(විනීතා එම් ගමගේ)
සරත් ෆොන්සේකා මහතාට ඇමරිකාවේ යෑමට වීසා නොලැබුණ කතාව අමූලික බොරුවක් බවත් සිදුව ඇත්තේ ජනාධිපතිවරයා දූත පිරිසෙන් ඔහුව ඉවත් කිරීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
රණවිරුවන්ට අපහාස කිරීමටත් තමන්ගේ නම්බුව බේරා ගැනීමටත් ෆොන්සේකා මහතා අසත්‍ය වපුරමින් සිටින බව ද හෙතෙම පවසයි.
ගම්මන්පිල මහතා මේ බව පැවසූවේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
“එක්සත් ජාතින්ගේ මූලස්ථානය ඇමෙරිකාවේ පිහිටු වීමේ එක් ප්‍රබල කොන්දේසියක් තමයි සියළුම සාමාජික රටවල නියෝජිතයින්ට එක්සත් ජාතින්ගේ සැසි වාරයන්ට සහභාගි වීමට කොන්දේසි විරහිතව වීසා නිකුත් කිරීම. එක්සත් ජාතින්ගේ වීසා ඇමෙරිකානු වීසා වලින් වෙනස්. ඒ වීසා වලින් සංචාරය කළ හැක්කේ නිව්යෝර්ක් නගරයේ පමණයි.
මේ කොන්දේසියට ගරු කරලා මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ යුද අපරාධ පිලිබඳ බරපතල චෝදනා එල්ල වුණු පොල් පොට්, සුන් යත් සෙන්, සදාම් හුසේන් වැනි අයටත් ඇමෙරිකාව වීසා ලබා දීලා තිබෙනවා. උග්‍ර ඇමෙරිකානු විරෝධින් වන මුවම්මර් ගඩාපි සහ පිදෙල් කැස්ත්‍රෝටත් වීසා දීලා තිබෙනවා. එහෙම නම් ෆොන්සේකා ඇමතිතුමාට විතරක් වීසා නොලැබුණේ ඇයි?
ෆොන්සේකා ඇමතිතුමාට වීසා ප්‍රතික්ෂේප කිරීමක් ඇත්තටම සිදු වෙලා නෑ. ඇත්තටම වුණේ ජනාධිපතිතුමා එතුමාව දාලා ගිය එකයි. මේ යෝධයා මහ සංඝ රත්නයට බැන බැන ඉන්න අතරේ මම මෙයාව ඇමෙරිකාවේ අර ගෙන ගියොත් හාමුදුරුවන්ට බනින නිසා තෑග්ගට ඇමෙරිකාවේ අරන් ගියා කියලා සිතාවි කියලා ජනාධිපතිතුමා ෆොන්සේකා ඇමතිතුමාව සිය නිල ධූත පිරිසෙන් ඉවත් කළා. කෙටියෙන් කිව්වොත් හැලූවා. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න තමයි වීසා ලැබුණේ නෑ කියලා රටට බොරු කිව්වේ. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘ජනපති ෆොන්සේකාව දාලා ගියා‘
Senarath Thursday, 21 September 2017 01:14 PM
කෙලෙහි ගුණයක් කියලා එකක් ගෑවිලාවත් නැහැ. ඒ නිසා කිට්ටුවට ගත්තු හැමෝටම ලැබුනේ අවලාද සහ වෛරී සහගත චෝදනා. මේ පාලකයෝ ඒවා දැනගෙන ප්‍රවේශමෙන් ආශ්‍රය කරන එක ඉතාම නුවණට හුරුයි. කිසිම දෙකින් සැනසෙන කෙනෙක් නෙමෙයි.
lalith Thursday, 21 September 2017 02:01 PM
එ්ත් සමහරු නම් කියන්නේ එතන ගිහින් දේශපාලන රැකවරණ ඉල්ලයි කියලා දාලා ගියා කියලයි.
Saman Thursday, 21 September 2017 02:32 PM
පිළිගන්න පුලුවන් තර්කයක් වගෙයි, හැබැයි ඔහේගේ නඩුවේ අලුත්ම තත්ත්වය කොහොමද ?
Chanak Los angeles Thursday, 21 September 2017 04:13 PM
ගොඩක් වැරදි කරන පුද්ගලයා තම වැරදි වසාගන්න අනුන්ගේ මල්ලට එබෙනවා.. ඇටෝනි නඩුවේ තීන්දුව ලැබුනාම මොහු කව්ද කියා මොහුටම තේරේවි.
rajasinghe Friday, 22 September 2017 01:16 AM
වැඩක් බලාගෙන හිටියොත් නරකද අනුන්ගේ කිල්ලෝට වල හුණු හොයන්නේ නැතුව.
Chandra Friday, 22 September 2017 03:31 AM
අනේ හාමුදුරුවනේ පිණ්ඩපාතේ ගොසින් හරි මෙයාට බෙහෙත් ටිකක් අරගෙන දෙන්න. ඔබ වහන්සේලාට පින්.