(විනීතා එම්. ගමගේ)
ඉදිරි මැතිවරණවලදී සන්ධානගතව තරඟ කළත් එජාපය සමඟ සන්ධාන ගතවන්නේ නැතැයි එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න මහතා පැවැසීය.
එම පක්ෂය ලියාපදිංචි කිරිමෙන් පසුව පැවැති පළමු මාධ්‍ය හමුව ජාතික පුස්තකාලයේ දී අද(17) පැවැති අතර එම මාධ්‍ය හමුවෙන් පසු වික‍්‍රමරත්න මහතා මේ බව කීවේය.
තරග කරන්නේ තනිවද නැත්නම් සන්ධාන ගතවද යන්න තීරණය කරන්නේ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව යැයි ද හෙතෙම සඳහන් කළේය.
එක්සත් වාමාංශික පක්ෂය වටා මේ වන විට වාමාංශික අදහස් දරන විශාල පිරිසක් රැස්වී ඇතැයි ද කී ඔහු ලංකා සම සමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම ලෙස මෙතෙක් ක‍්‍රියාකාරී වු තම කණ්ඩායම එජාපය සමඟ එක්වූයේ එම අවස්ථාවේ විකල්ප නොවූ නිසා යැයි ද කීවේය.
එමෙන්ම ව්‍යවස්ථා සංශෝධන කටයුත්තේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන්නේ කෙසේ ද යන්න ගැන අවධානයෙන් පසුවන බවත් රටට ගැලපෙන ජනතාව අනුමත කරන ව්‍යවස්ථාවක් ගෙන ආවොත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත වන බව ද ප‍්‍රකාශ කළේය.
2025 ඔක්තෝබර් මස 08
1593
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1384
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’එජාපය සමඟ සන්ධාන ගත වෙන්නේ නෑ’ - ජයම්පති
pansilu Tuesday, 18 July 2017 09:50 AM
මේවට නම් මට හොඳටම හිනා යනවා...