IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගමේ ව්‍යාපාර දියුණුකිරීමේ ක්‍රමවේද මේ වසරේත් ක්‍රියාත්මකයි

(අංජුල මහික වීරරත්න) 

“තම ශක්තියෙන් ඉදිරියට ගොස් ලෝකයට මුහුණදීමට හැකි ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩනැගීම රජයේ අරමුණ බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 

“ගමේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද මේ වසරේදීත් විධිමත් අයුරින් ක්‍රියාත්මක කරන්නේ යැයි” ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ව්‍යවසාය - 2018 ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි. 

කොළඹ - බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනය පැවැත්විණි. 
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය. 

“රටේ සුළු ව්‍යාපාර වර්ධනය වීමත් සමගම අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒ නිසා අප බලාපොරොත්තු වන්නේ සුළු හා මධ්‍යම මට්ටමේ ව්‍යාපාරිකයින් ශක්තිමත් කර දියුණු කිරීමටයි. අලුතින් ව්‍යාපාරිකයන් බවට පත් වූ අය මෙන්ම කාලයක් තිස්සේ සුළු ව්‍යාපාරිකයින් වශයෙන් කටයුතු කළ අයත්, මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් වශයෙන් කටයුතු කළ අයත් ඇතුළු කණ්ඩායම් දෙකම ප්‍රදර්ශනය නියෝජනය කරනවා. සියලු දෙනාම සාර්ථකත්වය ළඟා කර ගත් අය බව කිව යුතුයි.  

එමෙන්ම මෙවැනි සුළු ව්‍යාපාරිකයින් රැසක් ග්‍රාමීය ප්‍රදේශවල ද සිටිනවා. අපේ ප්‍රධාන අරමුණ වන්නේ මේ ව්‍යාපාරවලට අත හිත දීමයි. ව්‍යාපාර තව තවත් දියුණු කිරීමට අවශ්‍ය පූර්ණ සහාය දිය යුතුයි. 
රටේ ශක්තිය වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයිනුයි. ඔවුන් විදේශකයින් නොවෙයි. අපේම අයයි. ඒ නිසා අපේ බැංකුවල සම්පත් මේ කණ්ඩායම්වලට දිය යුතුයි. නමුත් අවාසනාවකට දෝ බලාපොරොත්තු වූ අන්දමට මේ අයට බැංකුවලින් මුදල් දීම වී නැහැ. 

ඒ නිසා මේ අවුරුද්දේත්, ඉදිරි වර්ෂවලදීත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බැංකුවලින් කඩිනමින් ණය දීමට අප කටයුතු කරනවා.

මූල්‍ය පහසුකම් දෙනවා පමණක් නොව ඒ ප්‍රමාණ වැඩි කිරීමටත් උපදේශක සේවා දීමටත් කටයුතු යොදන බව ප්‍රකාශ කිරීමට කැමැතියි. මෙහි සිටින ඇතැම් ව්‍යාපාරිකයන් තමන්ගේ නිෂ්පාදන හා නිර්මාණ වෙනස් කිරීම තුළින් අලෙවිය හා ආදායම වැඩිකර ගන්නවා. 

විදේශ රටවලට ගොස් ව්‍යාපාර කටයුතු අධ්‍යයනය කරන්න, විදේශ ව්‍යවසායකයින් මගින් දේශීය ව්‍යවසායකයින් පුහුණු කරන්න, දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරිකයන් හට අලෙවි පහසුකම් දීමටත් අප කැපවී සිටිනවා. 
ව්‍යාපෘති කළමනාකරණ අමාත්‍යංශ, ආර්ථික කටයුතු අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය ඒකාබද්ධව ඒ වැඩසටහන ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. 

අපට අවශ්‍ය වන්නේ තමන්ගේ ශක්තියෙන් ඉදිරියට යාමට, ලෝකයට මුහුණ දිය හැකි ව්‍යාපාරිකයන් පිරිස ගොඩ නැගීමටයි.

මෙහි සිටින ඇතැම් ව්‍යාපාරිකයන් දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ජයග්‍රහණ අත් කරගෙන සිටිනවා. ලෝක වෙළෙඳ පොළට ද ප්‍රවිශ්ඨ වී සිටිනවා. අනෙකුත් ව්‍යාපාරිකයන්ද ලෝක වෙළෙඳපොළ ජය ගැනීම සඳහා අපෙන් ආධාර උපකාර ඉල්ලුවා. මා ඒ පිළිබඳව ඉතා සතුටට පත් වෙනවා. ඒ අයට උදව් කරන්න කැමැත්තෙන් සිටිනවා. 

අපට අවශ්‍යව ඇත්තේ, ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගන්නා ලොකු-කුඩා භේදයකින් තොර ව්‍යාපාරික ප්‍රජාව බිහි කිරීමයි. 

ගමේ ව්‍යාපාර ආරම්භ කිරීම තුළින්, ගම දියුණු වෙනවා. ආර්ථික වශයෙන් ගමේ පුද්ගලයන් ශක්තිමත් වෙනවා. තරුණ තරුණියනට රැකියා අවස්ථා බිහි වෙනවා. මේ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ක්‍රමවේද වඩාත් විධිමත්ව මේ වසර තුළදීත් ඉදිරියේදීත් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දෙමින් මේ ප්‍රදර්ශනය සඳහා සහාය දුන් සැමට ස්තූති කරනවා යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

යෞවන කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (1)

ගමේ ව්‍යාපාර දියුණුකිරීමේ ක්‍රමවේද මේ වසරේත් ක්‍රියාත්මකයි

Raveendra Tuesday, 03 April 2018 08:29 AM

රටේ ප්‍රදානම මුල්‍ය අයාතනයට හතර ගාතේ වැටෙන්න දුන්න, ගමත් විනාශ කරන්න තමා මේ අර අදින්නේ

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site