IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


කොරෝනා පාලනය වුණේ රජය හරි තීන්දු ගත් නිසයි

(*** ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් සාර්ථක මට්ටමකට පැමිණ තිබෙන්නේ වත්මන් රජය ක්‍රියාකළ ආකාරය නිසා යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පෙරේදා (26) පැවසුවාය.

වැරදි දෙයක් වැරදියි කීමට මෙන්ම හොඳ දෙයක් හොඳයි කීමට තමන් පැකිළෙන්නේ නැතැයි ද ඇය සඳහන් කළාය.
කොළඹ නාගරික බලප්‍රදේශයෙන් මැයි මස පළමු වැනිදායින් පසු කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු හමුවී නැතත් තවමත් සියල්ල නිවැරදි වී නොමැති නිසා අත්‍යවශ්‍ය කටයුතුවලදී පමණක් කොළඹ නගරයට පැමිණෙන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇය කීවාය.

නගරාධිපතිනිය මේ බව පැවසුවේ කොළඹ මහ නගර සභා කමිටු ශාලාවේදී පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ සේනානායක මහත්මිය මෙසේ ද කීවාය.

“කොළඹ නගරය දින 66 කට පසු ජනතාව වෙනුවෙන් විවෘත වී තිබෙනවා. මේ වන විට රට පියවරෙන් පියවර ක්‍රියාත්මක කිරීමට හැකි මට්ටමකට පත් වෙලා. ඉතිහාසයේ වැඩිම කාලයක් අඛණ්ඩව ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවද මෙය වෙනවා. මෙයට ප්‍රධානම හේතුව ලෝකයටම බලපෑ මාරාන්තික කොරෝනා වයිරසයේ බලපෑමයි.  

කොළඹ මහ නගර සභාව මගින් කොළඹ නගරයේ පමණක් පී.සී.ආර් පරීක්ෂණ 3353 කට වඩා සිදු කර තිබෙනවා. කොළඹ නාගරික බල ප්‍රදේශය තුළින් මැයි මස 01 වැනිදා රෝගියෙක් වාර්තා වූ පසු මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ. මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා ඇතුළු සමස්ත නිලධාරීන්ට කෘතවේදීත්වය පළ කරනවා.

කොළඹ මහ නගර සභාව ඇඳිරි නීතිය පවතින විටත් ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් ලබා දීමට කටයුතු කළා. මේ ව්‍යසන තත්ත්වය හමුවේ පක්ෂ පාට භේදයකින් තොරව ජනතාවට පහසුකම් සැලසීමට සියලුම නාගරික මන්ත්‍රීවරුන් එකමුතු වුණා. ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන මුඛ ආවරණ, ආරක්ෂිත ඇදුම් කට්ටල, සේදුම්කාරක ආදිය ලබා ගැනීමට අවශ්‍ය මුදල් වෙන්කර ගැනීමේදීත් ඔවුන් සහය දුන්නා.

ඒ වගේම අත්‍යාවශ්‍ය කටයුතුවලදී පමණක් කොළඹ නගරයට පැමිණෙන ලෙස මම සියලුම ජනතාවගෙන් මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. අපි මේ ව්‍යසනයෙන් රට මුදවා ගැනීමට රජයට සහයෝගය ලබා දිය යුතුයි. දින 66 කට පසු ඇඳිරි නීතිය ඉවත් කළත් හැමදෙයක්ම නිවැරදි වී නැහැ. අපි නිරන්තරයෙන් අපේ වගේම අනිත් අයගේ ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. රටේ ආර්ථිකය සංවර්ධනය සඳහාත් දායක විය යුතුයි. අද අපි කොරෝනා වෛරස තත්ත්වය හමුවේ සාර්ථක මට්ටමකට පැමිණ තිබෙන්නේ වත්මන් රජය ක්‍රියාකළ ආකාරය නිසයි. එය අගය කළ යුතුයි.

දැනට විවෘත කිරීමට අවසර තිබෙන්නේ කොළඹ නගරයේ සංචාරක මණ්ඩලයේ අනුමත ලියාපදිංචි හෝටල් සහ අවන්හල් පමණයි. ඒවායේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරන්තරයෙන් පරීක්ෂා කෙරෙනවා. කොළඹ මහ නගර සභාවේ උපදෙස් මාලාවකට අනුව සංචාරක මණ්ඩලයේ අනුමත කර නොමැති සුළු හා මධ්‍ය පරිමාණ අවන්හල් ද විවෘත කිරීමට අවසර ලබාදීමට කටයුතු කරනවා.

කොළඹ මහජන පුස්තකාලයද පාඨකයින් සඳහා ජූනි මස 08 වන දින විවෘත කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙක්  අපි කොළඹ බල ප්‍රදේශයේ  ජීවත් වන දුගී දුප්පත් පවුල් 13,000 ක් සඳහා මහජන ආධාර මුදල් ලබා දුන්නා. ඉදිරියේදී එම පවුල් ප්‍රමාණය 14,500 ක් දක්වා වැඩි කරනවා. පවුල් 50,000 කට නගර සභාව හරහා සහල් කිලෝ 10 බැගින් ලබා දීමට මම ආණ්ඩුකාරතුමාගෙන් ඉල්ලීමක් කළා. එයට සුභවාදී පිළිතුරක් ලැබේ යැයි බලාපොරොත්තු වෙනවා. වරිපනම් සහ අනිකුත් සේවා සඳහා ගෙවීම් සිදුකිරීමට කොළඹ මහ නගර සභාව වෙත පැමිණෙන ජනතාවට ඒ ගෙවීම් කොළඹ දිස්ත්‍රික් කාර්යාල 06 හරහා සිදු කරගැනීමටත් පහසුකම් ලබාදෙනවා. එමෙන්ම කොළඹ නගරයේ විශේෂිත බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරනවා.
කොරෝනා වයිරසය නිසා දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට රජයෙන් ගෙවූ රුපියල් 5,000  දීමනාව කොළඹ නගරයේ අඩු ආදායම් ලාභීන් දෙවනි වරටත් දෙන්නැයි මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට ලැබුණු සහන ප්‍රමාණවත් නැහැ. නගරයේ සියයට 60 ක් වන අඩු ආදායම්ලාභි පැල්පත්වාසීන් බොහෝ අසරණ වී සිටිනවා.
“ඔබතුමිය මේ ආණුඩුවට කඩේ යනවා කියා චෝදනා එල්ල වෙනවා නේද?” යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් නගරාධිපතිනිය මෙසේ කීවාය. “මට ගැහැනියක් හැටියට කොන්දක් තියෙනවා. මම බෙදුම්වාදී දේශපාලනය නොව සම්මුතිවාදී දේශපාලනය කරා යන කෙනෙක්. වැරදි දෙයක් වැරදියි කියන්නත් හොඳ දෙයක් හොදයි කියන්නත් මම පැකිළෙන්නේ නැහැ.



අදහස් (8)

කොරෝනා පාලනය වුණේ රජය හරි තීන්දු ගත් නිසයි

max Thursday, 28 May 2020 07:44 AM

නරක දේ විවේචනය කරනවා සේ ම හොඳ දේට හොඳයි කියන්නත් හොඳ කශේරුකාවක් තිබිය යුතුයි. දේශපාලනයේ යෙදීසිටින බොහෝ පිරිමින්ට නොමැති ගුණයක් ඇයට ඇති බව පෙනේ...

:       10       55

ලසන්ත Thursday, 28 May 2020 12:39 PM

නගරාධිපතිණියනි. කොරෝනා පාලනය වුණා නම් මේ වනවිට දිනකට සියයකට වැඩි රෝගීන් හමුවෙන්නේ කොහොමද කියන්න. ග‍ගේ ගසාගෙන යන කෙනා තණකොල ගහේත් එල්ලෙනවා කියනවා... ඒකද මේ වෙන්නේ...

:       38       0

Asoka Thursday, 28 May 2020 08:34 PM

මේ මහත්තයා හඳෙන් මේ අද ගොඩ බැහැලා තියෙන්නේ... රෝගීන් වැඩිවුණු විදිය නම් දිගටම පුවත්පත්වල තිබුණා.

:       0       0

SugathFriday, 29 May 2020 04:19 AM

ඔබගේ මෝඩකමට බෙහෙත් ටිකක් ගන්න. ඊට පස්සේ කොමෙන්ට් කරන්න

:       0       1

mpFriday, 29 May 2020 06:12 AM

මෝඩ තකතීරු කතා කියන්න එපා. සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ රෝගී වූ අපේම ජනතාව මෙරටට ගෙනැවිත් ප්‍රතිකාර කරන නිසාය. එවිට ගාන ඉහළට යනවා තමයි. අනිත් හේතුව කුඩුකාරයෙකු අල්ලන්න ගිහින් හමුදා නිලධාරීන්ට රෝගය බෝවීමයි...

:       0       0

Kumar Thursday, 28 May 2020 07:09 PM

රෝසි සේනානායක තවමත් ලංකාව සිංහල බෞද්ධ පදනමක් මත දුවන රටක්.. ඒකත් තේරුම් ගන්න. බුදුපිළිම අයින් කරලා කෙනෙකුට ඒක වෙනස් කරන්න බැහැ.

:       0       0

Asoka Thursday, 28 May 2020 08:35 PM

මැතිණියට පොහොට්ටුව ලස්සනට පෙනිලා වගෙයි...

:       0       0

binkunnda Thursday, 28 May 2020 09:30 PM

අලුත් පිනුමක් ගහන්න ලැහැස්ති වෙනවා වාගෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 823 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 945 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1199 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7420 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 895 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site