IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජනපති ඉන්න දිස්ත්‍රික්කයේවත් ජනතා ප්‍රශ්න අදටත් විසඳලා නෑ

(මැදිරිගිරිය-චාපා මධුභාෂිණි)

විදේශ කටයුතු ඇමැතිට ලොතරැයි මණ්ඩලය දුන්නේ ලොතරැයි මණ්ඩලයේ යම් යම් අක්‍රමිකතා වහගන්න ඕනෑ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

මැදිරිගිරිය බිසෝබණ්ඩාර ශ්‍රී විවේකාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ පසුගිය 15 වැනිදා පැවති ජනහමුවකට එක්වෙමින් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසීය.

සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.

මෙතන ඉන්න අපි කවුරුත් දන්නවා 2015 දී ජනතා විමුක්ති පෙරමුණේ අපි කියන දේ අහන්නෙත් නැතුව යූ.එන්.පී සහ ශ්‍රී ලංකා ආණ්ඩුව දෙක එකට එකතු කරලා ජාතික ආණ්ඩුවක් හැදුවා. ජාතික ආණ්ඩුවක් ජාතක කළා. දැන් හැදිලා තියෙන්නේ ජාතික ආණ්ඩුවක්ද? අඩුම තරමෙන් අද අපට රෙද්දක් ඇඳගෙන වෙන රටකට ගිහින් අපේ රටේ ඇමැති මණ්ඩලය ගැන කියන්න පුළුවන්ද? ඒ රටේ අය අපෙන් අහනවා ඔයාලා කොයි රටේද කියලා, අපි කියනවා ශ්‍රී ලංකාවෙ කියලා. දැන් රටේ ඇමැති මණ්ඩලයේ කීදෙනෙක් ඉන්නවාද? ඉතින් අපිට ඇඟිලි ගණින්න සිද්ධ වෙනවා. කලින් 30, දැන් 40. ඊට පස්සේ 10-15 කියලා අපට ගණන් හදා ගන්න වෙනවා.

 රටේ ජනතාවටත් තේරෙන්නැති ඇමැති මණ්ඩලයක් තියෙන්නේ.

පිටරටක කෙනෙක් අපේ රටට ඇවිල්ලා ඔයාලගේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලොතරැයි මණ්ඩලය තියෙන්නේ ඇයි කියලා ඇහුවොත් අපිට මොකක්ද දෙන්න  තියෙන උත්තරය.

මේ ඉන්න අම්මා තාත්තා කෙනෙක්ගෙන් රවී කරුණානායක විදේශ කටයුතු ඇමැතිවරයාට ලොතරැයි මණ්ඩලය තියෙන්නේ ඇයි කියලා ඇහුවෙත් අපි දැනගන්න ඕනේ උත්තරය. අපට කියන්න වෙන්නේ අපේ රටේ ලොතරැයි සියල්ල දිනුම් ඇදලා ඉවරයි. ඒ නිසා ලන්ඩන්වල දිනුම් අදින්නේ. ඇමරිකාවෙ ටිකට් විකුනන්නේ. විදේශ විනිමය ගේන්න ලොතරැයි පිටරටවල ප්‍රචලිත කරන්න කියලද කියන්නේ. අපිට නැත්නම් ආණ්ඩුව කියන්න ඕනේ මොකටද විදේශ කටයුතු ඇමැතිට ලොතරැයි මණ්ඩලය දුන්නේ කියලා.
ආණ්ඩුවට කියන්න බැරිනම් අපි කියන්නම් හේතුව.

විදේශ කටයුතු ඇමැතිට ලොතරැයි මණ්ඩලය දුන්නේ අක්‍රමිකතා වහ ගන්න නෙවෙයි නම් අගමැතිතුමෝ කියන්නකෝ හේතුව මොකක්ද කියලා. රටේ ජනතාව හැටියට අපිට දැන ගන්න ඕනෑ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපිට දැනගන්න ඕනෑ, මොකක්ද විදේශ කටයුතුයි, ලොතරැයි මණ්ඩලයයි අතර තියෙන සම්බන්ධය කියලා.  

මේවා සරල ප්‍රශ්න වුණාට, මේවා ඇතුළේ තමයි නාස්තිය, දුෂණය, හොරකම, වංචාවට ඉඩ හැදිල්ල තියෙන්නේ. මේ ඇමැති හුවමාරුව සිද්ද වෙනකොට අපි කීවා මේක අර කරවල හොරා කාපු බළලට උම්බලකඩ පොල්ලෙන් ගැහුවා වගෙයි කියලා. එදා ඒක තේරුම් නැතිනම් අද තේරුම් ගන්න කරවල හොරා කාපු බළලා කවුද? උම්බලකඩ පොල්ල මොකක්ද කියලා?

මෙහෙම රටක අපි ඉන්නේ. මෙහෙම රටක් ඉදිරියට යයිද? මෙහෙම රටක තියෙන අනාගතය මොකක්ද? මේ ක්‍රමයට රට ඉස්සරහට ගෙනියන්න බෑ. පළාත් පාලන ආයතනවල ඡන්දේ තියන්නේ නැතුව දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. මෙහෙම රටක් ඉස්සරහට යන්න පුළුවන්නම් ඉතින් මොකටද මේ මන්ත්‍රීවරු? ඊළඟට දැන් පළාත් සභා ඡන්දය එනවා. ඒවගෙත් අපිට පේනවා විස්වාසභංග හැදෙනවා. උතුරෙ මහ ඇමැතිට විරුද්ධව විස්වාසභංගයක් ගෙනල්ලා. උතුරුමැදත් මේ වගේ වුණා. මේ වගේ අලකලංචි හැදෙන්නේ පළාත් සභා ඡන්දයත් කල් යවන්න වෙන්න පුළුවන්.

ඊළඟට ජනාධිපතිවරණය එනවා. මේ ආණ්ඩුව බලයට එනකොට කීවේ අපි බලයට ඇවිත් අවුරුදු පහක් යනකොට රැකියා දස ලක්ෂයක් දෙනවා කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මලා, තාත්තලා, එක්සත් ජාතික පක්ෂයේ අම්මලා, තාත්තලා, දරුවෝ ඡන්දෙ දුන්නේ ඕකට නෙවෙයිද? රැකියා දස ලක්ෂයක් දෙනවානම් මේ වෙනකොට ඒකට වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. දැන් අවුරුදු දෙක හමාරක් ගත වෙලා. අඩුම තරමෙ මේ වෙනකොට රැකියා දෙලක්ෂයක්වත් දීලා තියෙන්න ඕනෑ. ජනාධිපතිවරයා ඉන්න දිස්ත්‍රික්කයේවත් රැකියා ප්‍රශ්නයට ආරම්භයක් තියෙනවාද? නිවාස පන් ලක්ෂයක් ලබාදෙනවා කීවා. ඊයේ පෙරේදා කැබ්නට් සංශෝධනයෙන් අලුතෙන් ඉඩම් ඇමැතිවරයෙක් පත්වුණා. ගයන්ත කරුණාතිලක මහත්තයා කීවා, මගේ පළමුවැනි කටයුත්ත තමයි අපේ රටේ තියෙන ඉඩම් ප්‍රශ්නයට විසඳුම් දීම කියලා. සියලු දෙනාට ඉඩම්වලට ඔප්පුවක් දෙනවා කීවා.

පොලොන්නරුවේ බහුතරයක් ඉන්නේ ගොවි ජනපද ව්‍යාපාරත් එක්ක මේ ගම්මානවලට ආපු ජනතාවයි. තුන්වැනි පරම්පරාවේ දරුවොත් එක්ක අවු 30ක් 40ක් තමන්ගේ ඉඩම්වල ඉන්නේ. හැබැයි ඒ දරුවන්ගේ අනාගතයට ඉඩම පවරලා දීලා, නිරවුල් කරලා මැරෙන්නේ කියලා දෙන්න සහතිකයක් ඔයාලාට තියෙනවාද?
 
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බහුතරයකගේ ප්‍රශ්නෙ තමයි තමන්ගේ ඉඩම්වලට ඔප්පු නැති එක. අඩුම තරමෙ සමහරුන්ට බලපත්‍රයක්වත් නෑ. තමන්ගේ අයිතිය පවරන්න ක්‍රමයක් නෑ. හැබැයි ඡන්දෙ තියෙනවා. ඒකනම් ආණ්ඩුවෙන් කලින්ම ලබා දෙනවා. මිනිස්සු ඉන්නේ මේ ඉඩම්වලනම්, ඒවා වෙනස් වෙන්නේ නැත්නම්, ඒ ඉඩම්වලට ජල විදුලිය තියෙනවානම්, ස්ථිර පදිංචිය තියෙනවානම් ඇයි ආණ්ඩුවට බැරි ලාකඩ සීල් එක ගහලා ඔප්පුවක් දෙන්න. ඇයි ආණ්ඩුව ඔප්පුවක් ලබා දෙන්නෙ නැත්තේ? මේ ජනතාව ඒ ප්‍රශ්නයෙන් නිදහස් කළොත් ඊළගට බලයට එන අයට නාස් ලණුව දැම්ම හරකෙක් වගේ ඔයාල ඡන්ද පොළට ගෙනියන්න බැරි වෙනවා. ජනතාව ඡන්ද පොළට ඇදගෙන යන්න ආණ්ඩුව පාවිච්චි කරන තුරුම්පුව තමයි බලාපොරොත්තුව.

බලාපොරොත්තු ඉෂ්ට කළොත් ජනතාව ස්වාධීන වෙනවා. ඒ නිසා ආණ්ඩුව හැමදාම කරන්නේ ඉඩමට ඔප්පුව පෙන්වලා. දරුවට රැකියාව පෙන්වලා, ගෙයක් නැති කෙනාට නිවාසයක් පෙන්වලා, කුඹුරක් නැති කෙනාට කුඹුරක් පෙන්වලා, බිත්තර වී ටික, පොහොර ටික පෙන්වලා ඡන්දෙ ගැනීම.

මේවට තමයි අපි මෙච්චර කල් පක්ෂවලට බෙදිලා රැවටිලා ගියේ. මේවා නිසා තමයි අද ඡන්දෙ ගත්ත නායකයෝ සමාජයේ වැජඹෙන්නේ. වැජඹෙනවා විතරක් නෙවෙයි පරණ පුරුදු ඉදිරියටම අරගෙන යනවා. දේශපාලන බලයෙන් පස්සේ ජනතාව අමතක කරලා ජනතාවගේ මුදල් මංකොල්ල කනවා. විපක්ෂයේ ඉන්නකල් ඇතිතරම් ජනතාවගේ අරගල ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මානව අයිතිවාසිකම් ගැන, මාධ්‍ය නිදහස ගැන, හැමෝම කතා කරනවා. හැබැයි බලයට ආවට පසුව මාධ්‍ය වහ කදුරු වගේ වෙනවා. ජනතාව පේන්න බෑ.

මෑත කාලේ අපට ඒව හොඳට පේන්න තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් අද කොහොමද හැසිරෙන්නේ? සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවානේ “බලය තියෙනකොට මොළය නෑ - මොළය තියෙනකොට බලය නෑ” කියලා. දැනුත් වෙලා තියෙන්නේ ඒකම තමයි. මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනෑ. මේ රට හදන්න පුළුවන් රටක්. මේ රට කාලකණ්නි කරල තියෙන්නේ දේශපාලකයෝ.

රට හදන්න ඕන තරම් සල්ලි තියෙනවා. කවුරුහරි කියනවානම් රටේ සල්ලි නෑ කියලා අපි ඔප්පු කරන්නත් සූදානම්. මේ රට හදන්න බැරි සල්ලි නාස්ති කරන නිසයි. තියෙන සල්ලි හොරකම් කරන නිසයි. සමහර ආණ්ඩුවක ඇමැතිවරයෙක් තමන්ගේ සුඛවිහරණයට ගේන වාහනයකින් පුළුවන් ගම් දහයක් හදන්න. අද මොකද වෙලා තියෙන්නේ? හැම ගමකම වකුගඩු රෝගියෙක් ඉන්නවා. හැම ගමකම ඩෙංගු රෝගියෙක් ඉන්නවා. හැම ගමකම කුණු ගොඩක් තියෙනවා. රටේ පැත්තකට වතුර නැති වෙනකොට අනිත් පැත්තට වතුර වැඩි වෙනවා. අපේ ඡන්දයෙන් පත් කරලා යවන නායකයා ගමට වග කියන, නායකත්වයට වග කියන, ගමට පිළිගැනීමක් තියෙන නායකයෙක් බවට පත් වෙන්න ඕනෑ.

අද අපේ රට එකතැන පල් වෙලයි තියෙන්නේ. රටේ නිලධාරින්ට වැඩ කරන්න දේශපාලන නායකයෙක් නෑ. අද ඇමැතිවරු ඉන්නේ කලින් ආණ්ඩුවට වඩා හොඳට හොරකම් කරන්නේ කොහොමද කියලා බලාගෙනයි.

කලින් අය හොරකම් කළානම් අපි හොරකම් කළාම මොකද වෙන්නේ කියලයි අහන්නේ. අපි පාර්ලිමේන්තුවේදී හොරකම් පෙන්වලා දෙනකොට එයාල කියන්නේ ඇයි කලින් අයත් හොරකම් කළේ අපි හොරකම් කළාම මොකද වෙන්නේ කියලයි අහන්නේ. රාජපක්ෂ මහත්තයලාගෙ කට්ටිය අපෙන් අහනවා ඔයාල අපේ හොරකම් විතරයි හයියෙන් කෑගහලා පෙන්නුවේ, දැන් වෙන දේවලුත් පෙන්වන්න කියනවා. අවසානයේදී දෙගොල්ලම හොරු. අසරණ වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවයි.

 



අදහස් (0)

ජනපති ඉන්න දිස්ත්‍රික්කයේවත් ජනතා ප්‍රශ්න අදටත් විසඳලා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 674 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1195 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 373 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site