ඉන්දික අරුණ කුමාර
ඒකාබද්ධ විපක්ෂය යනු තේ කොප්පයෙත් කිඹුලන් දකින පිරිසක් බව ලග්ගල එක්සත් ජාතික පක්ෂ මණ්ත්‍රිනී රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය සඳහන් කළාය.
විවිධ ප්‍රදේශවල විවිධ අවස්ථාවල දී ගැටුම් ඇතිවන බවත් ඒවා ඇතැමුන් උතුරේ සිද්ධි පමණක් උලූප්පා පෙන්වන බවත් ඇය සඳහන් කළාය.
එවැනි සිද්ධින් පදනම් කර ගනිමින් යළි යුධමය වාතාවරණයක් ඇති කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වන බවත් ඒසේ නොකරන ලෙස තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ඇය සඳහන් කළාය.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉඩම අහිමි පිරිස් අතරින් පවුල් 225 කට ඉඩම් බලපත්‍ර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ හැඳි මිටේ කියන්නේ නිකමටද
රටේ ආරක්ෂාවට , යම්සිදුවිමක් වීමට පෙර එය හදුනා ගැනීමේ බුද්ධියක් නැති මේ වගේ උදවියට මෙවැනි ප්‍රකාශ කල හැකි. එත් සත්‍ය එය නොවෙයි. හිටපු මහා බැංකු අධිපති පත්කිරීමේදී ඒකාබද්ධ විපක්ෂය විරෝධතා දැක්කුව. ඒ ඔහු අපේ රටේ පුරවැසියකු නොවීම සහ තවත් හේතු මත. ඒ වගේම බැදුම්කර ගැනීමේදී කරපු විරෝධතා සැලකිල්ලට ගත්තානම් , මේ සිදු උණු බිලියන ගණනක පාඩුව වලකා ගන්නත් තිබුන . අද ඒ කියපුව සත්‍යවේලා නැත්ද ? අද රටේ ආර්ථිකය බින්දුවට බැහැල.
මේ වගේ තවත් කාන්තා නියෝජයන් වැඩි කළොත් රටට යහපාලනය දෝරේ ගලයි.
මඩම් නොදන්නා සිංහල කතානොකර ඉන්න වරිගේ නහගන්නේ නැතිව.