(විනීතා එම් ගමගේ)
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සමගි කිරීමේ දැඩි වුවමනාවක් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හා ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨයින්ට ඇතත් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පිරිස් ඊට බාධාකරන්නේ යැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ප‍්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡාවට මහ ඇමැතිවරුන්ට යන්නට අවසර දුන්නේ ඒ නිසා බවත් එහෙත් එහි ගියවිට සාකච්ඡාවට සිටියේ ශ්‍රීලනිප පාක්ෂිකයන් නොව වෙනත් කණ්ඩායම් බවත් හෙතෙම පැවසීය.
තමන් විශ්වාස කරන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපාර්ශවය එක් විය යුතු බව යැයි කී දේවප‍්‍රීය මහතා දෙපාර්ශවය අතර එකඟතා වලට තමන් විරුද්ධ නැතැයි ද කීය.
පක්ෂයට සමගිවන්නට ඉඩ නොලැබෙන තවත් හේතුවක් වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සමහරුන් එජාප නායකයින් සමඟ ඇති කරගෙන ඇති ‘‘ ඩීල් ’’ යැයි කී ප‍්‍රධාන අමාත්‍යවරයා අපි මේක කඩල දෙන්නම් අපේ පවුලෙ කවුරුවත් හිරේ දාන්න එපා යැයි එකඟතා පවතින්නේ යැයි ද කීය.
මේ දෙපාර්ශවයේ ම දේශපාලඥයින් ගම්වලට ගියවිට සමගි වන්නැයි පාක්ෂිකයින් බල කරන බව බෙදුණොත් වෙන දේ ඔවුන් පවසන්නේ යැයි ද දේවප‍්‍රිය මහතා පැවැසීය.
ඉසුර දේවප‍්‍රිය මහතා මේ අදහස් පළ කළේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අයෙත් රැවටෙන්නේ නැහැ
ඡන්දෙ ළංවෙන කොටද එකතුවෙන්න මතක් වුනේ? අපි නම් අදටත් පසු තැවෙනවා මහින්ද මහත්තයා පසුගිය මැතිවරණයට වෙනම පක්ෂෙකින් ඉල්ලුවේ නැති එකට. නැවත රැවටෙන්න අවශ්‍ය නැහැ. ඡන්දෙ වැටෙන්නේ පක්ෂයට කියපු අඩවියට එහෙම හිතාගෙන මේ විවරණය කරලා බලලා ප්‍රතිඵලය දැනගන්න. එතකොට වැටහේවි මිනිස්සු ඡන්දය දෙන්නේ එජනිස එකට නෙමෙයි. මහින්ද මහත්තයාට කියලා...
නිවට කුමන්ත්‍රණකාරී වනචාරී අයට සහ ඒ අයගේ ගැත්තන් ගැන ජනතාව බොහෝ විමසිල්ලෙන් සිටිය යුතුය.
මේ ගැන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුය...
බලය ඇති තැන ගැන හිතහිතා උගුරටහොරා බේත් කනව වගෙයි මෙයාලගෙ වැඩ හා කතා. කොපමණ එකමුතුකමක් තිබුනුතැන, ඔයාලගෙ මහතැන පක්ශය කඩාගෙන ගිහිල්ල එය අද පාවාදීල, අපට අමතක නෑ ඕවා.
මම හිතන්නේ මේ ඔබ ගෙවන්නෙ ඔබගේ දේශපාලනකාලයේ අවසානයයි කියලා.
සපත්තු කුට්ටම බැගින් දෙමු. එකතු නූනොත් ගොඩම තමයි.