
(*** හිඟුරානේ නවරත්න සමරතුංග)
කොරෝනා වසංගතය නිසා රටේම ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක අමාරුවෙන් ජීවත් වන අම්පාරේ ගොවි ජනතාවට පොහොර ටික ලබාදෙන්න මේ ආණ්ඩුව අසමත් වී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඉකුත්29 වැනිදා අම්පාරේ දී පැවසීය.
අවස්ථාවාදී දේශපාලනය කරනවා නම්, පාර්ලිමේන්තුවට යන්න කෑදරකම් තිබුණා නම් සමගි ජන බලවේගයට යන්න තිබුණ බවත් එවිට මහ මැතිවරණයේ දී ලෙහෙසියෙන්ම ආසනයක් ගන්න තිබු නමුත් එසේ නොකළේ දැවැන්ත පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා බවත් එජාප නියෝජ්‍ය නායකවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කිරීමේ ඉදිරි ජාතික වැඩ පිළිවෙළ සකස් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් පක්ෂ ක්‍රියාකාරීන් හමුවී අදහස් යෝජනා ගැනීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි වීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.
පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමට සහභාගි වීමට පෙර අම්පාර නගරයේ ඩී.එස්. සේනානායක පිළිරුවට සහ එහි දෙපස ඇති ඩෙන්සිල් කොබ්බෑකඩුව, අනගාරික ධර්මපාල පිළිරූවලට නියෝජ්‍ය නායකවරයා ඇතුළු පිරිස පුෂ්පෝපහාර දැක් වූහ.
එක්ව ඉදිරියට එක්ව ගමනක්’ තේමාව යටතේ අම්පාර දයා ඇපරල් ආයතනයේ පැවති රැස්වීම අමතා තවදුරටත් අදහස් දැක්වූ එජාප’නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය.
ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල රණසිංහ ප්‍රේමදාස ජේ.ආර්. ජයවර්ධන, ඩී.බී. විජේතුංග මෙන්ම වත්මන් රනිල් වික්‍රමසිංහ වැනි ඉතාම හොඳ දැවැන්ත නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට ගියා.
රටට විශාල සේවයක් මේ පක්ෂය කළා. ආර්ථික හා කෘෂිකාර්මික වශයෙන් විශාල දියුණුවක් ඇති කළ පක්ෂය නිකම් විනාශ වෙන්න ඉඩ දෙන්න බැහැ.
ඒක අපි ආරක්ෂා කර ගන්න ඕනෑ. එදා හිටපු නායකයන් ගැන තමුන්නාන්සෙලා දන්නවා. තමන්ගේ දේපළ ජනතාවට කැප කර තමයි ඒ අය වැඩකටයුතු කෙරුවේ.
ඩඩ්ලි සේනානානයක මැතිතුමා නැති වෙනකොට එතුමාගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් හාරසීයයි. තමන්‍් ගේ ඉඩම් ටික රටට පූජා කළා. තමන්ගේ ධනය ජනතාවට පූජා කෙරුවා. එවැනි දැවැන්ත නායකවරුන් තමයි එදා හිටියේ.
වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ එවැනි නායකයන් හොයාගන්නත් නෑ. අද රටේ සම්පත් සූරාකන තමන්ගේ සාක්කු පුරවන දේශපාලනඥයින් ඉන්නවා.. එහෙම්නම් ආපසු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඩඩ්ලි සේනානායක වැනි නායකයන්ගේ දේශපාලන සංස්කෘතියට ආපසු යන්නට ඕනෑ.
ස්වාධීන කොමිෂන් ටික ගත්තොත් ස්වාධීනත්වය නෑ. රටේ නායකයන්ට ඕනෑ විදියට තමයි කොමිෂන්වලට කට්ටිය පුරවන් නේ. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ස්වාධීන මාධ්‍යයක් නෑ. එහෙම නම් මිත්‍රවරුණී කොහොමද රට ඉදිරියට යන්නේ?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා
මේ ආණ්ඩුව නැවත ගැසට් ගහනවා. මේගොල්ලන්ට කරන්න තිබෙන එකම වැඩේ ගැසට් ගැහිල්ල. අවුරුද්දක් තිස්සේ ගෝඨාභය ගැසට්ම ගැහුවා. ඉඩම් ටික ප්‍රාදේශීය ලේකම්ලා යටතට ගත්තා.
ස්වාධීන කොමිෂන් සභා සියල්ල සංශෝධනය කළා. දැන් රජයේ සේවකයා කුක්කා වගේ රාජපක්ෂලාට වැඩ කළ යුතුව තිබෙනවා. වහලෙක් වගේ වෙලා තියෙනවා. දැන් ප්‍රාදේශීය ලේකම්ලාට කරන්න දෙයක් නෑ. අකමැත්තෙන් වුණත් මේවා කරන්න සිද්ධ වෙලා. ඒනිසා පරිසරය විනාශ කරමින් බඩ ඉරිඟු වවන්න අක්කර දහස් ගණන් ආණ්ඩුව කොම්පැනිවලට දීගෙන යනවා.
එක්සත් ජාතික පක්ෂ ලක් වනිතා සභාපතිනී හිටපු නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය රැස්වීම සංවිධානය කර තබුණ අතර එය සෞඛ්‍ය නීති පිළිපදිමින් සමාජ දුරස්ථභාවය ඇතිව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම, හිටපු පළාත් සභා මන්ත්‍රීණී ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීහු ද කතා කළ අතර මෙම අවස්ථාවට සන්දිත් සමරසිංහ, ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පෝ ඔව්. ඇයි මේ මිනිස්සු හරි වෙලාවට පෝර ටික දුන්නනේ...
දැන දැන මිනිස්සු මැරෙන්න ඇරිය ආරක්ෂක ඇමති විශිෂ්ට සම්මාන එක්ක ඉහළින්ම සමත්...
ඔවුන් කියාසිටින්නේ ඔවුන් ප්‍රධාන දේශපාලන පක්ෂ වලට අබියෝගයක් නිසා ඔවුනට කැපිලි කෙටිලි ඇති බවකි. ඔවුන් සිතන්නේ සහ කියා සිටින්නේ එසේනම් ඔවුන් පිහිටුවාගෙන තිබෙන්නාවූ පක්ෂවලින් තරග කොට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස අබියෝගය ඔවුනට ලබාදිය යුතුවේ. ඉදිරි මැතිවරණය නිවැරදිම ඔවුන් නොමැතිව එක්සත් ජාතික පක්ෂයට බලය ලබාගැනීමට හැකිවේ. ඔවුනට පක්ෂ සාදා ගැනීමට සහ එහි නායකත්වය දැරීමට හැකි නම් එම පක්ෂයෙන් තරග කොට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාවක්තිද තිබිය යුතුවේ. එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණයේදී එවැනි පුද්ගලයන්ගේ සහ යෝගය ලබගත්යුතුවන්නේ ඔවුන්ගේ පක්ෂවලින් ඔවුන් පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසුව වේ. ඔවුන්ගේ වාසියට පමණක්ම එක්සත් ජාතික පක්ෂය ප්ර්යෝජන ගැනීමට අවස්ථව නොදිය යුතුවේ. ඔවුන් එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නේ ඔවුන්ගේ පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට මිස එක්සත් ජාතික පක්ෂයට ආදරයට නොවේ. එක්සත් ජාතික පක්ෂයේ තුල නායකත්ව අර්බුද අවස්ථවන් හිදී ඔවුන් කිසිවකු නායකත්ව අර්බුද විසදීමට කිසි විටෙක මැදිහත් නොවිමෙන්ම ඔවුන්ගේ අරමුණු පැහැදිලිවේ.
මාර පාස් එක්කෙනෙක් කතා කරන්නේ...
2004 දෙසැම්බර් 26 සුනාමි අවස්ථාවේදී කැනඩියානු රජයේ විදේශ ඇමතිවරයා ප්‍රකාශකර සිටියේ සුනාමි නිසා විනාශයට පත්වූ රටවල් කැනඩාවට ඉල්ලීම් කළහොත් ඔවුන්ගේ D. A. R. T. 200ක පමණ හමුදා කණ්ඩායම ලබාදිය හැකි බවකි. බෙහෙත්, වතුර පිරිපහදුව ඇතුළු බොහෝ ක්‍රියාවන් ඔවුනට කළහැකි බව කියා සිටියේය. එම පුවත දැනගත් පසු මා දුරකතනයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියා සිටියේ එතුමා මැදිහත් වුවහොත් මේ අවස්ථවේ කැනේඩියානු සහයෝගය ලංකාවට ලබා ගත හැකි බවකි. ඉන් සතියකට පසු D. A. R. T. ලංකාවට පැමිණ රට පුරා බොහෝ කටයුතුවල දී සිටියේය. ලෝකයෙන් අපට උගත හැකි සහ ලබාගත හැකි බොහෝ දේ තිබේ අවශ්‍ය වන්නේ සුදුසුතම ලෝකයේ විශ්වාසය දිනාගත් නායකයකුගේ මදිහත් වීමක් පමණි. වර්තමාන රජයට එවැනි මැදිහත්වීමක් කිරීමට හැකියාවක් හෝ නායකයකු නොමැත...
වර්තමාන රජයට 2/3 තිබෙන නිසා මේ වනවිට 20 වන සංශෝධනය සම්මතව ඇත. එමෙන්ම වර්තමාන රජය යටතේ නව ව්‍යවස්ථාවක් පවා සම්මත කිරීමට හැකියාවක් පවතී. එයට හේතුව නම් පාර්ලිමේන්තුවට පත්ව ඇති සියලු දෙනාම රජයට විරුද්ධව කිසිසේත්ම ක්‍රියාත්මක වන්නේ නැත. එක්සත් ජාතික පක්ෂ රජයක් විසින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවාට වඩා වර්තමාන රජය තුළ සියලු නියෝජනයන් තිබෙන නිසා මෙම ලබාදී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව සොයා බැලීම වැදගත් වේ.
ලංකාදීප පුවත්පත බොහෝ අවස්ථාවලදී විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනීසිටින නිසා මැදපෙරදිග විදේශ ගතව සිටින රටවිරුවන් covid -19 නිසා පත්ව තිබෙන්නා වූ තත්වය පිළිබඳව විශේෂාංග යටතේ පුළුල් විග්‍රහයක් සහිත ලිපියක් පලකිරීමට හැකියාවක් මේ අවස්ථාවේ කළහැකි නම් වඩාත්ම සුදුසුය.
ලබන සුමානේ වෙනකොට අපි තීරණයක් ගන්නවා කවුද පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියලා. මං හිතන්නේ බහුතරයක්ම අපි කිව්වේ නායකතුමා තමයි සුදුස්සා කියලා. පාර්ලිමේන්තුවට යන්නෑ කියන ස්ථාවරයේ තමා එතුමා එදා හිටියේ. අද කොහොමද දන්නෑ, ඒක වෙනස් වෙන්නත් පුළුවන්. එතුමා යන්නැත්තං ඒත් සුදුසු පුද්ගලයෙක් අපි පාර්ලිමේන්තුවට මේ මාසෙ තුළ යවනවා. අද විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු නායකතුමාටත් අපටත් කතා කරලා කියනවා තමුන්නාන්සේලා එන්න, මෙතෙන්ට ඇවිල්ලා මොකක් හරි නායකත්වයක් දෙන්න, මොකද අද විපක්ෂයක් හැටියටත් අපි සීසීකඩ වෙලා ඉන්නේ කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. [ ඉහත සදහන් සියල්ල සත්‍ය වුවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සියල්ල ලිඛිතව ඉල්ලා සිටියත් (ඔවුන් එසේ ලිඛිතව ඉල්ලා සිටින්නේ නායක රනිල්ට යන්න කියායි. ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන නිසා සහ එකිනෙක පාර්ලිමේන්තුවට යාම වැළැක්වීම පිණිස වේ) පාක්ෂිකයින් විශේෂයෙන්ම රටේ ජනතාව රනිල් නායකතුමාගෙන් ඉල්ලා සිටින තුරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය හිස්ව තිබීම මේ අවස්ථාවේ සුදුසු වේ. එම ඉල්ලීම ජනතාව අතරින් සිංහල අවුරුදු කාලය වනවිට සිදුවනු ඇත]
ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් ඔවුන් ජීවත්වන්නේ කුමන රටක වුවද ඉන්කම් ටැක්ස් ඔවුන්ට ගෙවීමට සිදුවේ. එම නිසා ඉදිරි රජයක් පිහිටුවීමේදී බදු ක්‍රමවේදයක් ලංකාවට හඳුන්වාදීම කළ යුතුවේ. රට සංවර්ධනය කිරීමට නම් අාදායම් බදු තිබිය යුතුවේ. මේ දිනවල සමහර පුද්ගලයන් ජනතාවගේ අදහස් විමසමින් රටපුරා ගොස් එම අදහස් යොමු කර තිබේ. එවැනි වැඩසටහන් කරන්නාවූ පුද්ගලයන් විසින් රටේ ජනතාවගෙන් විමසිය යුතු කරුණක් ඇත. එමන් පළමුව සිස්ටම් චේන්ජ් එකකි. එය වෙනත් පක්ෂයක් පරදා නැවත පරණ සිටි කණඩායමට රජයක් පිහිටුවීමට අවස්ථව සලසා දීමට වැඩ ඔබ්බට ගිය එකකි. සත්‍ය වශයෙන්ම එය සැබෑ වෙනසක් විය යුතුවේ. එමනිසා ලංකාව දියුණු කිරීමට නම් ලෝකයේ වෙනත් රටවල් මෙන් බදු අය කිරීමක් කිරීමට ජනතාවගේ කැමැත්ත සොයාබැලීම මේ අවස්ථාවේ සුදුසු වේ.