සිරාජ් හසීම්
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව අස්ථාවර නොවිය යුතු යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි.
දේශපාලන හේතුකාරනා මත මෙම ප්‍රධාන පක්ෂ දෙකම තනිව ආණ්ඩු සෑදීමට උත්සහා කිරීම උචිත නොවන බවත් මෙය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහායටද බලපෑමක් බවත් සුමන්තිරන් මහතා කියයි.
ජාතික ආණ්ඩුවේ කාලය මෙ මස 31වෙනිදා අවසන් වන බව පවසමින් ප්‍රධාන පක්ෂ ද්විත්වය තුළම ජාතික ආණ්ඩු පාලනය ගෙන යන්නේද නැතිද යන්න සාකච්ඡාවට භාජනය වී ඇති මෙහොතක එම කරුන සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේ සඳහන් කලහ.
"අපි අළුත් ආණ්ඩුවක් පිහිටුවීමට අතදෙනවද නැතිද කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න බැහැ.ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එකට එක්ව ජාතික ආණ්ඩුවක් වශයෙන් වර්තමනයේ ආණ්ඩුව පවත්වාගෙන යනවා.මෙය දෙමළ ජනතාව වන අපට ලැබුනු මහගු අවස්ථාවක් විදිහටයි මම දකින්නෙ.
දීර්ඝ කාලයක සිට පැවත එන උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථීර විසදුම් ලැබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වෙනුවෙන් අපි ගමන් කර සිටිනවා.ඒ ගමනෙන් හරි අඩක්ම මේ වනවිට පැමිණ තිබෙනවා.එම අරමුණ කරා යාමට නම් ජාතික ආණ්ඩුව ශක්තිමත් විය යුතුයි.එම අරමුණ ජයගෙන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකර දී අනෙකුත් ජාතීන්වලටද සමාන අයිතිවාසිකම් දිනාදීම අපේ උත්සහායයි.
මෙනිසා දේශපාලන හේතුන් මත හෝ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වෙන්වී තනි තනිව ආණ්ඩු පාලනය කිරීමට උත්සහා කරනවාට වඩා පක්ෂ දෙකම එක්ව ජාතික ආණ්ඩු පාලනය ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි කියන එකයි අපේ අදහස.දෙමළ ජාතික සන්ධානය සිටින ස්ථාවරයත් එයයි".

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නවා මහින්දට ගියොත් ඊලම නොලැබෙන බව
මේවා කියවනවිට ඇඟේ මාළු නටනවා
පක්ෂ දෙක වෙන් වුණොත් තමන්ට පිනට ලැබුණු විපක්ෂ නායකකම නැතිවෙයි කියල බය ඇති.
ජාතික ආණ්ඩුවේ ඉන්න මැති අැමැතිවරු, අනිත් පක්ෂේ ඉන්න දේශපාලකයන්ට ඇඟිල්ල දික්කරමින් වැරදි කියමින් ඉන්නවා මිසක් රටට වැදගත් ප්‍රතිපත්තිමය තීරණ අරගෙන රට ඉදිරියට ගෙන යන බවක් නොපෙනේ. ලබන පාර්ලිමේන්තු මතිවරණයේදී මේ ගොල්ලන් කරන්නෙත් ඡන්දෙට කලින් බොරුවට එකිනෙකට චෝදනා කරගෙන අන්තිමට එකතුවෙලා ආණ්ඩුවක් හදාගෙන, මේ විකාරය දිගටම කරගෙන යන එක, දෙමළ සන්ධානයේත් බලාගෙන ඉන්නේ විපක්ෂය වෙලා වරප්‍රසාද භුක්ති විඳින ගමන් හෙමිහිට ටික ටික ඊළම පැත්තට යන්න. දැන් කලයුතු එකම දෙය ජවිපෙ ට ඡන්දය දීලා අඩුම තරමේ විපක්ෂය ලෙස පළාත් පාලන ආයතන, පළාත්සභා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව සලසලා දීම... එතකොට රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න කවුරුහරි ඉන්නවා.
එජාපෙ හිටපු ලේකම් නිවැරදියි කියලා දැන් තමයි තේරෙන්නේ...