IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘ජනපති මෛත්‍රීගේ සැබෑ අයිතිකරු එජාපයයි‘

(දිලීප් ජයසේකර)

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නියම අයිතිකරුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පාක්ෂිකයින් බවත් ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෙනෙහිළිකම් කිරීමට ඉඩ නොතබන බවත් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව පැවසුවේ අද (12) තංගල්ල රන්න නගරයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

‘‘2015 පැවති ජනාධිපති වරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කරගෙන එතුමට ශක්තිය දුන්නේ මේ එක්සත් ජාතික  පාක්ෂිකයිනුයි. අද යහපාලනේට ජැක් ගහගෙන ඉන්න ඇතැම් අය ජනාධිපතිවරණයේදි හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ සාටකේ එල්ලිලයි. යහපාලනයක් හදන්න කැපවුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ට විවිධ පිරිස් කෙනෙහිළිකම් කරන්න නම් සුදානම වෙන්න එපා. එහෙම කරන්නත් අපි ඉඩ තියන්නේ නෑ. ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මේ දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනවා. අපි ඒකට විරුද්ධ නෑ. ඉන්න පුළුවන් උපරිම කාලයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට අපේ සහායත් අපි දෙනවා. අද ඔය කෑගහන අය එදා 2015 ජනාධිපත වරණයේදි හිටියේ නෑ.මෛත්‍රිපාල සිරිසේන මහතා දිනුවා කියලා දැනගත්තම තමයි ගොඩක් අය මේ යහපාලනයට ආවේ. යූ එන් පී ජන්දවලින් තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේ රටේ ජනාධිපති වුණේ.‘‘ යැයි ද ඔහු කීය.



අදහස් (4)

‘ජනපති මෛත්‍රීගේ සැබෑ අයිතිකරු එජාපයයි‘

Sathyayaa Saturday, 13 January 2018 06:58 AM

දිලිප් මහත්තයෝ! මෛත්‍රීපාල සිරිසේන කියන්නේ අඛණ්ඩව දශක ගණනාවක් තිස්සේ ඇමැති තනතුරක හිටපු අයෙක්. ඔහු ජනාධිපති කරන්න එජාපයත් ඡන්දේ දුන්නා කියා එතුමාගේ ආණ්ඩුවේ බලවත්ම හා හොඳම අමාත්‍යාංශ මෙන්ම අගමැති තනතුරත් අරගෙන මොකක්ද කළේ? අර්ජුන් ඇලෝෂියස්ගෙන් කප්පම් අරන් තියෙන ඇමතිවරු සියලුදෙනා එජාපයේ ඇමැති වරු. ඔවුන් මුදල් හා දේපල තෑගි ලෙස අරගෙන නිහඬ වුනේ, අර්ජුන් මහේන්ද්‍රන් නම් මාමා හරහා ඇලෝෂියස් බෑනාට ඕනෑ තරම් ජනතා මුදල් ගසා කන්න ඉඩ දෙන්නයි. පසුගිය වසර 3 තුළ නීතියේ ආධිපත්‍යය රැක දීමට ජනාධිතුමා ගත් උත්සාහයන් අඩපණ කර වක්‍ර මාර්ගයෙන් ජනප්‍රියතාවයක් පරාජිත ජනාධිපතිට අරන් දෙන්න වැඩ කරපු ඔබේ පක්ෂයට මෛත්‍රීපාල මහතා අයිතියි කීමෙන් ඒ මහතාට ඉතුරුව තිබෙන ජනප්‍රසාදයත් විනාශ කර දමන්නයි ඔබලා උත්සාහ කරන්නේ.

:       7       21

pathiranaSaturday, 13 January 2018 09:23 AM

නීතිය ක්‍රියාත්මක කිරීමේ සැබෑ වුවමනාවක් ජනාධිපති තුමාට තිබුණා කියන එකනම් බොරුවක් සත්‍යා මහත්තයෝ, නීතිය රකින්න වුවමාවක් තිබුණානම් සියලුම හොරුන්ට එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැතුව පයිල් තිස් හතරක ඉන්න හොරු ගැන නොකියා එක පයිල් එකක ඉන්න හොරු ගැන විතරක් කතා කරන්නේ මොකද? මට නම් අනෙකුත් අවස්ථාවාදීන්ගෙන් වෙන්කර හඳුනාගන්න අමාරුයි.

:       0       30

SathyayaaSunday, 14 January 2018 03:05 AM

පතිරණ මහත්මයාට ඔහොම හිතෙන එක අසාධාරණයි කියල මම කියන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමාට තීරණ ගැනීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී සහය දීමට සිටි "සම්මුති" ආණ්ඩුවේ අනෙක් පාර්ශවයේ අගමැති හා මැති ඇමතිවරු ගෙනගිය කුමන්ත්‍රණ කාරී අඟේ සිට කණ කන ප්‍රතිපත්තිය නිසා ජනාධිපති තුමා අවංකවම කිරීමට බලාපොරොත්තුවූ බොහෝ දේවල් කඩා කප්පල් වුනා. මැතිවරණ පොරොන්දුවක් ලෙසින් ජනාධිපතිගේ විධායක බලතල ස්වේච්චාවෙන් කප්පාදු කරගෙන අගමැති කෙනෙකුට කිසිදා හිමි නොවන බලයක් ලබා දී එතුමා බලාපොරොත්තු වුයේ දුෂණය පිටු දැක සමාජ සාධාරණත්වයක් ඉටු කරන්නයි. බාධා පමුණුවන පිරිසගේ බලවත් කම නිසාම අසරණ වන්න ඉඩ තියෙන ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කිරීමත් එතුමාව ආරක්ෂා කරගැනීමත් දේශයට ආදරය කරන හැම පුර වැසියාගේම යුතු කමයි.

:       0       0

Rohana Saturday, 13 January 2018 01:11 PM

සජිත්ගේ පිහිටෙන් ඔබ පාර්ලිමේන්තුවට ආවේ. මහින්ද අමරවීර ඇමතිතුමා සමග ඔබට හැරෙන්නවත් බැරිබව හිතට ගන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 422 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 864 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site