IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ජන දුකට පිහිට නොවන ආණ්ඩුව අසාර්ථකයි

 

(නිමල කොඩිතුවක්කු)

ජන දුකට පිහිට නොවන අසාර්ථකම ආණ්ඩුව බව වත්මන් ආණ්ඩුව පත්වී වසරක් තුළ ඔප්පුකර ඇතැයි සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(17) පැවසීය.

වත්මන් රජය හමුවේ රටට අත්ව ඇති ඉරණම පිළිබඳව විපක්ෂය කණගාටුවට පත්වන බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ආන්ඩුවේ මෙම අදුරදර්ශී වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගය නායකත්වයෙන් ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ මෙහෙයුම් මැදිරියේ කටයුතු ආරම්භ කරමින් ඔහු මේ බව පැවසීය.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු ලබා ගැනීමත්, එම ගැටලු පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු කරවීමත්, හැකි පමණ එම ගැටලු විසදාගැනීමට සහායවීමත් යන අරමුණු ඇතිව සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය මැදිහත්වීම මත මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර ඇත.

ඒ අනුව එම විශේෂ මැදිරියේ ක්‍රියාත්මක 011 770 1300 දුරකථනය හරහා ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකිවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
  
"කොරෝනා ව්‍යසනයෙන් විපතට පත්ව සිටින ජනතාවගේ දුකට පිහිට වීමේ අරමුණින් සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කොරෝනා තත්ත්වය තුළ ජනතාවගේ ප්‍රශ්න ගැටලු වලට කන්දෙමින් වගකිව යුතු විපක්ෂයක් විදියට ජනතාවට සහන ලබාදීමේ  ප්‍රායෝගික වැඩසටහනක් අපි මේ විදියට ආරම්භ කරලා තියෙනවා.

සමගි ජන බලවේගය ජනතාවගේ දුකට  කන්දෙන ජනතාවට සවන් දෙන දේශපාලන ව්‍යාපාරයක්. කොරෝනා වෙන් විපතට පත් වූ සමස්ත ජනතාවගේ හඩ උත්තරීතර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් ජනතා ප්‍රශ්න වලට සාධනීය විසඳුම් ලබාදීමට අපි කටයුතු කරනවා යැයිද කීය.



අදහස් (0)

ජන දුකට පිහිට නොවන ආණ්ඩුව අසාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site