(අමදෝරු අමරජීව)
රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේදි හා ආරක්ෂක සැලසුම් සකස් කිරීමේදි බුද්ධි තොරතුරු වැදගත්ම සාධකය වන බැවින් ජාතික බුද්ධි තොරතුරු පනතක් කෙටුම්පත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාවයක් මතු වී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා පැවසීය.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක ආංශික අධික්ෂණ කාරක සභාවට යොමු කරන බව ද පුංචිනිලමේ මහතා කීය.
ත්‍රිකුණාමලයේ පැවති විමධ්‍යගත අරමුදල් මගින් භාණ්ඩ බෙදාදීමේ රැස්වීමකදී මන්ත්‍රීවරයා මේ බව කීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා මෙසේ ද කීය.
"අපරාධ පිළිබද විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්යවරු දැනට විශ්‍රාම ගොස් සිටින පොලිස්පතිවරු හා ත්‍රිවිධ හමුදාපතිවරු මෙන්ම විශේෂයෙන්ම එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට දායකත්වය ලබාදුන් මේජර් ජනරාල්වරුන් ගෙන් හා සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ගෙන් සමන්විත අනු කමිටුවක් පත්කර මෙම බුද්ධි තොරතුරු පනත කෙටුම්පත් කරන්න මම යෝජනා කරනවා.
පසුගිය අප්‍රේල් 21දා පාස්කු ප්‍රහාරයේ දී ඊට පෙර සියලු තොරතුරු අනාවරණය කරගැනීමට බුද්ධි අංශ සමත්ව ඇතත් එය වාර්තා කරනවා හැර ඉන් එහාට ගිය බලයක් නොතිබීමෙන් කල් තබා හදුනා ගත් ප්‍රහාරයක් වළක්වා ගැනිමට නොහැකි වුණා. බුද්ධි තොරතුරු ක්‍රියාදාමය පොලිසිය හා ත්‍රිවිධ හමුදාව වෙන් වෙන්ව සිදුකරනවා. නමුත් බුද්ධි තොරතුරුවල නියැලෙන නිලධාරීන් වගකීමෙන් ආරක්ෂා කිරිමේ නෛතික ප්‍රතිපාදනයක් අප රට තුළ නැහැ" යැයි කීය.
2025 දෙසැම්බර් මස 04
708
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික බුද්ධි තොරතුරු පනත් කෙටුම්පතක්
ruwanpura Saturday, 15 June 2019 10:12 AM
පරාල ඇණ ගොඩක් ඕනෙවෙයි නේද?.. මේ රටේ මිනිස්සුන්ට අතීතය අමතකද?