(ආරියරත්න රණබාහු)
ජනතාව නිවැරදි මගට ගෙන යාම සඳහා ඒකාබද්ධ විපක්ෂයට පවා නිවැරදි දැක්මක් නැතැයි ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිත ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසයි.
එම දැක්ම ඇති කර ගැනීම සඳහා ජනතාව ඔවුනට බල කළ යුතුව ඇතැයි කී සමරනායක මහතා ඉන්දියාවේ අගමැති මෝදි මහතාට තරම් පාර්ලිමේන්තු බලයක් මෙරට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණේ නම් රටට සිදුවන දේ සිතා ගැනීමට පවා නොහැකි යැයිද කීය.
එතරම් බලයක් නොමැතිව මේ දක්වා රටට කර ඇති වින්නැහිය ජනතාව තේරුම් ගත යුතුව ඇතැයි. දැනට මේ ක්‍රියාත්මක වන ආර්ථික මාදිලියේ ගමන් මග වෙනස් කිරීමට ජනාධිපතිවරයාට ආයාචනා කිරීමෙන් පලක් නැතැයිද කීය.
සමරනායක මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධායක එකමුතුවේ ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඉදිරිපත් වෙලා ජනතාවට හරි දැක්මක් පෙන්නලා දෙන්න , රුපියල් වලට , තෑගිබෝග වලට , හා කුඩ්ඩන්ට වැඩි මනාප දෙන එකෙන් රටට මෙතෙක් කල් වුනු පිරිහීම ගැන , 4 වෙනි දුෂිත රට වීම . 1 වෙනි ස්ථාන වෙන්න තව ටික දවසයි. යහපත් පුරවැසියන් වීමට නම් වාසිය තකා අනුන්ට කඩේ යන්නේ නැතුව ඉපදුන රට වෙනුවෙන් අවංක විය යුතුයි.