ආරියරත්න රණබාහු
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක්‍රියා සහ ප්‍රකාශ නිසා තමන් බලවත්සේ කණගාටුවට පත්ව ඇතැයිද මෙම තත්ත්වය ජය ගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතා අද (16) පැවසීය.
ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කාණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකුවු සෙනවිරත්න මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීමෙන් පසු පවතින අලුත්ම දේශපාලන වාතාවරණය පිළිබඳව ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ කීය.
ඒකාබද්ධ විපක්ෂයෙන් එල්ල වන බලපෑම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සෙනවිරත්න මහතා මෙසේද කීය.
‘‘ඒකාබද්ධ විපක්ෂයේ අය අතන මෙතන ගිහින් හරයක් නැති නොයෙක් දේවල් කියනවා.මේ අය මෙවැනි ප්‍රකාශ කරයි කියලා අපි කිසිම අවස්ථාවක බලාපොරොත්තු වුණේ නැහැ.
මේක පුදුම සහගත තත්ත්වයක් නමුත් අපි අපේ සටන අවසානය වන තෙක් ගෙන යනවා. එහෙම බැරිවුණොත් මම දේශපාලනයෙන් සමුගන්නවා යැයි මන්ත්‍රීවරයා කීය.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේ කුනු අපුල්ලා ආවම ඔහොම තමයි එදා ඉඳලම ඒකාබද්ධෙ ඉන්න තිබුණා අපටත් ඔයාලා ගැන තියෙන්නෙ කලකිරීමක් අඩුම තරමේ පලාත් පාලන ඡන්දෙටවත් පෙර ආවනම් සලකලා බලන්න තිබුණා......
අය්යෝ දේශපාලනයෙන් සමු ගන්න. දෙපත් නයි වෙන්න ගිහින් හොම්බ බිම ඇනගෙන වගේ.