IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘එදා ගෝඨාගේ ජයග්‍රහණයේ කුමන්ත්‍රණකරු රනිල්‘‘

(සිතුම් චතුරංග)

පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තම කණ්ඩායමේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකළ බවත් ගෝඨාභය මහතාගේ ජයග්‍රහණයේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බවත් සමඟි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේම දැවැන්ත නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භකර දුප්පත් ජනතාව ශක්තිමත් කළ තමන් පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව පත්වු ජනාධිපතිවරයා සිය සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම සිදු කළ බවත් එයට වගකිව යුත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා එලෙස පැවසුයේ වවුනියාව යං ස්ටාර් ක්‍රීඩාංගනයේ පැවති  වවුනියාව දිස්ත්‍රික් ජනහමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය,

අපේ රටේ රාජ්‍ය ප්‍රතිපති ක්‍රියාත්මක කරන්නට විශේෂයෙන්ම මුලපුරන්නේ එය ක්‍රියාත්මක කරවන්නේ අපේ රටේ රාජ්‍ය සේවයයි. වර්තමාන ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදු කරන්නට කටයුතු කරන යුගයක සමස්ථ රාජ්‍ය සේවය අඩුකරන්නට කටයුතු කරන යුගයක හිටි හැටියේ වැටුප් වැඩිකිරිම් ගැන ඉදිරිපත් කරන අවස්ථාවක මම කියන්න කැමති සමස්ථ රාජ්‍ය සේවයේම ඔබලාගේ වැටුප් සියයට 24 කින් වැඩිකිරීමට කටයුතු කරන අතර ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා අප වැඩිකරන්න කටයුතු කරනවා.

ඒ වගේම රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 57500 කරමින් වර්ථමාන රජයේ අසාධාරණ බදු සූත්‍රය සියයට හයේ සිට සියයට තිස්හය දක්වාත් , බදු බරපටවන ඒ බදු සූත්‍රය සියයට එකේ සිට සියයට 24 දක්වා අඩුකරලා මේ රටේ මධ්‍යම පන්තියත් , රාජ්‍ය සේවයත් කටයුතු කරන්න අප ක්‍රියාකරනවා.

විශේෂයෙන්ම තැපැල් ඡන්ද හරහා ලක්ෂක හතකට වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශක කිරීමට පෙනී සිටින රාජ්‍ය සේවා නිලධාරීන්ට ඔබගේ සහයෝගයේ සවිය ශක්තිය අපට ලබාදෙන්න ඔබගේ රැකියා සුරක්ෂිත භාවය තහවුරුකරමින් නියත වැටුප් වැඩිකිරීමකට අප ජනවාරි මස සිට කටයුතු කරනවා.

මේ වර්තමාන රජයේ කටින් බතල හිටවන බොරු පම්පෝරි දේශපාලනය පසෙක දමලා සත්‍ය වශයෙන් රාජ්‍ය සේවයේ නිරතව සිටින රාජ්‍ය සේවකයින් සුරක්ෂිත කරන බව මේ අවස්ථාවේ කියන්නට අවශ්‍යයි.

රාජ්‍ය සේවයේ විශාල පිරිසක් සිටිනවා විවිද ක්ෂේත්‍රවල කම්කරුවගෙ සිට අමාත්‍යංශ ලේකම් වරයා දක්වා තිබෙන සමස්ථ රාජ්‍ය සේවාව රටට බරක් නොව රටට සම්පතක්.

මේ රාජ්‍ය සේවාව වර්තමාන ආණ්ඩුව හැදින්වුයේ රටට බරක් ලෙස. ඒ වගේම වෙනත් විකල්ප කණ්ඩායම් මෙරට රාජ්‍ය සේවය රටේ මුදල් සම්පතට හානියක් බවට පවසන විට රාජ්‍ය සේවය නව වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට සහ ඔවුන්ගේ නිපුන තාවයෙන් උසස් මට්ටමකට ගෙන ඒමට ඒ අයට තාක්ෂණික වශයෙන් දැණුමෙන් සන්නද්ධ කිරීමට යොජනා කරලා සුහුරු රටක සුහුරු රාජ්‍ය සේවයක් සඳහා හඬක් නැගුවේ සමගි ජන බලවේග සන්ධානයයි. 21 වැනිදයින් පසු ඒ නගපු හඬ ක්‍රියාවට නංවන්නට කටයුතු කරන අතර පොලිස් සේවයේ බටා දීමනාව මාස තුනක් සඳහා ලබාදී තිබෙන අතර අප එය ස්ථීර බටා දීමනාවක් ලෙස පරිවර්ථනය කරන බවට කිවයුතුයි.

වර්තමානයේ පොලිස් සේවයේ උසස්වීම් නතර කරලා , ත්‍රිවිද හමුදාවේ වන්රෑන්ක් වන් උසස්වීම් අප ලබාදීමට කටයුතු කරන අතර දැනට සිවිල් ආරක්ෂක සේවයේ භටයින් රුපියල් ලක්ෂ 30 ලබාදී ගෙදර යවන්න ආණ්ඩුව තීරණය කර තිබෙනවා. අප මේ සිවිල් ආරක්ෂක සේවය සුරක්ෂිත කරන බව කිවයුතුයි. රටේ රාජ්‍ය සේවය නූතන වාදි කරමින් ඒ වගේම සියලුම නිලධාරීන් හොද පුහුණුවකට හොද නිපුණ තාවයකට හිමි ශක්තිමත් රාජ්‍ය සේවයක් බවට පත්කරන්නට අපේ රජය අනිවාර්යයෙන් කැපවෙනවා කියා කිවයුතුයි.

වවුනියාව මැතිවරණ ආසනය සඳහා දැවැන්ත සංවර්ධනයක් අප ක්‍රියාත්මක කරමින් වවුනියාව සුරපුරයක් කරන බවට කිවයුතුයි.

අප උතුරු නැගෙනහිර පළාත් ඇතුළු මුළු රටේම දැවැන්ත නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළා එහෙත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මුළුරටේම ඒ ව්‍යාපෘතිය මාගේ පරාජයෙන් පසුව නවතා දැමුවා. එදා අපට ජනවරම ලබාදුන්නා නම් මේ සියල්ල අප වෙනස්කරලා සංවර්ධනය කොට අවසන් කරලා. එදා ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂට බලය දෙන්නට දේශපාලන කුමන්ත්‍රණයේ මහ මොළකරු තමයි රනිල් වික්‍රමසිංහ මහතා.

ඔහු තමයි ගෝඨාභයගේ ජයග්‍රහණයට දේශපාලන ක්‍රමන්ත්‍රණ සිදුකරමින් ඔහුව ජයග්‍රහනය කරා රැගෙන ගියේ. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ගෝලයෝ කියන්නේ මම නිවාස හදනවා කියා ජනතාව පාරට දැම්ම බවට. මා බලයට පත්කළ පසු අවසන් නොමැති සියලු නිවාස ව්‍යාපෘති නිවාස සාදා අවසන් කර ඉඩම් නොමැති පවුල් සඳහා ඉඩම් ලබාදෙනවා කියා ප්‍රකාශ කරනවා.

හැමදාම රටේ ජනතාව දුප්පත්කමින් පෙළෙන්නට බැහැ. දුප්පත් කමින් මිදෙන්නට ඕනෑ. අප එ සඳහා පස්වැදෑරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පිරිභෝජනය , ආයෝජනය , ඉතිරිකිරීම , නිශ්පාදනය සහ අපනයනය යන පස්වැදෑරුම් වැඩසටන ක්‍රියාත්මක කරන අතර එමගින් දුප්පත් ජනතාවට දුගී භාවයෙන් මිදෙන්නට මසකට රුපියල් 20000 ගානේ වසර දෙකක් ලබාදෙනවා. මෙමගින් ජීවන උපාය ශක්තිමත් කරගන්නට ඔබට හැකිවේවි. ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලේ තෙරපී සිටින අපේ ජනතාවට අප ශක්තිය ලබාදෙනවා මේ මර උගුලෙන් ගොඩ එන්නට. පාසල් සංවර්ධනයත් සමඟ සියලු පාසල් ස්මාට් පාසල් බවට පත්කරනවා. පාසල් දරුවන්ට දිවා ආහාරය මෙන්ම අධ්‍යාපනයට ලබාදිය යුතු ප්‍රතිපාදන අප වැඩිකරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ වාරි පද්දතිය දියුණු කරලා මහවැලියත් සමඟ එක්ව වාරි කර්මාන්තය නැති ප්‍රදේශවලට වාරි පද්දති ලබාදී සංවර්ධනය කරමින් ගොවියාගේ වගා ණයත් කපා හරින්න අප කටයුතු කරනවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් කිලෝ පනහක පෝර මිටිය රුපියල් 5000 ලබාදෙන්න කටයුතු කරනවා.



අදහස් (5)

‘‘එදා ගෝඨාගේ ජයග්‍රහණයේ කුමන්ත්‍රණකරු රනිල්‘‘

තස්ත්‍ර මාෂල් Wednesday, 04 September 2024 11:55 AM

කවුද දන්නේ නැහැ අලි රජා වෙන්න කුමන්ත්‍රණ කරලා යහ පාලනය පෙරලුවේ . ‘අනේ සර් අපේ අක්ක මගේ හොර සල්ලිත් එක්ක අහුවෙලා , බේරලා දෙන්න ‘ කිව්වේ කව්ද ? රනිල් මයාද? නිදන් හැරුවේ කවුද ?

:       5       20

සෙනෙවිරත්න Wednesday, 04 September 2024 12:10 PM

එදා 2015 දි යහපලෙනය පරාජය කරන්න අවසාන මොහොතෙ මහින්දට සහය දුන් තිස්ස අත්තනායක ලඟින් තියාගෙන මෙහෙම කියනකොට මොනව හිතෙනව ඇතිද? එදා තිස්ස අත්තනායක කල මහා පාවාදීම අද සජබෙට අමතකයි.

:       1       15

ගමේ එකාලා Wednesday, 04 September 2024 01:29 PM

ඔය කොයි දේශපාලුවාගෙත් කියුම් කෙරුම් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දූෂිත දේශපාලුවන් වැඩි දෙනෙක් තමුන්ට කිට්ටු වෙලා ඉන්නේ නිකම්ද...?

:       0       17

Perera Thursday, 05 September 2024 09:13 AM

මෙයාගේ වටේ ඉන්න එවුන් දැක්කම හරකෙක්ම වෙන්න ඕන මෙයාට චන්දෙ දෙන්න

:       0       0

CHAMEEN PERERA Thursday, 05 September 2024 12:05 PM

සජිත් ට ලේසියෙන්ම දිනන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13282 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site