IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තු වුණත් ලැබුණේ රාජ්‍ය අමාත්‍ය ධූරයක්

(කාංචන කුමාර ආරියදාස)
 
මාතලේ දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය ධුරයක් ජනතාව බලාපොරොත්තු වුවද තමන්ට ලැබුණේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් බවත් එය  ජනතාව ගෙන් විමසා ඔවුන් ලබා ගැනීමට කීව නිසා රාජ්‍ය අමාත්‍යධූරය ලබාගත් බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා අද (24) දඹුල්ලේ දී පැවසීය.


රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීමෙන් පසු රංජිත් අලුවිහාරේ මහතා පිළිගැනීමේ උත්සවයක් දඹුල්ල නගර මධ්‍යයේ දී පැවත්විණි. 


අලියකු පෙරටු කරගත් පෙරහරකින් දඹුල්ල  නගරයේ සිට බස් නැවතුම්පළ වෙත දක්වා රාජ්‍ය අමාත්‍යවරයා කැඳවාගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී වූ සූදානම් කර තිබිණි.


මෙහිදී දඹුල්ල එජාප ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතා පිරිස පිළිගැනීමෙන් පසුව  සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැමිණ සිටි ජනතාව අමතමින් පැවසුවේ තමන්ට රාජ්‍ය අමාත්‍ය ධූරයක් හෝ තනතුරු ලැබීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ස්තූතිවන්ත විය යුත්තේ ජනමාධ්‍යයට බවයි. 


ජේෂ්ඨත්වය හා පක්ෂ ක්‍රියාකාරීත්වය අමතක කර දමමින් ඒ පිළිබඳව හඬක් නොනඟා සිටියදී මාතලේ දිස්ත්‍රික්කයට  අමාත්‍යධූරයක ඇති අවශ්‍යතාවය මෙන්ම තමන් කලකිරීමෙන් සිටින බව  මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ මෙම අමාත්‍යධූරය ලැබුණු බව සඳහන් කළේය.


කැබිනට් අමාත්‍යධුරයක් තමන් බලාපොරොත්තු වුවද තමන්ට රාජ්‍ය අමාත්‍යධූරයක් ලැබෙන බව දැනගැනීමට ලැබීමෙන් පසු තමන්  එක්සත්  ජාතික පක්ෂ ක්‍රියාකාරීන් නිවසට ගෙන්වා රාජ්‍ය අමාත්‍යධුරය බාරගන්නවාද නැද්ද යන්න ඔවුන්ගේ මතය විමසූ බවත් ජනතාවගේ ඉල්ලීම නිසා රාජ්‍ය අමාත්‍යධූරය බාරගත් බවත් සඳහන් කළේය.


තමන්ට සංචාරක  අමාත්‍යාංශය යටතේ යම්කිසි සේවාවක් සිදු කිරීමට හැකියාව පවතින බවත් ක්‍රිස්තියානි කටයුතු පිළිබඳව ජාති ආගම් භේදයකින් තොරව තමන්ට සේවාවක් ලබා දිය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


මධ්‍යම පළාත් භා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් දඹුල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක අනුර ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (7)

කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තු වුණත් ලැබුණේ රාජ්‍ය අමාත්‍ය ධූරයක්

d.upul Sunday, 24 June 2018 11:43 AM

ජනතාව නම් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙයාලට තමයි ඇමතිධුර ඕනේ... හැකි තරම් මහජන මුදල් මංකොල්ල කන්න...

:       51       121

shan saudi Sunday, 24 June 2018 12:15 PM

මන්ත්‍රී කෙනෙක් කියන්නේ රජෙක් වත් දෙවියෙක් වත් නෙවේ රටේ රාජ්‍ය සේවකයෙක් එම සේවකයා කුමන නිලතල ලැබුවද තමන්ට හිමි රාජකාරිය කරන්නෙම ඔහු උතුම් සේවකයෙන් වනු ඇත නමුත් මේ සේවකයන්ට අවශ කරන්නේ ජනතාවට සේවය කිරීමට නොවේ ඉහල තානාන්තර ලබාගන රටට හෝ ජනතාවට සේවය කිරීමට හෝ නොවේ ඉහලින් වැජබීමට හා එම තානාන්තරය හරහා ලැබෙන වරප්ප්‍රසාද ඉහලින්ම ලබා ගනිනිමින් හැකි තරම් රජය දේපල හා මහජන මුදල් කොල්ල කෑමටයි මොහු මේ වැලපෙන්නේ ඒ කාරිය කර ගැනීමට නොහැකි වීමේ දුකට මිස ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොවීම නිසා නොවේ කිසිදු වරප්ප්‍රසදයක් නොලබා නිහඩව රටට අමිල සේවයක් කරන කල උතුම් රාජ්‍ය සේවකයන් මෙන්ම දෙසපාලකයන්ද අප රටේ නැතුව නොවේ

:       69       141

RaveendraMonday, 25 June 2018 04:14 AM

shan saudi මයා වෙත , ඔබගේ හරවත් මෙන්ම සාරවත් අදහස් පිලිබදව අපද සතුටු වන්නෙමු. අවාසනාවකට මේ මහජන නියෝජිතයන් යැයි කියා ගන්නා අම්බරුවන්හ‍ට කියවීමේ, තේරුම් ගැනීමේ හැකියාව අල්පය. මහජන මුදලින් නොමිලේ සුර සැප විදීමට පමණක් හොදින් සියලුම හොරකම්, මැරකම්, ජඩකම් . පාදඩකම් , දුෂණ වැනි සමාජ විරෝධී ක්‍රියාවන් කිරීමේ " කෙල පැමිණියෝ " වන්නෝය. "අවංකව තම රට වෙනුවෙන් සේවය කරන්නෝ වරදාන, වරප්‍රසාද , පහසුකම් අපේක්ෂා නොකරන්නෝය ". මහජන සේවය කරන මුවාවෙන් මහජන මුදල් කාබාසිනියා කරන්නෝ " බුරුවන්ය". දැන් ඔබ සැමට බුරුවා සහ අවංක මහජන නියෝතිතයාගේ වෙනස ඉතාමත්ම හොදින් වැටහෙනු ඇතයි අප විස්වාස කරන්නෙමු.

:       0       54

Raveendra Sunday, 24 June 2018 01:24 PM

කතාව සහතික ඇත්ත රට වෙනුවෙන් අවංකව සේවය කරන්න නම් ලොකු ලොකු තනතුරු ඕනෑම බව හැබවකි. තනතුර ලොකුඋනුත් පමණක් මගේ බඩවියත රැක ගන්න ගමන් රටට සේවය කරමි...පොඩි තනතුරු ලැබුණු මගේ බඩවියත පමණක් රැක ගනිමි. මේ ඉන්නේ අපේ රටට සේවය කිරීමට පැමිණි මහජන නියෝජිතයකි..... ලබන වරත් මේ හාදයාව අදාළ මඩුවට යැවීමට පෙළ ගැසෙමු....

:       46       133

Banda Monday, 25 June 2018 03:32 AM

සහතික ඇත්ත. ජනතාව බලාපොරෝත්තු වෙන්නේ සේවයක් මිස ඇමති කම් නොවෙයි.

:       0       11

kalani Monday, 25 June 2018 05:26 AM

මාතලේ ජනතාව කසාය බිව් ගොළුවෝ වගේ හිටියේ මේතුමාට කැබිනට් ඇමතිකමක් අරන් දෙන්න උද්ඝෝෂණය කරන්න තිබුනා පාරවල් වහලා. මොකද ජනතා සේවයට ලොකු තනතුර නැතිව බැහැ.

:       0       29

Saththaya Tuesday, 26 June 2018 02:40 AM

ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 ටම කැබිනට් අමාත්‍ය ධුර පිරිනැමුවානම් හැමෝම රටට වැඩක් කරනවානේ . ඒකයි මේ රටේ වැඩක් කෙරෙන්නේ නැත්තේ .

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 680 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1195 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 373 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site