ජුඩ් සමන්ත
ජනාධිපතිවරයා දේශපාලනය කරන විට අගමැතිවරයා සිදු කරන්නේ රට සංවර්ධනය කිරීම යැයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
තමන්ගේ කරපිටින් තනතුරට පැමිණි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් නොඅහසා අවුරුදු හයක් සිටිය හැකිදැයි විමසන බව ද සේනසිංහ මහතා කීවේය.
හලාවත නගර සභාවට ආරච්චිකට්ටුව සහ හලාවත ප්‍රාදේශීය සභාවන් වලට එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් දැණුම්වත් කිරීම සඳහා පැවති සමුළුවකදී රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය. හලාවත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම සමුළුව පැවැත්වුණි.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙසේද පැවසීය.
‘‘1994 ඉඳලා හැම ඡන්දයක්ම තීරණය කළේ ප්‍රභාකරන්. ගාමිණී දිසානායක මහත්තයාව මරලා දැම්මා. අපිට දාන්න කෙනෙක් හිටියේ නෑ.අපි ගාමිණී දිනායායක මහත්මියව මැතිවරණයට ඉදිරිපත් කළා. ඇය අද රෝහල් ගත වෙලයි ඉන්නේ. ඒ වෙන කොට ප්‍රභාකරන් අපේ නවයකට ගහලා බිම දාලයි තිබුනේ.
2000 මැතිවරණයේදී චන්ද්‍රිකා මහත්මියට වැඩියෙන් 3% ක් අපි ඉදිරියෙන් හිටියා. ඒ වෙන කොට ප්‍රභාකරන් අපිව බිමටම දාලයි තිබුනේ. ඒත් එක්සත් ජාතික පක්ෂය බිම දාන්න බැහැ. හරියටම බැලුම් බෝලේ වගේ උඩට එනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කිසිම කෙනෙකුට බිම දාන්න බැරි පක්ෂයක්. ඩී.එස්. සේනානායක මහත්තයා මේ පක්ෂය හදලා තියෙන්නේ
වෙලාව බලලා, නිල බලලා. ඒ නිසා මොන යකා ගැහුවත් එක්සත් ජාතික පක්ෂය නැගිටිනවා.
මෛත්‍රීපාල මහත්තයා ගැහුවත් මේ පක්ෂය නැගිටිනවා. ඒක මතක තියා ගන්න.
2010 මැතිවරණය එනස කොට ප්‍රභාගරන් මැරිලා. වල පල්ලේ ඉඳලත් ප්‍රභාගරන් තීන්දු කලා මේ රටේ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව යුද්ධය කියලා. ඒ මැතිවරණයත් අපි පරාදයි.
ප්‍රභාකරන් අපිට කරන හානිය නැති වුනහම ඔලුව උස්සා ගන්න හම්භ වුණේ 2015 දී.
අපිට ආණ්ඩුවේ තියෙන්නේ අරික්කාලයි. ඒ අරික්කාලටත් දැන් ගහන්න පටන් අරගෙන. හැබැයි කිසිම කෙනෙකුට එක්සත් ජාතික පක්ෂය වට්ටන්න පුළුවන් කමක් නැහැ. අපි පස්සට ගිය කාලේ ඉවරයි. මොන යකා ගැහුවත් එක්සත් ජාතික පක්ෂය ආයෙත් කිසිම දවසක පස්සට යන්නේ නෑ.
වත්මන් ජනාධිපතිතුමා ඔය තනතුරට ආවේ අපේ කර පිටින්.දැන් එතුමා අපෙන් අහන්නේ නැතිව අවුරුදු 06 ක් ඉන්න පුළුවන්ද අහනවා. එතුමා දේශපාලනය කරනවා. අගමැති තුමා රට හදනවා. ඒකයි වෙනස වී ඇත්තේ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි! බැලුම් බෝලයක් වගේ පිම්බෙනවා. ඒ වගේම හුළං යනවා ! අායෙත් පිම්බෙනවා.. අයෙත් යනවා. අඩුම ගානේ වාතයටවත් ප්‍රයෝජනයක් තියෙනවා නම් මොකද?
ජනපති දේශපාලනය කරද්දී අනෙක් අය රට කනවා. දූෂිත දේසපාලකයින් සමග ජනාධිපතිතුමාට ඉදිරියට ගමන් කල හැකිද?
අපිත් යහපාලනයට තමයි ඡන්දෙ දුන්නේ. හොරු අල්ලනවා කියලා ඇවිත් හොරකම් කරලා මෛත්‍රී මහත්තයාට බනින්න එපා. යහපාලනේ කෑවා. නිකම් බබා වෙන්න එපා සුජීව මහත්තයෝ.. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි.. හොරුන්ට දඬුවම් දීලා.. යහපාලනේ රැක ගන්න.