IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


කොරෝනා මට්ටු නොකර ආණ්ඩුව තුනෙන් දෙක විතරක් හොයනවා

(***නිමල කොඩිතුවක්කු)

‘පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩිකර කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවට ආණ්ඩුව තුනෙන් දෙක සොයමින් සිටින බව’ සමගි ජනබලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවනැල්ලේදී පැවැසීය.

‘තම නොහැකියාව සහ වැඩ බැරිකම දිනෙන් දින ඔප්පු කළ රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට සහ රටට ආදරය නොකරන බව මේ  මාස නමය තුළ ඔප්පු කර ඇතැයිද’, ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවේ මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය මාවනැල්ල ප්‍රදේශයේ සංවිධානය කළ ජනහමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

‘වර්තමාන ආණ්ඩුව දේශපාලන පලිගැනීම ආරම්භ කරලා. තරුණයන් විශාල පිරිස රැකියාවලින් එළියට දමලා. අප බලයට පත්වෙලා සති දෙකක් තුළ සියලු දෙනාටම නැවත රැකියා දෙන බව මම කියන්න කැමැතියි.

රට පුරා තිබෙන ග්‍රාම සේවා වසම් දාහතර දහස් විසි දෙකේම අඩුම තරමේ එක ග්‍රාම සේවා වසමකින් දහදෙනා බැගින් රැකියා ගත කිරීමේ වැඩ පිළිවෙළක් අපි ආරම්භ කරනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී තිබුණ ආණ්ඩුව පරාජයට පත් කර අලුත්ම ආණ්ඩුවක් නිර්මාණය කළේ මීළඟට සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ගෙන එනවා කියලයි. ඒක විශ්වාස කළ හැට නම ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නා.

වර්තමාන ආණ්ඩුවට රට ගොඩ නගන්න, රටට සෞභාග්‍යය ගේන්න, ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියා දැන් අප අහනවා.
ගෙවුණ මාස අට තුළ ඒ අය ඔප්පු කර තිබෙන්නේ නොහැකියාව, වැඩ බැරිකම, අසමත්කම ඇතුළු දේ නොවේද? දිනෙන් දිනම ඔප්පු කර තිබෙන්නේ ඔවුන්ට ජනතාව වැදගත් නෑ කියන එකයි.

කොරෝනා දෙවැනි රැල්ල පටන්ගෙන ඉවරයි. මේ ව්‍යසනය මුළු රටටම පැතිරීමේ අවදානම ආරම්භ වෙලා ඉවරයි. අප දිගින් දිගටම, පුන පුනා කියපු දේ ආණ්ඩුවවත්, ආණ්ඩුවේ බලධාරීන්වත් තුට්ටුවකට මායිම් කළේ නැහැ.

පහුගිය ජනවාරි 24 වැනිදා කොරෝනා අනතුර පිළිබඳව මුලින්ම මම පාර්ලිමේන්තුවේදී කිව්වා. එතකොට ආණ්ඩුව හිනා වුණා. විහිළුවකට ගත්තා. ඊට පසු පෙබරවාරි පස් වැනිදා මා පාර්ලිමේන්තුවේදී මේ අවදානම ගැන නැවත වතාවක් ප්‍රකාශ කළා. ඒ වෙනකොට චීනයම ව්‍යසනයෙන් පීඩා විඳිමින් සිටියා. ආණ්ඩුව ඒ පිළිබඳවත් සැලකිල්ලක් දැක්වූයේ නෑ.

දිනෙන් දින අප මේ ගැන රටට කිව්වා. ආණ්ඩුවට කිව්වා. හැබැයි ආණ්ඩුව ගණන් ගත්තෙ නෑ. වර්තමාන ආණ්ඩුව පී.සී.ආර්. පරීක්ෂණ කරනවා වෙනුවට ඡන්ද සමීක්ෂණ කරනවා. මේ අවදානම තුරන් කරන්න වෑයම් කරනවා වෙනුවට මැතිවරණ දිනන්න මෙහෙයුම් කරනවා. ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න කැප වෙනවා වෙනුවට තුනෙන් දෙක ගන්න මහන්සි වෙනවා. අද වනවිට මුළු රටම අවදානමට ලක්වෙලා තිබෙනවා.

කොවිඩ් තාක්ෂණ ඇගයීමේ කමිටුව මාස එකහමාරකින් රැස්වෙලා නෑ කියා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියනවා. අනතුර ගැන කළ අනතුරු ඇඟවීම්ද ආණ්ඩුව ගණන් ගත්තේ නෑ කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා.

මේ වෙලාවේ මැතිවරණය එපා. ඡන්ද වැඩට සහාය දෙන්නේ නැහැ කියලා පී.එච්.අයි. මහත්වරුන් කියනවා. ජීවිත අනතුරේ දාගෙන රෑ දවල් මහන්සි වෙච්ච සෞඛ්‍ය සේවකයන්ට අතිකාල නැහැ කියා ඒ අය උද්ඝෝෂණය කරනවා. මේ ආණ්ඩුව රට කොතැනටද ගෙන ගිහින් තියෙන්නේ?

මැතිවරණයයි, තුනෙන් දෙකයි බලය ගැනීම පමණක් රජය අරමුණු කරගත්තා. ආණ්ඩුව මිනිස් ජීවිතය සම්බන්ධව තඹ සතයකට මායිම් කරන්නේ නැහැ. ඔවුන්ගේ නොහැකියාව, වැඩ බැරිකම ඔප්පු කළා පමණක් නොවේ. මේ මාස අට තුළ ඔවුන් ජනතාව ගැන හිතන්නේ නැහැ කියන එකත් ඔප්පු කර ඉවරයි.

ඉදිරියේදී පත්වෙන අපේ ආණ්ඩුව ඒකාන්ත වශයෙන්ම රටේ ජනතාවාදීම ආණ්ඩුවයි, කියා මා තමුන්නාන්සේලාට කියනවා.
ලෝකය පිළිගත්ත ක්‍රමවේදය තමයි, ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් ජනතාව අතට මුදල්දීම. එහෙම මුදල් දුන්නාම ජනතාව පරිභෝජනය කරනවා, ආයෝජනය කරනවා. ඉතිරි කරනවා එයින් ආර්ථිකය ඉහළට එනවා.

මේක තමයි, ලෝකෙම පිළිගත් ක්‍රමවේදය. ජන සමාජය තුළ ජීවත්වෙන අන්ත අසරණ ජනතාව එදිනෙදා කුලී වැඩ කරන ජනතාව, සාමාන්‍ය ස්වයං රැකියාවක් කරන ජනතාව සමාජයේ පහළ පීඩිත තත්ත්වයෙන් ගොඩ නැංවීම වෙනුවෙන් අප බලයට පත් වූ වහාම රුපියල් විසි දහස බැගින් මාසයකට දෙන බවට සහතික වෙන්න කැමැතියි.

අප රුපියල් විසිදහස දෙන්නේ අවිධිමත් විදිහට යොදවන්න නොවෙයි. ගෙදර ගෘහණිය මූලික කරගත්ත විශේෂ වැඩ පිළිවෙළක් හරහා ඔවුන්ගේ ගෘහයේ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම වෙනුවෙන් මුදල අප දෙනවා. දේශපාලන කුහකයන් දැන් එහෙම දෙන්න සල්ලි කෝ කියා අහනවා.

ඒ වැඩ පිළිවෙළ හරහා අප කාර්යක්ෂම රාජ්‍ය සේවය නිර්මාණය කරනවා. කොමිස් ගහන්න හුරුවෙච්ච, අල්ලස් ගන්න හුරුවෙච්ච හොරකම් කරන්න හුරුවෙච්ච සමහර කොටස් මේ වැඩ සටහනට විරුද්ධව එක එක කතා කියනවා. හැබැයි අපේ ආණ්ඩුව ආරම්භ කළ වහාම රටේ පහළ පීඩිත ජනතාව ගොඩ නංවන රුපියල් විසිදාහ දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරනවා.

මේ වනවිට මුළු ලෝකයේම තෙල් මිල පහළ බැහැලා. අප දිගින් දිගටම ආණ්ඩුවට කිව්වා මේ සහනය ජනතාවට දෙන්න. මාස 12 කට තෙල් මිල අඩු කරන්න බැහැ කියා. ආණ්ඩුව මුළු රටම මහා ව්‍යසනයක තිබෙද්දිත් තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොදී ආණ්ඩුව අධික ලාභයක් ලබනවා. අප බලයට පත්වූ වහාම පැය විසි හතරක් ඇතුළත තෙල් මිල පහළ දානවා.

පහුගිය දවස්වල පොල් ගෙඩි අකුරෙන් පත්තරවල හෙඩ්ලයින් ගැහුවා 4% සහන ණය ජනතාවට දෙනවා කියලා. මුළු රටම හිතුවා ජනතාවට ඒ සහනය ලැබෙයි කියලා. ඔය කියන සහනය ලැබුණු අය ඉන්නවද?

ඒ වගේම මාර්තු අප්‍රේල් විදුලි බිලට සහන දෙනවා කීවා. අප අහනවා එහෙම සහන දුන්නද?
මේ ආණ්ඩුව ජනතාද්‍රෝහී ආණ්ඩුවක් කියන එක ඔප්පු කර ඉවරයි. ඒ නිසා තකතීරු ආණ්ඩුව එළවමු යයිද මා ප්‍රකාශ කරනවා.
මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (3)

කොරෝනා මට්ටු නොකර ආණ්ඩුව තුනෙන් දෙක විතරක් හොයනවා

liyanage Thursday, 16 July 2020 10:04 AM

මෙතෙක් සෞඛ්‍ය බලධාරීන් මැතිවරණයේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ ගැසට් පත්‍රය පවා නිකුත් කොට නොමැත. මෙම ගැසට් පත්‍රය නිකුත් කොට මැතිවරණය පවත්වා COVID -19 වෛරසය පාලනයකින් තොරව පැතිර ගියහොත් එහි වගකීම දේශපාලකයන් විසින් සෞඛ්‍ය බලධාරීන් මත පටවනු ඇත. එමනිසා සෞඛ්‍ය බලධාරීන් ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර හොඳින් සිතාමතා කළයුතු දෙයකි. ඔවුන් රජයට පෙන්වා දිය යුත්තේ මැතිවරණයක් පවත්වා පාලනයකින් තොරව COVID -19 පැතිරුණ හොත් මැතිවරණ වියදම මෙන් නොව වෛරසය පාලනය කිරීමට අතිවිශාල මුදලක් වැය වනු ඇති බවත්ය. එම නිසා මැතිවරණය කල්දැමීමෙන් වෛරසය පාලනය කළ හැකිවනවා පමණක් නොව රටේ ආර්ථිකයටද වන බලපෑම අඩුකරගත හැකිය. මැතිවරණයට පමණක් අවධානය යොමු නොකර රටේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පුළුල්ව සිතා බැලිය යුතුවේ. සෞඛ්‍ය අර්බුද හමුවේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ පරමාධිපත්‍යය වුවත් පසෙකට දැමීමට සිදුවනු ඇත. කිසිවක් නොසලකා මැතිවරණයක් පවත්වනවා නම් " මරාගෙන මැරෙමු" යනුවෙන් දේශපාලන සටන් පාඨයද වෙනස් විය යුතුය.

:       60       101

ABC Friday, 17 July 2020 12:37 AM

සජිත් දේශපාලනයට පැමිණීමෙන් වඩාත්ම සතුටුවූයේ මහින්ද රාජපක්ෂයි. සජිත් බලයට සහ තනතුරුවලට කෑදර පුද්ගලයකු බව මහින්ද දැන ගත්තේය. සජිත් එක්සත් ජාතික පක්ෂයට පැමිණිදා සිට බලය, නායකත්වය කොක්කෙන් හෝ කෙක්කෙන් ලබාගැනීමට කළ හැකි සෑමදේම කළේය. අවසානයේ සිරිකොත මන්දිරයට ගල්ගැසීම දක්වා ඔහු කටයුතු කළේය. මේ සියල්ලෙන්ම වඩාත් සතුටු වූයේ මහින්දයි. මහින්දගේ ඩීල්එක සජිත් ඇතුළු කණ්ඩායම පක්ෂය තුළ සිට කරගෙන යමින්ම ඔවුන් රාජපක්ෂගේ වුවමනාව අපුරුවට ඉටු කළේය. සජිත් සහ කණ්ඩායම එසේ නොකළා කියා ඔහුට කිව නොහැකියි. මේ දිනවල දේශපාලන වේදිකාවේ ඇසෙන කතාවලින් එය වඩාත් තහවුරු වේ. මහින්ද රාජපක්ෂ සෑම වේදිකාවකම ඉතාම සතුටින් ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩීම සජිත් නියමෙට කළා කියායි. රාජපක්ෂගේ උවමනාව සජිත් අකුරට ඉටු කළේය. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩීම සහ සජිත්ව දේශපාලනයේ අනාථයෙක් බවට පත්කිරීමට තරම් මහින්ද රාජපක්ෂ වැඩකාරයකු බව මේ දිනවල කඩ පිලේ නිතර ඇසෙන කතාවකි.

:       0       24

Goldfish Sunday, 19 July 2020 06:07 PM

අම්මෝ හොඳ වෙලාවට කොරෝනා ආව කාලේ මෙයා වෙස්සන්තර වුනේ නැහැ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 280 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1505 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 466 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 119 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site