IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ගෝඨාභයට කටකතා ගැටලුවක් නෙවෙයි’

(නාලක සංජීව දහනායක)
 
අලුතින් පත්වන ජනාධිපතිවරයාට බලයක් නැති බවට කතාවක් පැතිර ගියත්, ගෝඨාභය රාජපක්‍ෂ වැනි දක්‍ෂයකුට වැඩ කිරීමට එය එතරම් ගැටලුවක් නොවන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (4) පැවැසීය.
 
ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔහු රටට කළ සේවය දෙස බැලූවිට ජනාධිපතිධූරයට පත්වූවිට වැඩ කරන ආකාරය සියල්ලන්ටම බලාගත හැකි වනු ඇතැයිද ඔහු කීය.
 
විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය. 
 
“මීළඟට පත්වන ජනාධිපතිවරයට බලයක් නැහැ කියල දැන් කතාවක් පැතිරෙනවා. ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කළ වැඩ කොටස දෙස බැලූවිට ඔහු ජනාධිපතිවුවහොත් රටට වැඩකරන ආකාරය බලාගන්න පුළුවන්.
 
දේශපාලනයේ නායකයෝ  ඕනතරම් ඉන්නවා. අද අපිට අවශ්‍යවෙලා තියෙන්නේ මේ රටට වැඩ කරන්නයි. අපි මේ අපේක්‍ෂකයාගෙන බලාපොරොත්තුවෙන්නේ නිවරදි නායකත්වයක් යටතේ රට ඉදිරියට ගෙන යන්නයි. ඔහු වැඩකරල පෙන්නපු නායකයෙක් නිසා ජනාධිපතිතනතුරට පත්වෙලත් ඔහු වැඩ කරාවි කියලා අපි බළාපොරොත්තු වෙනවා. රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව මෙය බැවින් ඔබ මේ මැතිවරණයේදී එකතුවෙලා වැඩ කළ යුතුයි” විපක්‍ෂනායකවරයා කීය.
 
කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (4) පැවැති කුඩා තේවතු, රබර් වගාකරුවන්, කිරි ගොවීන් හා සුළු අපනයන භෝග ගොවි සංවිධාන නියෝජිත  සමුළුවට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සදහන් කළේය.



අදහස් (2)

‘ගෝඨාභයට කටකතා ගැටලුවක් නෙවෙයි’

Nandalal DE SILVA - France Wednesday, 04 September 2019 12:45 PM

හිටපු ලොක්කට වයර් මාරුවෙලා වගේ පේනවා..! [" ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කළ වැඩ කොටස දෙස බැලූවිට ඔහු ජනාධිපති වුවහොත්.....] ඉතින් හලෝ මෙතරම් විශාල මුදලක් වැයකරලා ජනාධිපතිවරණයට පවත්වන්නේ මොන කෙන්ගෙඩියකටද? ඔය දැන් ඉන්න ආරක්‍ෂක ලේකම්වරයාට රටේ තියෙන ලොකුම පුටුව භාරදීලා ඒ ජොබ් එකත් කරන්න කියන්නකෝ...? වැඩේ සිම්පල්නේ...! මැදමුලන ලොක්කට ඇත්තක් කියැවුණා. කොහොම වුණත්..එනම් : "ඔහු ජනාධිපති වුවහොත්.." අයියාට, මල්ලිගේ අනාගතය ගැන ෂුවර් නැහැ.. වගෙයි.

:       57       3

vidya Wednesday, 04 September 2019 07:40 PM

ඇමරිකන් පුරවැසියෙක් විදිහට ඉන්නකොට ඡන්දෙ දැම්මේ කොහොමද කියලා හොයලා බැලුවොත් හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17749 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site