ඩයනා උදයංගනී
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව සම කැබිනට් ප‍්‍රකාශක ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
නමුත් එහි සිටින දෙදෙනෙකු එම එකතුවීම වළක්වමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
පක්‍ෂය දෙකඩ කර වසර 20ක් පමණ විපක්‍ෂයේ තබා ඉන්පසු පක්‍ෂය ගොඩනගාගෙන රටේ බලය ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි කී අමාත්‍යවරයා ඒ දෙදෙනාගේ නම් ඉදිරියේදී රටට හෙළි කරන බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයින් සිටින්නේ කවුරුන් සමඟද යන්න පළාත් පාලන මැතිවරණයේ දී පැහැදිලි වනු ඇතැයි ද දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආත බූත නැතිව දොඩවන හරක් ඇමති කෙනෙක් මේ.
ඔබතුමා ජී.ඇල් පිරිස් මහතා සමග ශ්‍රී ලනිපයේ සිට එජාපෙට පැන්නා. ඉන්පසු එජාපෙ ඉඳන් මහින්ද මහතාගේ ඔඩොක්කුවට පැන්නා. එතනින් සිරිසේන මහතාගේ ඔඩොකුවට පැන්නා. ඔබතුම හිතන් ඉන්නේ රටේ ඉන්න දේශපාලකයින් සියලු දෙනාම වඳුරන් කියලද ?
මේ වෙන්ව ඉල්ලීම රටට හිතකරයි. ඒකාබද්ධයේ පෙරමුණ ගෙන සිටින්නේ මහින්ද මහතාට වඩා එම රජයෙන් වාසි ලැබූ අයයි. එමෙන්ම ආතක් පාතක් නැති වීරවංස, වාසුදේව, ගම්මන්පිල වැනි අයයි. ඇතැම් මුහුණු දකිනවිට හිරේ නොසිටීම ගැන පුදුම හිතේ. යූඑන්පිය සමග ගිවිසුම් නොගසා විරසක නොවී වෙනම ඉල්ලන්න පැරදුණත් හොඳ මිනිසුන් ඉතිරිව ගමන යාහැක. ඒකාබද්ධයට යනඑන මං නැතිවෙනු ඇත. ඒකාබද්ධය පවතින්නේ ජාතිවාදය සහ නිවට වහළුන්මෙන් සිතන අය සමගය. නිවටුන් නිවට මානසික තත්වය ඇති අය සිතනුයේ නිදහස සහ බඩ අතරින් වඩා වැදගත් බඩ බවයි. එහෙත් නිවහල්ව සිතන අයට පවුලක හෝ පුද්ගලයෙකුගේ සංදර්ශන දිගු කලක් ඉවසා සිටිය නොහැක. එසේම කලගුණ සැලකීමට තමන්ගේ හිස දන්දිය නොහැක.
මෙයා නම් දොඩවනවා. දෙන්නෙකුට පුළුවන්ද මහින්ද මහත්තයා ඇතුළු අය සියලුදෙනාගේ කැමැත්ත පිටින් වැඩකරන්න. පසුගිය ඡන්දෙදි මහින්ද මහත්තයා වෙනම ඉල්ලුවේ නැති එකගැන අපි අදටත් දුක්වෙනවා. එහෙම කළා නම් කාගෙවත් උගුලකට අස්වෙන්නේ නැහැ. එහෙම ඉල්ලුවානම් එතුමා එක්කෝ අගමැති, එහෙම නැතිනම් විපක්ෂ නායක... දැනට රජය කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය දිහා බැලුවාම , එදා අගමැති වෙන්න බැරි වුණානම්, අද අනිවාර්යයෙන්ම රජයක් පිහිටුවලා.
කොච්චර මොනවා උනත් , නිදහස් පාක්ෂිකයෙකුගේ ජන්දය අතෙන් පිට දාන්න අත නැවෙන්නේ නැහැ.
මේ රටට මොනවා වෙලාද ? ඡන්දය දිනන්න ඕනෑම දූෂිත කණ්ඩායමක් එක්ක එකතු වෙනවා. මේ රට හදන ක්‍රමයද? රට නැති කරන ක්‍රමයක්. ලංකාදේශය පාලනය කරන මහත්වරු යහපත් වෙන්න ඕනෑනේද? දැන් හැම පක්ෂයකම ඉන්න දූෂිත අය එලියට තල්ලු කරලා, මුදලට ගිජු නැති මහත්වරු ටිකක් පක්ෂවලට හොයා ගන්න ඕනෑ වෙලාව. එහෙම වෙන්නේ නැතිනම් ලංකාවට සියලු දෙවියන්ගේම පිහිටයි. මහත්මා ගතිගුණ නොදන්නා දේශයක් වෙන එක කාටවත් වළක්වන්න බැහැ.. ඒක ස්ථිරයි.
කුමාර් හරි... කකුළුවා කෙලින් යන්න පැටවුන්ට කියලා දෙනවා.... ඒ රටේ ඇමතියෝ කෙලින්නේ පිස්සු තමයි.
බොරුවට නිකන් ඒකාබද්ධය කියකියා නන්දොඩවන්නෙ නැතිව කෙලින්ම කියන්න. හොරගොල්ලෙ කෙනයි, හොරගොල්ලෙ රවුම්ගහන කෙනයි කියලා.
චමින්ද, දැන් තියන තත්වය අනුව නිදහස් පක්ෂයට දුන්නත් ඒජාපයට දුන්නත් වෙනසක් නැත. බලය වෙනුවෙන් මෙවරත් ඔවුන් ඡන්දයෙන් පසු එකතු වෙනවා. එ්ක ස්ථිරයි. මේ පාර හැමෝම කල්පනා කරලා තමන්ගේ ඡන්දය පාවිච්චි කළොත් හොඳයි.