IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


කොබ්බෑකඩුව මහත්තයා අද වගේ කාලෙක ඉඩම් ජනසතු කළානම් එතුමාත් අද එෆ්සීඅයිඩියේ

(නාලක සංජීව දහනායක)

දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් ජනසතු කළ රන්පවුම් ඉඩම් නැවත වාරයක් කොම්පැණිකාරයන් අතට පත් වෙමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (18) පැවසීය.

කොබ්බෑකඩුව මහතා සමාජයට කළ සේවය වත්මන් තරුණ පරපුරට දැනගැනීමට වෙනමම පර්යේෂණයක් කළ යුතු යැයි ද කීය.

දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 34 වැනි ගුණසමරු උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ස`දහන් කළේය.

කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී පෙරේදා (18)මෙම ගුණසමරු උත්සවය පැවැත්විණි.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.            

කොබ්බෑකඩුව මහත්තයගේ ඉඩම් පනතට පක්‍ෂව ඡුන්දය දෙන්න එදා පාර්ලිමේන්තුවේ සිටි ලාබාලම මන්ත‍්‍රීවරයා ලෙස මට වාසනාව ලැබුණා. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කෙරුණු විශාලතම සටන කෙරුණේ එතුමා අතිනුයි. ඒ රන් පවුම් ඉඩම් ජනසතු කිරීමයි. ඒ දේවල් අද වගේ කාලයකදී කළා නම් එතුමටත් එෆ්.සී.අයි.ඞී යන්න වේවි. කොබ්බෑකඩුව මහත්තය එදා ජනසතු කළ රන් පවුම් ඉඩම් නැවත වාරයක් කොම්පැණි කාරයන් අතට යමින් තිබෙනවා. අද ඉඩම් විකුණන්නේ නැහැ. ඒවා අවුරුදු 99 බදු දෙනවා. එතුමා ජීවතුන් අතර හිටියා නම් මේ වෙන දේවල් දැකලා දැඩි වේදනාවක් ඇති වේවි.

ඉඩම් බෙදාදීම සම්බන්ධයෙන් එදා කොබ්බෑකඩුව මහත්තයට නඩු වැටුණා. අදත් ඒ දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා. එතුමා ඉස්සෙල්ලම හම්බන්තොටට ආපු දවස මට මතකයි. එදා ජෝර්ජ් රාජපක්‍ෂ මහත්තය බුලත් හුරුල්ලක් දීලා කොබ්බෑකඩුව මහත්තයා පිළිගත්තා. ඒ වගේම මුල්කිරිගල අතුරු මැතිවරණ සටනට එතුමා උදවු කළ ආකාරයත් මට මතක් වෙනවා. ඒ මැතිවරණ සමයේදී එතුමා සමඟ ඉතාම කිට්ටුවෙන් කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා. එක දවසක් රාත‍්‍රියේ අපේ පාක්‍ෂිකයක්නට පහර දෙන බවට ආරංචියක් ලැබුණා. කොබ්බෑකඩුව මහත්තයා මමත් එතන හිටපු අනිත් අයත් ජීප් රථවලට නග්ගගෙන සිද්ධිය වෙච්ච තැනට එවලෙම ගියා. ඒ සිදුවීමෙදී එතුමා නිර්භීතව කටයුතු කළා.

කොබ්බෑකඩුව මැතිතුමාත් මමත් අතර විශාල වයස් පරතරයක් තිබුණා. ඒ නිසා මම එතුමා එක්ක හැම තිස්සෙම වැඩ කළේ විශාල ගෞරවයක් සහිතවයි. එදා එතුමා කළ සේවය රටේ තරුණයන්ට දැනගන්නට ඉඩ සැලැස්වීම ඉතාම වැදගත් වෙනවා. ඔහු මේ සමාජයට කළ සේවය පිළිබඳව වෙනමම පර්යේෂණයක් කිරීමට කාලය ඇවිල්ලා. ඉඩම් අක්කර හාර ලක්‍ෂයක් වගා කරන්න කොබ්බෑකඩුව මහත්තය උත්සාහ ගත්තා. ඒත් අද මේ රජය හාර ලක්‍ෂයක කුඹුරු මුඩුබිම් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා යැයිද මහින්ද රාජපක්ෂ මහතා කීය.

මෙම අවස්ථාවට හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු. ජයරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සහ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ ඥාතීහු හා හිතවත්හු පිරිසක් සහභාගී වූහ.



අදහස් (2)

කොබ්බෑකඩුව මහත්තයා අද වගේ කාලෙක ඉඩම් ජනසතු කළානම් එතුමාත් අද එෆ්සීඅයිඩියේ

mahinda gamage Wednesday, 20 September 2017 01:01 PM

මේකත් හරිය නරියා මිදි තිත්තයි කිව්වා වගේ... හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා ඉඩම් ජනසතු කරා මිසක් තමා සතු කරගත්තේ නෑ. එතුමාගේ දරුවන්ට ආච්චිලා හිටියේ නෑ... එතුමාගේ දෙමාපියන් වෙනුවෙන් ජනතා මුදලින් කොටි ගනන් වටිනා සොහොන් හැදුවේ නෑ. තමාගේ කිසියම් ඤාතියකු හො සහෝදරයකුට රාජ්‍ය බලය අයුතුලෙස පාවිච්චි කිරීමට දුන්නේ නෑ.

:       0       119

Ajith NissankaThursday, 21 September 2017 02:54 AM

මට මතක හැටියට දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව ඉඩම් බෙදාදීම සම්බන්ධයෙන් එදා නඩු වැටුණා.! එවකට තිබුන ජනාදිපති කොමිසම හමුවට ගිහිල්ල තමන්ගේ නිර්දෝෂ බාවය ඔප්පු කළා! ඒකට හේතුව හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා ඉඩම් ජනසතු කරා මිසක් තමා සතු කරගත්තේ නෑ ඔබ කිව්වා වගේ!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site