IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ජාතිවාදී ගැටුම් අවුළුවා දේශපාලන හතුරන් මර්දනය ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණ වෙලා

(ජයන්ත සමරකෝන්)

ජාතිවාදී ගැටුම් අවුළුවා විරුද්ධවාදී දේශපාලන හතුරන් මර්දනය කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණවී ඇතැයිද රාජපක්‍ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට පවා යෝජනා ගේන්නේ ඒ නිසා යැයිද ඒකාබද්ධ විපක්‍ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (7) පැවසීය.

එසේ තිබියදී මහනුවර දිගන සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා පොලිසියට ඇඟිල්ල දිගු කරද්දී හකීම් ඇමතිවරයා ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන බවද බොරැල්ල ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා කීය. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. අවුරුදු 8කට පසු රටේ හදිසි
නීතිය පනවන්නට සිදුවෙලා. අපේ කණ්ඩායම අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්නට
සැලසුම් කර තිබුණා. එය ඉල්ලා අස්කරගත් බවට අසත්‍ය ප්‍රචාරයක් යනවා.

මෙය කිසිසේත්ම ඉල්ලා අස්කරගෙන නැහැ. තව දින කිහිපයකින් ගෙන එනවා. ආණ්ඩුව සම්බන්ධ ශ්‍රීලනිප ඇමැතිවරුන් පිරිසක් හා එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සමග ටී.එන්.ඒ. මන්ත්‍රීවරයෙකු කළ ඉල්ලුමට කන්දී කරුණු 14කින් සමන්විත එහි අන්තර්ගතය නැවත සකස් කිරීමට තීරණය කළා.

එම මිත්‍රශීලී ඉල්ලීම සඳහා සාකච්ඡා කිරීමට ඇති බැවින් ඉදිරි දින කීපය තුළ මෙම විශ්වාසභංගය අනිවාර්යෙන්ම ඉදිරිපත් කිරීමට පෙරේදා (6) පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය වුණා.

ජනජය සැමරුම හා ආණ්ඩුව ගෙදර යැවීමේ සටන සඳහා නුගේගොඩදී අද (7) පැවැත්වීමට සැලසුම්කර තිබූ ජන රැලිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව කල්දමා තිබෙනවා. අපට ආරංචි ඇති අන්දමට මෙම රැලියට එන මහා ජනගඟ ඉලක්ක කොට ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් ජාතිවාදී ගැටුමක් ඇති කිරීමේ සැලසුමක් තිබෙන බවයි. මේ ගැටුම මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය මත පැටවීමේ සූදානමක් තිබෙනවා. ඒ නිසයි රැස්වීම කල්දැම්මේ.

රටේ උද්ගතවී ඇති මෙම අයහපත් වාතාවරණයේදී අප කිසිසේත්ම ගින්දරට පිදුරු දමන්නේ නැහැ. බටහිර මාධ්‍ය ජාල
මෙම සිද්ධිය සිංහල බෞද්ධ ජනතාව විසින් මුස්ලිම් ජාතිකයින්ට කළ පහරදීමක් බවට හුවාදක්වන්නට උත්සාහ කරනවා. මෙම සිද්ධිය පිටුපස ආණ්ඩුවත් පොලිසියත් අතර සැලසුමක් තිබෙන බවට සැක කරනවා.

1983 කළු ජුලියේ නිර්මාණකරුවන් මේ ආණ්ඩුවේ සිටින බව අමතක කරන්නට එපා. අද මේ ආණ්ඩුවට නායකත්වයක් නැහැ. ජිනීවා මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මෙම 18 වෙනිදා ගෙනඑනවා. ශ්‍රී ලාංකිකයින් ම්ලේච්ඡ ජාතියක් කියන ව්‍යාපෘතියක් මේ තුළ දියත් වෙනවා. ජිනීවා මානව හිමිකම් කොමිසම එනවිට
රටේ අර්බුදයක් නිර්මාණය කිරීම සැලසුම් සහගතව සිදුවෙන්නක්.

පසුගිය මැතිවරණයේ ප්‍රතිඵලවලින් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති කෝපය හොඳින්ම ප්‍රදර්ශනය වුණා. ජනතාවගේ ඒ හඬ නිහඩ කිරීමත් මෙම සිද්ධියක් තවත් පැතිකඩක්.

ආණ්ඩුවට එරෙහිව නැගෙන ජනතා මතය මර්දනයට මෙවැනි අවස්ථා යොදාගත හැකියි. නැතිනම් ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැහැ. ආණ්ඩුවේ මෙම මර්දනය අපි තදින්ම හෙළාදකිනවා. මෙම සිද්ධීන්ට පොලිසිය වගකිව යුතු වට ආණ්ඩුව කියනවා. ඒ වුණාට අපි ඒ දේට ඉක්මන් වන්නේ නැහැ.

එදා බේරුවල සිද්ධිය මහින්ද රාජපක්‍ෂ මහතා පැය 1/2ක් ඇතුළත පොලිසිය හා හමුදාව යොදවලා මර්දනය කළා. අද ඒ දේම ආණ්ඩුව වෙන විදියකින් ප්‍රකාශ කරන්නේ පොලිසිය පිට වරද පටවලා. එදා අලුත්ගම සිද්ධිය ගැන ජනාධිපති කොමිසමක් පත්කරන බවට ජනවාරි 8දා පොරොන්දු වූ ආණ්ඩුවට එය අමතක වෙලා.

දැන් රවුෆ් හකීම් දිගන සිද්ධියට කොමිසම් ඉල්ලනවාට අලුත්ගම ගැන වචනයක් කියන්නේ නැහැ. ඇයි අලුත්ගමින්
පටන්ගන්නට බැරි?

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා-

දිගන සිද්ධියට ආණ්ඩුව පොලිසියයි බුද්ධි අංශයි පටලවන්නට හදනවා. රජය තම මූලික වගකීම පැහැරහැරල පොලිසිය පිට වරද පටවනවා. මෙහි භයානක අනතුර රජය දැකලා නැහැ. නීතිය හා සාමය අමාත්‍යාංශයට අද වගකිව යුත්තෙක් නැහැ. රජය සතු මූලික වගකීමක් ඉටුකරන්නට බැරි දුර්වල ආණ්ඩුවක් මේක.

මුස්ලිම් නායකයින් පිරිසක් පෙරේදා හිටපු ජනාධිපතිවරයා හමුවේ තම දුක කියලා තමන්ගේ ආරක්‍ෂාව බිඳවැටී ඇති බව කියා තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ හඬ රටම පිළිගන්නා බවට මේක හොඳ නිදසුනක්. රට ගිනිගන්නවා. රාජපක්‍ෂ
පවුල මර්දනය කරන්නටයි ආණ්ඩුව බලන්නෙ.

ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ -

මේ ආණ්ඩුව සංහිඳියාව ඇතිකරන බව කියමින් කරන්නේ මේවායි. අවුරුදු 30ක යුද්ධය නිමකරලා මහින්ද ආණ්ඩුව ජාතික සමගිය ගොඩනඟන්නට හැදුවාට මේ ආණ්ඩුව අවුරුදු 3ක් ගිහිල්ලත් ඒ දේ කරන්නට බැරිවෙලා. 1977 ජේ.ආර්. රජයට බොරු පොරොන්දු ඉටුකරන්නට බැරිව දෙමළ විරෝධී මතයක් හැදුවා. 1983 කළු ජූලිය ඇතිවුණේ ඒෙ විදියටයි.

එවැනි ගමනක් මේ ආණ්ඩුවත් යන්නට හදනවා. පොරොන්දු ඉටුකරන්නට බැරිව දඟලන ආණ්ඩුව මේ දිගන සිද්ධිය ආශිර්වාදයක් කරගෙන ඉවරයි. දන් හදිසි නීතියෙන් රට පාලනය කරන්නට හදනවා. රනිල්-සිරිසේන දැන් ඒ ගමන ආරම්භ කරනවා. ජනමතය වෙනතකට හරවන්නට හදනවා.

 



අදහස් (5)

ජාතිවාදී ගැටුම් අවුළුවා දේශපාලන හතුරන් මර්දනය ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණ වෙලා

dilan Thursday, 08 March 2018 10:42 AM

මේ නම් දේශපාලන අසුචි වලක්ම වෙලා ඉවරයි.

:       0       84

Sunil Thursday, 08 March 2018 01:59 PM

අපේ අවාසනාවක මහත

:       0       19

Sunil Thursday, 08 March 2018 01:59 PM

අපේ අවාසනාවක මහත. අපිටත් මෙයා වගේම පහුගිය අවුරුදු 3 ඇතුලත මැරිලා අයෙත් උපදින්න බැරි වුනානේ.. එහෙනම් අලුත්ගම කියලා ගමකුත් තිබුණා කියල අමතක වෙන්න තිබුණා යස අගේට...

:       88       182

champikat Saturday, 10 March 2018 08:40 AM

මේ අය සිංහල ජනතාවට කිව්වේ, සිංහල ජාතිය විනාශ කරන්න ආණ්ඩුව දෙමල සහ මුස්ලිම් අය එක්ක කුමන්ත්‍රණ කරනවා කියලයි. මේවා අහලා අපේ මිනිස්සු ලේ රත් වෙලා හිටියේ. එ්කයි මෙයාලා ඡන්දේ දින්නෙත්.. එ්කයි අපේ මිනිස්සු හරි වැරදි බලන්නේ නැතුව කුපිත වුනෙත්. බලන්න මහත්තයෝ ඔය අත් වල ලේ ගෑවිලා ...

:       61       118

mahinda Monday, 12 March 2018 08:40 AM

මෙයාට එයාගේ ලොක්කා කරපුව අමතක වෙලා. අර එස්.එෆ්. සුදු කොඩි කතාව කිව්වා කියලා හිරේ දැම්මා මතකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 421 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 864 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site