ වලින් පුද්ගලයෙක් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්න නම් පාවිච්චි කරන ජන්ද වලින් 50% කුත් තවත් එක් ජන්දයක් ලබා ගත යුතු වෙනවා.ඒක තමයි නීතිය, එහෙම නැත්නම් දෙවැනි මනාපය ගණින්න ඕන.හැබැයි අපි ජනාධිපතිවරණයක කවදාවත් දෙවැනි මනාපයක් ගහන්නේ නෑ,අපි ශ්‍රී ලංකා නම් අපි අපේ අපේක්ෂකයාට කතිරය ගහනවා මිසක්, එයාටත් කතිරය ගහලා, දෙවැනි මනාපයක් අපි ලකුණු කරන්නේ නෑ.අපි බෙදිලා වෙන්වෙලා ගියොත් ඒ මැතිවරණය තීන්දුවක් ගන්න බැරි මැතිවරණයක් බවටත් පත් වෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කලබල වෙන්න එපා ජනතාව ගන්න තීන්දුවක් ගනීවි....... පවුල් පිටින් රට සූරාකන රජ පවුල්වලටවත්, කෙලින් තීරණයක් ගන්න බැරි පතෝල මැසි වැනි නායකයෙකුටවත් , අපි මෙදාපාර මනාපේ ගහන්නේ නැත .
මාර සොයාගැනීමක්නේ මේ කරලා තියෙන්නේ. අම්මපා.... නොබෙල් ත්‍යාගය දෙන්න වටිනා සොයාගැනීමක්.
කිසි සැකයක් නැහැ අපි හැමෝම මනාපය් රටේ දියුණුව වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් පක්ෂ පාට බලා කටයුතු කරපු අයට. ඒ නිසා රට දියුණු වුනා .
මෙයාට දේශපාලන විද්‍යාව ගැන තිබෙන දැනුම ඉතාම අල්ප බව පේනවා. පක්ෂයකින් ආවත්, ස්වාධීනව ආවත් හැම අපේක්ෂකයෙක්ම ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව වැඩිම මනාප ඡන්ද ගන්නා පළමු සහ දෙවැනි අපේක්ෂකයන් දෙවැනි වටයට සුදුසුකම් ලබනවා නේද? දෙවැනි වටයේදී මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50% සහ එක ඡන්දයක් ලබාගන්නා වාසනාවන්තයාට රටේ "රජකම" පස් වසරකට ලැබෙනවා නේද? මොකද්ද ඉතින් මේකේ තියෙන හුටපටය ?