(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වුවහොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ දේශපාලන පක්ෂ යටපත් වී රට තුළ හමුදා පාලනයක් ක්රියාත්මක වීමේ සැලසුමක් ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (13) පැවසීය.
මෙම තත්වය පරාජය කිරිම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ නිදහසට කැමති සියලූම දෙනා එක කඳවුරක් නිර්මාණය කර ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කොල්ලූපිටියේ පිහිටි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද කීය.
‘‘රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු කිහිපයක් අධිකරණයේ විභාග වෙමින් තිබෙනවා. එහෙම තිබියදී ගෝඨාභය නිදහස් කියලා අගක් මුලක් නැති මාධ්‍ය වාර්තා පළවෙනවා.
මහාධිකරණය ඉදිරිපිට අධිචෝදනා ගණනනාවකට ලක් වෙච්ච පුද්ගලයෙක් තමයි මෙවර ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙවැනි පුද්ගලයකුට මුළු රටම පාලනය කිරීමේ වගකීම බාරදීම කොච්චර යෝග්‍යයි ද කියන ගැටලූව දැන් මතුව තිබෙනවා.
වැදගත්, ගුණවත්, අපරාධ චෝදනා නැති පුද්ගලයන්ව අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න පොහොට්ටුවට හැකියාව තිබෙනවා. නමුත් අවාසනාවකට ඔවුන් තෝර ගන්නෙම මෙවැනි නපුරු නරක ඉතිහාසයක් තියෙන බරපතල අපරාධ චෝදනාවලට ලක්වෙලා තියෙන පුද්ගලයෙක්. ඒ ගැනත් මේ රටේ පුරවැසියන් කල්පනා කළ යුතුයි.
ලෝකයේ වෙනත් රටකනම් කොච්චරම ජනප‍්‍රිය වුනත් ජ්‍යෙෂ්ඨ දේශපපාලඥයෙක් වුණත් බරපතල චෝදනා වලට ලක්වෙලා තියෙනවා නම් තාවකාලිකව දේශපාලනයෙන් ඉවත්වෙලා වෙනත් අයකුට ඒ අවස්ථාවන් ලබා දෙනවා. මේ තත්වය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් සදාචාරයටත් ඉතාම බරපතල තතත්වයක්.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් ඔහුගේ බිරිය, ඔහුගේ පුතා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ඉල්ලීමක් කරලා නැහැ. ඒ වගේම ඔහුගේ දේපල තියෙන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ යි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉඩදීම පිළිබඳ ලේඛනයක මුළු පිටපතක් තවම කවුරුවත් දැකලා නැහැ. ඔහුට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට හැකිවූණා යැයි කියා අපි උපකල්පනය කළත් ඇමෙරිකානු නීතිය අනුව ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් තැනැත්තෙක් පවා වසර ගණනනාවක් යනතුරු ඇමරිකාව හා සම්බන්ධ බැදීම් වලට යටත් වෙනවා.
සමහරු හිතන්න පුළුවන් අපේ රටේ දේශපාලඥයන් තමන්ගේ වගකීම් ඉටුකිරීමේදී අසාර්ථක වී තිබිම නිසා හමුදා පාලනයක් ආවොත් හොදයි කියලා. හමුදා ප‍්‍රලනයක රහවින්ද කිසිම රටක එය අගය කිරීමට ලක් වෙලා නැහැ. ඒ හැම රටකම ජනතාවගේ මානව නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස යටපත්ව තිබෙනවා’’ යැයිද ඔහු එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලුවාම මේ ගොයියා හෙන සාස්තර "කාරයෙක්නේ". අහිංසක මිනිසුන්ගේ බදුමුදල්වලින් තුන් වේල "පිනට" ගිලින මේ බෝබිලා අනිකාගේ රෙදි හෝදන්න කාලය හොයාගත්තේ කොහොමද? මිනිසුන්ට සේවය කරන්න නේද ඔතැනට ආවේ? ඉතින් එකඑකාගේ වැඩ ගැන කතාකරන්න එකඑකාගේ ශරීරවලින් පිටකරන වසුරු ගොඩවල්වල තියෙන ඇසට නොපෙනෙන කොකුපණු බිත්තර මොකටද අපට...? එ් මිනිහ හමුදා නොවේ මොනපාලනයක් කරත් ඔයාට මොකටද? එහෙම මෙතෙක් කල් අවංක වුණාද? ලැජ්ජයි ලැජ්ජයි?
මෙතුමා කල්පනා කරන්න ඕනෑ ඇයි තමන්ගේ අගමැති පක්ෂයවත් ජනප්‍රිය නැත්තේ කියලා. දෙවැනි පෙළ නායකයින්ට සාපෙළ වත් නැත්තේ ඇයි කියලා... ගෝඨාභය රට වෙනුවෙන් ඉදිරියෙන්ම සටන් කළ කෙනෙක්, ඔහු හමුදාවෙන් දෙන ප්‍රධානතම සම්මාන දිනාගෙන තියෙන්නේ එජාප ආණ්ඩු කාලවලදියි. විශ්‍රාම ගියේ කොතලාවල ආරක්ෂක විද්‍යාලය භාර නිලධාරියා විදියට. පසුව ත්‍රිවිධ හමුදාවටම නායකත්වය දීපු කෙනෙක්... ඔහු කළ කාර්ය භාරය නිසා ඔහු දේශපාලකයින්ට වඩා ජනප්‍රිය වුණුකෙනෙක්...
ගෝඨාභය බලයට ආවොත් රටේ හමුදා පාලනයක් ක්රියාත්මක වීමේ සැලසුමක් තියෙනවාලු. අම්මට සිරි කොච්චර හොඳද?
ගෝඨාභය වැනි අයෙක් රටට අවශ්‍යම කාලයක් දැන් ඇවිත් තියෙන්නේ. ඔහු මේ රට බාරගත්තොත් අපට මේ රටේදී අපේ අනාගතය ගැන සුබවාදීව බලන්න පුළුවන් වෙයි. !!
2015 කිව්ව සත්‍ය වදන් තාමත් කනේ දෝංකාරය දෙනවා. අපි පළිද? එ්වා හරිගියේ නැතිවට. කනට කිසිම නිදහසක් නැහැ. කොයි වෙලාවෙත් අඬනවා. නිකමුන්ට සල්ලි. ඉඩම්, ගෙවල් නිකං දීලා රට දියුණු කරන සජිත්ව ජනාධිපති කරගන්න.
කවුද ඔයාට කිව්වේ.... හරීන්ගේ තාත්තද?
අනුන්ට සාත්තර කියන සාත්තරකාරයෙක් නගරයේ සාත්තර කියන අතරේ පණිවිඩයක් ආවලු ඔහුගේ ගේ ගිනිඅරන් කියලා. අනුන්ට සාත්තර කිව්වට තමුන්ගේ ගැන කියන්න දන්නේ නැති බව එතැනින් එළිවුනාලු. මේ අපේ පරණ ජන කතාවක්. ඒ වගේ මෙයා මෙහෙ ගෝඨා ගැන සාත්තර කියන අතරේ මෙයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්න කියලා යූ.එන්.පී විනය කමිටුව නිර්දේශ කරබව පත්තරේ යනවා. ඒ ගින්න ගැන බැලුවොත් හොඳයි නේද ෆුට් නෝට් ඇමතිතුමෝ...!!!
ගෝඨාභය සජිත්ට වඩා පළපුරුදු උගත් යමක් කළහැකි නායකයෙක් බව නම් කිවයුතුය. ගෙවල් හැදුවට රට පාලනය කරන්න පුළුවන් කියලද හිතා ඉන්නේ? 2001-2004 සජිත්ට රනිල් දුන්නු උප ඇමතිකම දැරීම 2015 ට පසු ගෙවල් හැදීම 2001 උප ඇමති කම ලැබුණු දා පටන් ජනපති පුතා නිසා පක්ෂේ බලය දිය යුතුයි කියලා පිරිසක් විසින් ඔහුව මෙහෙයවීම නිසා රනිල් එලවන්න ගල් මුල් ගැසීම දැන් ජනපති අපේක්ෂකයා කියාගන චන්ඩියෙක් නොහොත් චණ්ඩාලයෙක් වෙලා ලැබූ පළපුරුද්ද රට පාලනය කරන්න සෑහෙයිද? චණ්ඩාලයා කියන්නේ පහත් වැඩ කරන කෙනෙක් කියන එකයි. පහත් වැඩ කියන්නේ තමා ක්‍රියාත්මක වන සමාජයක සමාගමක තියක හෝ පක්ෂයක යනාදියක විනය නොතකා හිතුමතේ තම සිතැඟි ඉටුකර ගන්න ක්‍රියාකර තමන් හරියයි වහසිබස් කියමින් කළ වරද යට ගැසීමයි. මෝඩයන් රැවටුණාට හැමෝම මෝඩයන් නොවන බව දතයුතුයි. බුද්ධිමත් අය මෙවැනි අයට රට බාර දෙන්නේ නැහැ. රනිල් කියන්නේ නීතිය ගැන ආචාර්ය උපාධිධාරී හැකියාව පලපුරුද්ද රාජ්‍යතන්ත්‍ර ඥානය වගේම එක ෆෝන් කෝල් එකකින් ලෝකේ ඕන බලවත් රාජ්‍ය නායකයෙකු මෙහෙයවිය හැකි ලංකාවේ ඉන්න එකම නායකයා වන පරිපුර්ණ රාජ්‍ය නායකයෙක්. සජිත් ඇතුළු මේ බහුබුතයෝ රනිල්ගේ අහලකින්වත් තිබිය නොහැකිය.
අනිවාර්යෙන් එහෙම පාලනයක් මේ රටට ඕනෑ. හමුදාව හිරේ දැම්මා. විශ්‍රාම වැටුප ගසාකාපු අමනයින්ට නිසි දඬුවම් දෙන්න ඕනෑ.
මේ රට ගොඩනගන්න.. අඩුතරමේ, අවුරුදු තුනක්වත් හමුදාපාළනයක් අවශ්‍යයි.
මහත්තයෝ එන කෙනා වැඩක් නැහැ. කොහොම හරි වැඩේ කරන්නයි ඕනේ. නිකන් වල්පල් කියවන්නේ නැතුව රටට දැනෙන මොකුත් කරන්න මේ ටිකේවත්...
කටින් කතා කිරීමට දන්නා අය පමණක් පාර්ලිමේන්තුවට ඇතුළත් කර ගත යුතු බව මේ වගන්තියෙන් පෙනෙනවා.
යකෝ එ්කාධිපති පාලනයක් තමයි ලංකාවට ගැලපෙන්නේ.., උම්බෑ කියන ප්‍රජාතන්ත්‍ර පාලනයක් කොහෙද ලංකාවේ තියෙන්නේ? දුප්පතුන්ට වෙලා තියන සැප මොනවද?
අපට ඕන ඒකාධිපතියෙක් තමයි, හොරුන්ව හිරේ යවන්න.