IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


කොරෝනා පොකුරේ ව්‍යාප්තිය ආණ්ඩුවේ සමහරුන්ට විහිළුවක් වෙලා

(*** නිමල කොඩිතුවක්කු)

කොරෝනා පොකුරේ ව්‍යාප්තිය ආණ්ඩුවේ සමහරුන් ගණනකට නොගන්නා බවත් මේ උවදුරෙන් ජනතාව මුදාගැනීම සඳහා වගකීම් සහගතව කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීම කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රගතිශීලී නූතනවාදී විපක්ෂයක් ලෙස කොරෝනා වසංගතයෙන් ජනතාව බේරාගැනීම සඳහා උපරිම සහයෝගය දීමට සූදානම් යැයිද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

“කොරෝනා වසංගතය සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙලා. කොවිඩ්-19 රෝගීන්ට අවශ්‍ය ඇඳන් ප්‍රමාණය අද ප්‍රමාණවත් නැහැ. කාන්තා රෝගීන් අතර ගැබිනි මව්වරුන්ට වෙනම දෙන විශේෂ ප්‍රතිකාර වැඩසටහන් අද ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම මේ හදිසි අවස්ථාවේදී ප්‍රමාණවත් ශ්වසන ආධාරක (වෙන්ටිලේටර්ස්) සහ අනෙකුත් වෛද්‍ය උපකරණවල හිඟයක් තිබෙනවා.

මුලින් හමු වුණේ පළමු ස්පර්ශකයන්ගේ පමණයි කියා හොඳින් මතක තබාගත යුතුයි. එතකොට දෙවැනි, තෙවැනි ස්පර්ශකයන් තවම හඳුනා ගැනීම සහ පරීක්ෂා කිරීම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම  යටිතල පහසුකම්වලත් පිරිස් කළමනාකරණයේත් මානව සම්පතේත් අඩුපාඩුකම් තිබෙනවා. ඒ වගේම පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයකුත් තිබෙනවා.

දැන් මේක බරපතළම ප්‍රශ්නයයි. ඒ ගැන අප සැහැල්ලුවට හිතන්න හොඳ නැහැ. කොරෝනා වසංගතයේ භයානක තත්ත්වය පිළිබඳව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා හෙළිදරව් කළා.

රෝගය වැළඳුණු මූලාශ්‍රය තවම හොයාගෙන නැහැ. අනෙකුත් හැම අවස්ථාවකදීම මූලාශ්‍රය හඳුනාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, අලුත් අවස්ථාවේ වයිරස් සාන්ද්‍රණය අධික තත්ත්වයේ තියෙනවා කියන එකත් වෛද්‍යවරුන් පවසනවා. ඒ වගේම වෛරල් ලෝඩ් එක (සාන්ද්‍රණය) අධික වීම තුළ වෛද්‍ය පර්යේෂණ ආයතනය මේක වෙනමම ස්ටෑන්ඩ් එකක තත්ත්වයක වයිරසයක් කියනවා.

මේ කොරෝනා උවදුරට එරෙහිව සටන් කරන සුව විරුවන්ට දෙනවයි  කියපු දීමනා ටික නොදීම තුළ ඒ අය මානසික වශයෙන් පසුබෑමකට ලක්වෙලා.
අද දවසේ පිළිකා රෝගීන්ට දෙන බෙහෙත්වල බරපතළ හිඟයකුත් තිබෙනවා. කෙළින්ම රෝහල්වලින් ෆාමසියෙන් මුදලට අරන් එන්න. ඊට පස්සේ ඒ බෙහෙත් ටික දෙන්න කටයුතු කරන්නම් කියනවා.

කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව මොකක්ද මේ වනවිට රටේ තත්ත්වය, මොනවද සත්‍ය දත්ත, මොකක්ද රජය ගන්න ක්‍රියාමාර්ගය, මේවා ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

ඒ වගේම ජනවාරි මාසයේ පෙබරවාරි මාසෙත් කොරෝනාව ගැන කියනවිට හැමෝම සමච්චලයට ලක් කළා. ඒක විහිළුවකට ගත්තා. කොවිඩ් ඉවරයි කියා මහමැතිවරණ සමයේ කිව්වා. දැන් ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳලා තිබෙනවා කිව්වා.

එහෙමනම් අද කොහොමද මහා රැල්ලක් ඇතිවෙලා තිබෙන්නේ. පරීක්ෂා කරන්නේ නැතුව ඉන්දියානු ජාතිකයකු හෝ ඉන්දියානු ජාතිකයන් කණ්ඩායමක් හෝ මේ කර්මාන්ත ශාලාවට ඇවිල්ලා මේ දේ වුණායි කියා අපට දැනගන්නට තිබෙනවා.

මේවා කට කතාද සත්‍යයද අසත්‍යයද සියලුදේ පිළිබඳ කරුණාකර හෙළිදරව් කරන්න කියා මා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ජනතාව මොකද්ද සිදුවෙන්නේ කියලා අහනවා. ඒ අයට මේ ගැන හරි තොරතුරු ලැබෙන්නේ නැහැ.

කොරෝනා වසංගතයෙන් ජනතාව බේරාගැනීම සඳහා ප්‍රගතිශීලී නූතනවාදී විපක්ෂයක් හැටියට අප උපරිම සහයෝගය දෙනවා. අප උපරිම ශක්තිය දෙන්න ඉදිරිපත් වුණත් ආණ්ඩුව මේක විහිළුවක් බවට පත් කරලා” යයිද ඔහු එහිදී පැවසීය.

 



අදහස් (11)

කොරෝනා පොකුරේ ව්‍යාප්තිය ආණ්ඩුවේ සමහරුන්ට විහිළුවක් වෙලා

Raveendra Thursday, 15 October 2020 10:19 AM

හත් දෙයියනේ අපේ මේ සජි ළමයට ගිහින් තියෙන කේන්තිය. මොකද මේ එකපාරටම හීනෙන් බයවෙලා වගේ කෑ මොර දෙන්නේ...? අනේ මල්ලියේ අපිටත් කියනවා නේද හේතුව? මේ හදිස්සියේ නැට්ට ගිනිගත්තා වගේ ලවක් දෙවක් නැතිව උඩු බුරන්නේ...

:       6       105

BamunuarachchiFriday, 16 October 2020 01:24 PM

දෙමු පෙකනිල් වාඩියක්...

:       3       71

Raveendra Thursday, 15 October 2020 05:46 PM

විපක්ෂයට ගිය විගසම ජනතා දුක කියවන්නේ... බලයට පැමිණි විගසම ජනතා දුක නැතිවෙන්නේ... මේවා දැකලාම අවුරුදු කීයක් දැයි විමසන්නේ... අයියෝ ඇයි මේ ජනතාවම රැවටෙන්නේ...

:       5       62

Bandara Friday, 16 October 2020 03:11 AM

කොරෝනා කෙසේවෙතත් ඔයානම් හැමෝටම විහිළුවක්..

:       4       80

Bamunuarachchi Friday, 16 October 2020 01:22 PM

ඒකද පැකනිල් දෙමු කීවේ.. ?

:       3       31

Bamunuarachchi Friday, 16 October 2020 01:23 PM

විහිළුවක් කරගත්ත අය බෙහෙතුත් නියම කළා.

:       3       67

Chinthaka Saturday, 17 October 2020 05:09 AM

බොරු අවලාද නගන එක ඔයාට වගේම ඔයාගේ පියාටත් තිබ්බා. දන්නේ නැති දේවල් කියන්නේ නැතිව ඉන්න..

:       3       53

Senarath Tuesday, 20 October 2020 03:29 AM

මෙයාට කේන්ති ගිහිල්ලා තියෙන්නේ මේක මෙයාට වඩා මාස 3කට කළින් සිදුවුණා නම් කොච්චර හොඳද අප්පා...? එහෙනම් ඡන්දෙ කල් දාගන්න තිබුණනේ. මෙයාගේ දේව කන්නලව්වට ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ ටිකක් පහුවෙලා.

:       2       82

chandima Tuesday, 20 October 2020 02:58 PM

අම්මපා අර පිස්සු නරියෙක්වත් කෑවද මෙයාට..?

:       2       32

atta Sunday, 25 October 2020 07:55 AM

මෙයා කොරෝනා වැඩි වෙනවාට කැමති කෙනෙක්. රටට හිතකර කෙනෙක් නොවේ.

:       1       6

DD Monday, 26 October 2020 10:00 PM

කෝවිඩ් රෝගීන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීමට යෝජනා කරන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site