(නාලක සංජීව දහනායක)
කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ පසුගිය වසර දෙකහමාර තුළ සිදුවූ කඩාවැටීම හේතුවෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල නූල කැඩුණ සරුංගලයක් සේ වේගයෙන් ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (26) පැවසීය.
එම වැඩිවන මිල පාලනය කිරීම සඳහා වෙළෙඳපොළ ක‍්‍රමයට රජය ප‍්‍රමාණවත් මැදිහත් වීමක් නොකරන බවද මන්ත‍්‍රීවරයා කීය.
පුංචි බොරැල්ල, වජිරාශ‍්‍රම විහාරයේදී, ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පෙරේදා (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
පොදුජනතාවට අත්‍යවශ්‍ය සහල් හා පොල් මිල ඉතිහාසයේ පළමු වතාවට රුපියල් සියය ඉක්මවා තිබෙනවා. එම නිසා අද පොල් සම්බල් හා බත් ආහාරයට ගැනීමත් පිරිවැය අධික කාර්යයක් බවට පත්ව තිබෙනවා. පසුගිය වසර දෙකහමාරක කාලය තුළදී මෙරට කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම මෙලෙස ආහාර මිල ඉහළ යෑමෙන් පෙන්නුම් කරනවා. මේ මිල පාලනය කරන්න වෙළෙඳපොළ ක‍්‍රමයට රජයේ ප‍්‍රමාණවත් මැදිහත් වීමක් සිදුවන්නේ නැහැ. පසුගිය රජය සමයේ එක් අවස්ථාවක මම වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් වැඩ කළා. ඒ වකවානුවේදී මුළු ලෝකයේම ආර්ථිකය අර්බුධයකට ලක්වුණා. අපිත් යුද්ධයත් සමඟම ඒ ආර්ථික අර්බුධයට මුහුණ දුන්නා.
ඒ අර්බුධයෙන් මිදෙන්න අපි මුදල් අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙළෙඳ අමාත්‍යංශය එකට එක්වෙලා විකල්ප වැඩසටහන් ක‍්‍රියාත්මක කළා. දේශීය අස්වැන්න නෙළන කාලය වනවිට අපි ආනයනික පාරිභෝජන ද්‍රව්‍යවලට බදු පනවනවා. නමුත් වර්තමානයේදී අමාත්‍යංශ තමන්ගේ වගකීම නිසිලෙස ඉටු නොකරන නිසා බදු පැනවීම් ආදිය සඳහා මැදිහත්වීමට ජනාධිපතිවරයාට සිදුවී තිබෙනවා.
පොල් අලෙවි මණ්ඩලය පොල් ගෙඩියක් සඳහා රුපියල් 75ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. පොල් සඳහා උපරිම මිලක් නියම කිරීමට පොල් අලෙවි මණ්ඩලයට නීත්‍යානුකූල බලයක් නැහැ. පොල් ගෙඩියකට සම්මත ප‍්‍රමිතියක් නැහැ. ඒ සඳහා වෙළෙඳ අමාත්‍යවරයා පාරිභෝගික ආරක්‍ෂණ පනතේ විධිවිධානයන්ට අනුව ගැසට් නිවේදනයක් පළ කළ යුතු වෙනවා. පොල් අලෙවි මණ්ඩලය නිකම් ප‍්‍රකාශයක් නිකුත් කළ පමණින් පොල් මිල පාලනය කරන්න බැහැ. පසුගිය රජය සමයේදී පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර තරඟයක් ඇති කරලා පොල් මිල පාලනය කිරීමට කටයුතු කළා. මෙවැනි දේවල් කිරීම සඳහා අමාත්‍යංශ අතර අන්තර් සබඳතාවක් තිබිය යුතුයි. ඒ නිසා ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය එකට එක්වී වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
පසුගිය රජය යුද්ධය නිම වීමෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත් රටේ සංවර්ධන ක‍්‍රියාවලියට දායක කර ගත්තා. ඒ නිසා කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ අසාමාන්‍ය පිිබිදීමක් ඇති වුණා. ඒ නිසා මේ රජයට අතිරික්ත වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටුපළ පවා යොදා ගත්තා. නමුත් මේ වනවිට නියඟය හා අධික වරුසාව නිසා වගා පාළු වුණා. එමෙන්ම ව්‍යාපාරික මාෆියාවක් ක‍්‍රියාත්මක වීම නිසා වී සඳහා ගොවීන්ට නියම මිලක් ලැබුණේ නැහැ. මේ කරුණු නිසා සහල් කිලෝවක මිල රුපියල් සියයට වඩා ඉහළ ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා වී කිලෝවකට රුපියල් 30 සහතික මිලක් නියමකර සහල් කිලෝවක මිල රුපියල් 60 සීමාවේ පවත්වා ගත්තා.
එමෙන්ම ලෝක වෙළෙඳ පොළේ ඛණිජ තෙල් හා ගෑස් හා ආහාර මිල පහළ වැටීම නිසා මෙම රජයට අසාමාන්‍ය වාසි අත්වුණා. ඒසේ තිබියදීත් රුපියල් 110න් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවුණා. පසුගිය කාලයේදී මුදල් අමාත්‍යවරයා විසින් ගෑස් මිල ඉහළ යෑම කෘති‍්‍රමව වළක්වා ගැනීම ඒකට හේතුවුණා. ඒක තාවකාලික ප‍්‍රතිකර්මයක්. ආණ්ඩුවේ ඇමතිවරුන්ට රජය කළමනාකරණය කර ගැනීමට නොහැකි බව ඉතාම පැහැදිලිව ඔප්පුවෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව ඇමතිවරුන්ට චෝදනා කරන ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා යැයි පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය.
මේ වනවිට අපේ රටේ පවතින අධික දුෂණය නිසා ආයෝජකයන්ට අපේ රට කෙරෙහි කිසිදු විශ්වාසයක් නැහැ. යහපාලනයේ නාමයෙන් බලයට පැමිණි මෙම රජය අප රටේ පත්වූ දුෂිතම රජයයි. අපේ රටේ විශාලතම වංචාව මහ බැංකු බැඳුම්කර වංචාවයි. එම වංචාවෙන් රටට රුපියල් ටි‍්‍රලියන තුනක අලාභයක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවා. බැඳුම්කර වංචාවට රජයේ ඉහළ තැන්වලින් අනුග‍්‍රහයක් ලැබුණු බව පර්පචුවල් ටේරෂරීස් ආයතනයේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා බැඳුම්කර කොමිසමේ දෙන සාක්‍ෂි අනුව පැහැදිලි වෙනවා. ලිට්ල් ජොනී, චාලි වැනි අන්වර්ථ නම්වලින් ඒ ඉහළ නිලධාරීන් හඳුන්වා තිබෙනවා. ඔවුන් කවුදැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. මෙම වංචාව නිසා රටේ ආර්ථිකය දෙදරා ගියා. රට පිළිබ`දව ජාත්‍යන්තර විශ්වාසය පළුඳු වුණා.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ තුන්වන අදියර මෙම සතිය තුළදී ආරම්භ කරන බව රජය ප‍්‍රකාශ කර තිබෙනවා. එම මාර්ගය ඉදිකිරීමේදී මහ බැංකු වංචාවට නොදෙවෙනි වංචාවක් සිදුව තිබෙනවා. තාක්‍ෂණ කමිටුව විසින් ප‍්‍රතික්ක්‍ෂේප කරන ලද ෆූජීටා නමැති සමාගම මෙම ව්‍යාපෘතියට ඈඳා ගැනීමට රජයට විශාල උවමනාවක් තිබෙනවා. එම සමාගමට මූල්‍ය ශක්තිය හා මාර්ගය ඉදිකිරීම සම්බන්ධව තාක්‍ෂණික දැනුමක් නොමැති බව තාක්‍ෂණ කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ නිසා ඨායිසෙයි නමැති සමාගමට මෙම මාර්ගය ඉදිකිරීමට භාරදුන්නා.
එහෙත් මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලින් කොටසක් ෆූජීටා සමාගමට ලබාදෙන ලෙසට ඨායිසෙයි සමාගමට බලකරනවා. ජපන් රජයේ වුවමනාව මත එලෙස ක‍්‍රියා කරන බවත් රජය ප‍්‍රකාශ කරනවා. නමුත් මෙම මාර්ගය ඉදිකිරීම අපේ රටේ නීතිරීති අනුව සිදුවේ යැයි ජපන් රජය බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකාවේ සිටින ජපාන මහකොමසාරිස්වරයා මේවනවිට රජයට ලිඛිතව දන්වා තිබෙනවා. මේ දුෂණය නිසා දළ වශයෙන් රුපියල් බිලියන 1100 ක අලාභයක් සිදුව තිබෙනවා. මේ කොමිස් ගන්නේ කවුද?. මේ වගේ තත්ත්වයක් තුළ ආයෝජකයන් අපේ රටට පැමිණෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.
මේ වන විට රටේ මැතිවරණ පවත්වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ පිළිබඳව තැකීමක් නැහැ. පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කරන ක‍්‍රියාදාමය පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ ක‍්‍රියාදාම උල්ලංඝනය කරමින් නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ. කිසියම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කමිටු අදියරේදී ඉතාම භායානක වගන්ති එම පනතට ඇතුළත් කරනවා. ඒ වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න තීන්දුවක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැහැ. ඒ වගන්ති නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට පුරවැසියාට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මේ සංශෝධන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් දීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම නීතිපතිවරයාට වගකීමක් පවරා තිබෙනවා. නීතිපතිවරයාට පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරන්න බැහැ. ඔහුට ජාතික කර්තව්‍යයක් පැවරී තිබෙනවා. නමුත් නීතිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. ඔහු අපක්‍ෂපාතීව කටයුතු කළේ නැහැ. 2002 අංක 5 අනුව නීතිතිවරයා නිලයෙන් ඉවත් කිරීම සඳහා ප‍්‍රතිපාදන සැලසී තිබෙනවා. ඒ පනත ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි සලකා බලමින් සිටිනවා. අද මධ්‍යම රාත‍්‍රි සිට සබරගමු පළාත් සභාව අහෝසි වෙනවා. ඒ අනුව පළාත් සභා ස`දහා බාරවන ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ අයිතිය අහෝසි වෙනවා. බරපතළ ප‍්‍රතිඵල ලැබෙන පනතක් සම්බන්ධයෙන් පළාත් සභාවල මතය විමසීමට රජය උත්සාහ ගත්තේ නැහැ. අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව එය බරපතළ වැරැද්දක්.
සියලූම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ පළාත් සභා මැතිවරණ පනතට පක්‍ෂව මුස්ලිම් කොන්ග‍්‍රසය ඡන්දය දුන්නා. තවත් දින කිහිපයකින් නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය අහෝසි වෙනවා. ඒ නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව මුස්ලිම් කොන්ග‍්‍රසය පවසනවා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සංධානය මේ රජයේ අන්තර්ගත කොටස්. ඔවුන් විරුද්ධ පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ලෙස ගණන් ගැනීම යථාර්ථවාදී නැහැ. තීරණාත්මක අවස්ථාවන්හීදී ජනතා විමුක්ති පෙරමුණේ තම සහයෝගය ආණ්ඩුවට ලබාදෙනවා. එදා පළාත් සභා පනතට ජනතා විමුක්ති පෙරමුණේ ඡුන්දය නොලැබුණානම් මැතිවරණ කල් දැමීමට රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මාර්තු මාසයට පෙර කල් දැමූ පළාත් සභා මැතිවරණ තුන පවත්වන ලෙස කථානායකවරයා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට නියෝග කළා. එහෙත් ඒ මැතිවරණය පවත්වාවි යැයි කිසිම විශ්වාසයක් නැහැ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සීමා නීර්ණ කටයුතු කිරීමට වසර දෙකහමාරකට වැඩි කාලයක් ගතවුණා. ඒ සංකීර්ණ ක‍්‍රියාදාමය නැවැතත් පළාත් සභා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කිරීමටත් සිදුවෙනවා. 2018 දෙසැම්බර් 31 වැනිදාට පෙර මැතිවරණ නොපවත්වන්නේ නම් තමන් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කරනවා. ඒ අනුව තවත් මාස 15කට මේ රටේ මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇතිවෙනවානම් රටට මැතිවරණ කොමිසමක් කුමකටදැයි ප‍්‍රශ්න කළේය.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෘෂිකර්මය කඩා වැටිලා ආහාර මිල රොකට් වේගෙන් ඉහළ යනවා
Saman Thursday, 28 September 2017 05:21 AM
ඒ වුනත් රුපියල් 2500 කින් පවුලකට කන්න පුලුවන්නෙ..
Shan Thursday, 28 September 2017 06:34 AM
මේ කෙනාට බාර දෙන්න වැඩේ. 2,500 න් කන හැටි පෙන්නයි. මේ අයවනේ තීරණ ගන්න අපි පත් කලේ.
ravin Thursday, 28 September 2017 11:16 AM
අනුන්ගේ වැඩ ගැන විවේචනය කරන්නේ... කරපු අධ්‍යාපන වැඩේ හොඳටම ඇනිලා ... දැන් ළමා කාලය කියන්නේ ටියුෂන් විතරයි කියලා නොදන්නවා වගේ.
Chanak Los angeles Friday, 29 September 2017 01:33 AM
ඕක කියන්නත් දෙයක්ද ...? රටේම අහිංසක ජනයාගේ මුළු ආර්ථිකයම කඩා වැටිලා ... දියවන්නාවේ මහගෙදරට එන යන කට්ටියගේ හා ඔවුන්ගේ පවුල්වල හිතවතුන්ගේ හැර ...ඉතින් ඕවට වග කියන්න ඕනේ රට කරනවා කියමින් ඡන්දෙ කොල්ලකාපු අයද ? රට කරයි කියලා බලාපොරොත්තුව ඡන්දෙ දීපු අහිංසකයින්ද ?
shan saudi Saturday, 30 September 2017 04:38 AM
කෘෂිකර්මය තුළින් එදා රට උතුරලා පිරිලා ගොවියෝ හිටියේ රජවෙලානේ... මෙයාලගේ කාලේ එ්කනේ ගොවියෝ ණය ගෙවාගන්න බැරිව වහ බීවේ. කෝටි ගණනින් සහල් පිටරටින් ගෙනාවේ එ්කනේ මෙයාලා.... රටම දන්නවා ඒ වගේ පලවිපාක අද ජනතාව විඳවනවා.
mahee Sunday, 01 October 2017 10:02 AM
මට හිතුනා ඔබතුමා ඇතුළු කීපදෙනෙක් ටී ෂර්ට් කාන්තා බලකාය ඉස්සරහින් යවලා, කහ හමුදාව ඒ පිටි පස්සෙන් හිඟා කන්න යවනකොට, මොකක් හෝ කඩා වැටිලා තමයි කියලා. එ්ත් මං හිතුවේ නෑ කඩා වැටිලා තියෙන්නේ ඔය කියන මොකක්ද එක කියලා.
Latha Monday, 02 October 2017 04:21 AM
ඒ කාළේ බඩු ගණන් ගියා අහස උසට. එතකොට කිව්වා රුපියල් 2500 ඇති කියල මාසෙයක් කන්න. දැන් අනුකම්පාව හැදිලා තියෙන්නේ ආර්ථික විජ්ජාව වෙනස් වෙලාද දන්නේ නැහැ.