IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


කොක්කෙන් එල්ලුනු ආණ්ඩුවක අපි ඉන්නේ

(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
මම දැන් ඉන්නේ කොක්කෙන් එල්ලුනු  ආණ්ඩුවක . අපි උඩුගන්බලා  පීනන්න  ඇවිත් ඉන්නේ. එහෙම හිටියේ නැත්නම් මට ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ගේන්න  හිටියේ. ඉදිරියේදි ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ජනමාධ්‍ය පීඨයක්  ඌවවෙල්ලස්ස  විශ්ව විද්‍යාලයේ ආරම්භ කරනවා .
ප්‍රබුද්ධ පුවත්පත් කලාව  ගිහින්. ඕපාදූප ගොසිප් ජනමාධ්‍ය පුවත්පත් කලාවක් රටේ අද තිබෙන්නේ. දේශපාලකයන් , පරිපාලන නිලධාරීන් ඕපාදූප පුවත්පත් කලාවේ බයිට් එකට පත්වෙලා .
ජාතික ආගමික සංහිඳියාව ඇති කිරීමේදි මාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. එම නිසා මාධ්‍ය පරිස්සමෙන් හසුරුවන්න ඕන. ජාතික සංහිඳියාව  රටේ ඇති කිරීම සදහා වත්මන් ජනාධිපතිවරයා විශාල  කාර්ය බාර්යක් කරනවා යැයි
ප්‍රවාහන , සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද  (16)බදුල්ලේ හෙරිටේජ්හෝටලයේදී  අද (16) දී  පැවසීය .
ශ්‍රී ලංකාව තුළ ජාතික සංහිඳියාව ස්ථාපිත කිරීම සදහා ජනමාධ්‍යවේදීන් සතු කාර්ය බාරය සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ  වැඩමුලුවට සහභාගි වෙමින්  අමාත්‍යවරයා එසේ කීය .
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කළ මෙම වැඩමුළුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කර තිබිණ .
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය .
 

ඌව පලාතේ , බදුල්ල දිස්ත්‍රික්කයේ සිංහල ,දෙමළ ,මුස්ලිම් , මැලේ වැනි ජාතීන් රැසක් සමගියෙන් ජීවත්වෙනවා .නූතන දේශපාලන සංස්කෘතිය සමඟ ජාතිවාදය ,ආගම්වාදය අප ප්‍රදේශ වලත් ඇව්ලිගෙන යනවා .මැතිවරණයක් එනවිට සංහිඳියාවක් නෑ.ජාතික දේශපාලන පක්ෂ වලට වඩා අද කුඩා පක්ෂ බලවත් වෙලා .ජාතිය ,ආගම පදනම් කරගත් දේශපාලන දර්ශනයක්  එහි තිබෙන්නේ .එදා එජාපය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හදන විට  ජාති,ආගම් පක්ෂ බේද කිසිවක් තිබුනේ  නැහැ .ජාතික සංහිඳියාව කෙසේවෙතත් මේක කෑලි,කෑලි වලට  කැඩෙන තත්ත්වයට අද පත් වෙලා  ගිහින්.
ප්‍රධාන  දේශපාලන පක්ෂ  අද අනික් දේශපාලන පක්ෂ  වල සිරකරුවන් වෙලා .ජාතික සංහිඳියාව  දැන් කොහේද. රටේ තිබෙන මූලික ප්‍රශ්නය අපි තේරුම් ගන්න ඕන .ඇමරිකාව , ජර්මනිය  වැනි රටවල් ඇවිත් අපට සංහිඳියාව උගන්වනවා .
නමුත් ඒ රටවල් වල තත්ත්වය මොකක්ද .අපි මේ රටෙන්ම ඒ සදහා විසදුමක් ගන්න  ඕන .අද ජනමාධ්‍යවේදීන්ගේ කාර්ය බාරය  ජනමාධ්‍ය ආයතන වලින් සිදුවනවාද කියන එක අපට ප්‍රශ්නයක්



අදහස් (3)

කොක්කෙන් එල්ලුනු ආණ්ඩුවක අපි ඉන්නේ

Saman herath Sunday, 17 December 2017 02:37 AM

මේ නිව්ස් එකේ කොපියක් බාගත කර ගන්නේ කොහොමද?

:       0       1

BamunuarachchiMonday, 18 December 2017 01:31 PM

ඔක්කොම සිලෙක්ට් කරන්න කොපි කරන්න මයික්‍රොසොෆ්ට් වර්ඩ්ස් ඕපන් කර පේස්ට් කෙරන්න. මොකක්ද ප්‍රශ්නය?

:       0       0

Bamunuarachchi Monday, 18 December 2017 01:32 PM

අපි ඔය ගොල්ලන්ව හවදාහරි කොක්කේ එල්ලනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 422 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 865 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site