
( +++ කැලණිය ලාල් එස්. කුමාර)
කිසිම පක්ෂයක් එම පක්ෂයේ නායකයාගේ බූදලයක් වෙන්න බැහැනේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දීර්ඝ කාලයක් මේ රටේ නායකත්වය දැරූ ප්‍රබල දේශපාලන පක්ෂයක්. ඒ පක්ෂය ඇතුළේ කවුරුහරි පිස්සු නටනවා නම් එය මේ රටේ ජන ජීවිතයට බලපානවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
කැලණියේ පිහිටි එජාප කාර්යාලයේදී ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත ඊයේ (30) එසේ කීවේය.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමන් ඉවත් කිරීම පිළිබඳව ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරන බව මට තවම දන්වලා නැහැ. මාධ්‍ය මගින් තමයි මම එය දැනගත්තේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න අය එළියට දාන්නයි ඒ වගේම තමන්ට ඕන අය ඇතුළට දාගන්නයි කරන්න ගියොත් ඒ දේශපාලන පක්ෂයට ගෞරවයක් නොලැබීමක් හැටියටයි මා දකින්නේ.
තනිවම නාම ලේඛන හදල හරියන්නේ නැහැ. පක්ෂයක ක්‍රමවේදයක් තිබෙනවා. ඊළඟ අවුරුද්දේ වෙනස් වෙනවා නම් සාධාරණ හේතු තිබිය යුතුයි.
පක්ෂය නායකයාගේ බූදලයක් නොවිය යුතුයි. කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කිරීම තනි පුද්ගලයකුට කරන්න බැහැ. ඒකට කමිටුවක් තිබෙනවා. වර්ෂය අවසානයේ එම කමිටුවට ගන්නවා ද නැද්ද ඉවත් කරනවාද කියල එම කමිටුව තමයි තීරණය කළ යුත්තේ.
සභාපති, උපනායක දන්නෙත් නැතුව කරන්න බැහැ. අපේ දිස්ත්‍රික්කයේ පක්ෂයේ බොහෝ දෙනා කියන්නේ පක්ෂයේ වර්තමාන නායකත්වයේ වෙනසක් නැත්නම් ඒ ගොල්ලන් පක්ෂයට ඡන්දය දෙන්නේ නැහැ කියලා යැයි ෆොන්සේකා මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙද්දක් ඇඳලද කතා කරන්නේ? පොරවෙලා තමුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඡන්දෙට ඉල්ලා කෙළවුණාම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගත්තේ කවුද? ඒ වගේම තමුන්ගේ පක්ෂේ බිරිඳ අනොම්ට දීලා දැන් එජාප නායකයා ගැන කියන්න එනවා.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනත් පක්ෂයකින් තනිවම තරඟකළ සරත් ෆොන්සේකා ලබා ගත්තේ මනාප 5000ක් පමණි. එසේ තිබියදී ඔහු එක්සත් ජාතික පක්ෂයට ගෙන ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදී කැබිනට් ඇමැති ධුරයකටද පත් කළේය. සජිත් ආරක්ෂක ඇමතිකම දෙනවා කියපු දවසේ කරණමක් ගසා රෙදි අපුල්ලන්න ගත්තා. ඔහු පසුගිය රජය උතුරට පමණක් ගම්පෙරළිය කියා මුදල් දුන්නා යැයි අසත්‍ය ප්‍රකාශ කළේය. සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කිරීමට හේතු වී ඇත්තේ එයයි.
දේශපාලනය කරනවානම් තමුන්ම පක්ෂයක් හදාගෙන දේශපාලයන කරනවානම් තමයි ෆොන්සෝකාට ගැළපෙන්නේ. හේතුව 2010 පොදු අපේක්ෂකයා වෙලා එජාපයේ සහයෝයෙන් ඡන්දේ ඉල්ලලා පැරදුනා.පසුව මහ ඡන්දෙට ඉල්ලලා පිච්චන් වුනා. රනිල්වයි පක්ෂයයි විවෙචනය කළා. සජිත් නායකයා වෙනවට බැන බැන ඉදලා අරක්ෂක ඇමතිකම දෙනවා කිව්වා. සජිත්ව මුරුන්ගා අත්තේ තියලා කතා කළා. දැන් නැවතත් රනිල්ට බනිනවා කෘත්‍යාධිකාරයෙන් ඉවත් කළා කියලා. බලහත්කාරකමින් නායකකම ගන්න අයට බැහැ රටක් පාලනය කරන්න. තාත්තත් උගතුන් ඉවත් කරලා පක්ෂේ විනාශ කළා. සජිතුත් පක්ෂය විනාශ කරනවා.
පක්ෂයේ උඩ තනතුරු දෙන්න නම් තමන්ගේ අාසනයවත් දිනන්න ඕනෑ කියලා හිතුවා නම් හොඳයි නේද?
මැතිවරණයක් ජයගැනීමට නම් කෙනෙකුට උගත්කම පමණක් නොව, රටේ බහුතරයක් වන සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න හොඳින් අඳුනන, ඔවුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාවක්ද තිබිය යුතුයි. ඉහළ උගත්කමක් නොතිබුණත්, රටේ මිනිසුන්ට සේවය කිරීමෙන් කැපී පෙණුන ලංකාවේ දේශපාලකයින් ලෙස ඩී. එස්. සේනානායක, සිරිමා බණ්ඩාරනායක නම් කළ හැකියි.
රටේ අනාගතය බේරාගත්ත හමුදාපතිතුමා හැටියට. යුද්ධය අවසන් කළ හමුදාපතිතුමා. හොර, බොරු, වංචා නැති නායකයෙක්... මෙවැනි නායකයින්ට අපේ රට පාලනය කරන්න අවස්ථාවක් දීලා බලන්න ඕනේ...
සරත් ෆොන්සේකා කියන්නේ හොඳ කෙනෙක් කියලා මම කවදාවත් හිතුවේ නැති වුණාට යම් ප්‍රත්පත්තියක් ඇති, කෙලෙහි ගුණ දන්නා, කෙලින් මිනිහෙක් කියලා මම හිතාගෙන හිටියා. ෆොන්සේකාට ඔය තැනට එන්න අත දුන්නේ රනිල් වික්‍රමසිංහ මිසක් ප්‍රේමදාස නෙමෙයි. මේ වෙලාවේ කල දුටු කල වල ඉහගන්න හදනවා. එදා අඬඅඬා හිරේ ලගිද්දී, නිදහස් නොකරද්දී එයාගේ දුවලත් එක්ක අපි එකතුවෙලා සියලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් එකතු කරගෙන ධවල මන්දිරේට පෙත්සමක් ඉදිරිපත් කළා. එ්කට 25,000ක් අත්සන් කළා. ඊට පස්සේ එ්කට ඇමෙරිකාව මැදිහත් වූණු නිසා මහින්දට හීන් දාඩිය දැම්මා. ඒ නිසයි නිදහස් කලේ.