IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


’කොළඹ කැළි කසළ වලින් තුනෙන් දෙකක්ම පලකට ඇති වැඩට ගන්නවා’

(අංජුල මහික වීරරත්න)

‘‘අද අපේ රටේ සුරාව, සූදුව, අනාචාරය වැඩි වෙලා ගුණය ගැන තැකීම අඩුවෙලා. රට සදාචාරවත් කිරීම සඳහා ක‍්‍රමානුකූලව වඩාත් සංවිධානාත්මකව කටයුතු නොකළොත් රටේ තත්ත්වය වඩාත් භයානක වේවි යැයි’’ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර නිකායේ උත්තරීතර මහා නාහිමියෝ පැවැසූහ.

‘‘රජය විවිධ නීති රීති අනුමත කර රට සදාචාරවත් කිරීමට මහා ධෛර්යයක් ගන්නා බව කී මහා නාහිමියෝ, රට සදාචාර සම්පන්න කිරීම සඳහා මීටත් වඩා උනන්දුවෙන් ක‍්‍රියා කරතොත් එය මහා පිනක් යැයි’’ ද ප‍්‍රකාශ කළහ.

කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ මේ බව පැවැසුයේ බොරැල්ල - ලෙස්ලි රණගල මාවතේ, බෝසෙත ධම්ම නිකේතන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ වෙහෙර වහන්සේ සහිත විහාර සංකීර්ණය විවෘත කිරීමේ පුණ්‍යත්සවයේදීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පුණ්‍යෝත්සවය පැවැත්විණි.

විහාරස්ථ අභිනව ධාතු මන්දිරයට ප‍්‍රථම පුෂ්පෝපහාර පූජාව පැවැත්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණි.

එහිදී කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ මෙසේද පැවැසූහ.

‘‘විහාරාධිපති හිමියන් කලක සිට මා හොඳින් දන්නවා. විහාරය මෙබඳු තත්ත්වයකට කෙසේ ගෙනාවාදැයි මම පුදුම වුණා. වනාතමුල්ල යනු එදා හොඳ නමක් තිබූ තැනක් නොවෙයි. ඒත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා.

දරුවන් ඉගෙනගෙන ආගමික වතාවත් කරමින් හොඳින් ඉන්නවා. විහාරාධිපති හිමියන් ඇතුළු සෙසු සංඝයා වහන්සේ ඒ සඳහා මූලික මෙහෙවරක් කරනවා.

අප කොතරම් අධ්‍යාපනය ලැබුවත් සදාචාරවත් වූයේ නැතිනම් රටක් ගොඩනැගෙන්නේ නැහැ. උගත්කම හා බුද්ධිමත්කම කියන්නේ දෙකකටයි. දරුවන්ට උසස් අධ්‍යාපනයක් දෙන්න මව්පියන් වෙහෙසෙනවා. ඒත් සදාචාර අධ්‍යාපනයක් නොලැබීම විශාල ප‍්‍රශ්නයක් වෙලා.

අද සමාජයේ හොඳ නරක යන පිළිගැනීම අඩුවෙලා. ජනතාව නොමගට යන්න සාපරාධී ක‍්‍රියාවල හොඳ නරක තේරෙන්නේ නැතිව යනවා. සදාචාරය නැතිව රටකට ඉදිරියට යන්න හැකියාවක් නැහැ.

අද රටේ සුරාව, සූදුව අනාචාරය වැඩි වී තිබෙනවා. ගුණය ගැන තැකීම අඩුවෙලා. ඔබතුමන්ලා විවිධ නීති රීති අනුමත කර රට සදාචාරවත් කිරීමට මහා ධෛර්යයක් ගන්නවා. ඒ නිසා මේ සඳහා ක‍්‍රමානුකූලව වඩාත් සංවිධානාත්මකව කටයුතු නොකළොත් රටේ තත්ත්වය වඩාත් භයානක වේවි.

විදේශීය රට - රාජ්‍යවලින් එන විවිධාකාර දේවල් අපේ දරුවන්ට පෙනෙන්න දකින්න තිබෙනවා. ඒ වගේම දැන් ෆේස්බුක් කියන ඒවායින් සමාජය බොහොම නොමඟට ගෙනයන දේවල් වැඩිවෙලා.

ඒ නිසා අප මහා සංඝරත්නය වශයෙනුත් ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ රට සදාචාර සම්පන්න බවට පත් කර ගැනීම සඳහා තව තවත් මීට වඩා උනන්දුවෙන් ක‍්‍රියා කරතොත් ඒක මහා පිනක් බවයි’’.

මහා නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා -

මේ විහාරය මුල සිටම ගොඩනැගුණ ආකාරය මට මතකයි. ගොඩනැගිලි අතින් නොව පිරිස් ශක්තියෙනුත් පන්සල දියුණු වෙමින් තිබෙනවා.

කොළඹ නගරයේ වතු ආශ‍්‍රිත ලිපිනයන් අප වෙනස් කරනවා. මේ ජනතාව වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදි කෙරෙනවා. අද කොළඹ නගරය ආසියාවේ වැඩිම දොඹකර ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වන නගරයයි. ඒ කාර්යයේදී ජනතාව ආධ්‍යත්මික අංශයෙන්ද සවිමත් විය යුතුයි.

අතීත කුල ක‍්‍රමය ඉක්මනින් වෙනස් කර ප‍්‍රදේශයේ දරුවන්ද වෛද්‍ය, ඉංජිනේරු ආදී රැකියා සඳහා යායුතුයි.

කොළඹ නගරයේ කසළ ප‍්‍රශ්නයට අප විසදුම් දෙමින් සිටිනවා. කොළඹ නගරයේ ඩෙංගු නිසා මියගොස් ඇත්තේ තිදෙනකු පමණයි. කොළඹ නගරයේ කසළවලින් තුනෙන් දෙකක් ප‍්‍රයෝජනවත් කටයුතු වෙනුවෙන් වැය කරනවා.

කොළඹ ගොඩනැගිලිවලින් මෙන්ම ආධ්‍යාත්මික අතිනුත් ශක්තිමත් කරන්න හැකි වේවායි මා ප‍්‍රාර්ථනා කරනවා’’.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා -

‘‘මේ විහාරය සියලූම විහාර අංගවලින් සමන්විතයි. වනාතමුල්ල එදා ප‍්‍රශ්න රාශියක් තිබූ ප‍්‍රදේශයක් වූවා. අපේ ඔළුවේ තිබෙන්නේ අඳුරු මතකයයි.

විහාරාධිපති හිමියන් ජනතාව ඒකරාශී කරගනිමින් සමාජය යහමගට ගෙනයාම සඳහා විශාල වෙහෙසක් ගන්නවා. වනාතමුල්ල පැහැපත් කිරීමට මේ බෝ සෙත විහාරස්ථානය ඉවහල්වෙලා’’.

විහාරාධිපති පයින්ඩ කුලමේ ධම්ම සෝබන හිමි

භික්ෂුව භික්ෂුවගේ කාර්ය භාරය හරියට තේරුම් ගත්තා නම් උන්වහන්සේට ශාසන දොර විවර වෙනවා.

විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව මෙහි පන්සලක් ඉදිකරන ලෙස ජනතාව ඉල්ලූවා. ඇවිත් බලන විට පන්සලක් හදන්න නොව කොහිල හිටවන්න සුදුසු බිමක් මෙහි තිබුණා. ඒත් දැන් මෙහි අපූරු පන්සලක් ඉදිවෙලා.

ආධාර පත්තර නොගසා, පින්කැට නොතබා අහිංසක ජනතාවගේ උපකාරයෙන් මේ පිංබිම ගොඩනැගුණා. මේ විහාරයට නම තැබුවේ අරිසෙන් අහුබුදු සූශූරීන්.

වනාතමුල්ල යනු කොළඹ මුළු ගැන්වුණ එක කොටසක්. වනාතමුල්ලේ අහිංසක දරු පැටවුන් සමාජයට ඔසවා තැබීම සඳහා අප කටයුතු කරනවා.

භික්ෂූන්ගේ අරමුණ නිවනයි. නිවනින් මෙපිට අහිංසක ජනතාව වෙනුවෙන් අප දැන් මෙහෙවරක් කරමින් සිටිනවා’’.

මේ අවස්ථාවට මහා සංඝරත්නය ද බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු ද සහභාගී වූහ.        



අදහස් (1)

’කොළඹ කැළි කසළ වලින් තුනෙන් දෙකක්ම පලකට ඇති වැඩට ගන්නවා’

hewawithara Wednesday, 02 August 2017 02:04 AM

එහෙනම් මොකටද තවත් මත්පැන් නිෂ්පාදන කරන්න අවසර දෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site