IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


“එජාපයේ මන්ත්‍රීවරුන් ජනතාවට ඇහුම්කන් දෙන්නේ නෑ“

(අමල් වික්‍රමරත්න )

“එජාපයේ මැතිඇමතිවරු ගන්න සමහර තීන්දු අපිට මේ රජයේ ඉන්න බැරි තත්ත්වයට පත්කරපු අවස්ථා තියනවා. අපේ ඉන්න  මැතිඇමතිවරු කිසි ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ. නමුත් එජාප ඇමතිවරු ජනතාවට ඇහුම්කන් දෙන්නේ නෑ. “යැයි වරාය හා නාවුක නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

“මේ ගැටළුව විශාල වශයෙන් අපිට තියෙනවා. මොකද අපි එජාපය එක්ක දීග කන්න ආවා නෙවෙයි. රටට යමක් කරන්නයි අපි ආවේ.දෙසැම්බර් 31 වෙනකම් රජයෙන් යනවා ද නැද්ද කියන තීන්දු නොගන්නා බවත් ජනාධිපතිවරයා අපි කෙරෙහි තබපු විශ්වාසය නොබිදින බවත් කියන්න ඕනේ.ඔය දහයේ විසිදෙනාගේ කල්ලිවල මම නැහැ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

අද (16) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

ඒ මහතා මෙසේද කීය.

“අපි රජයට ආවේ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් තුළයි.ඒ නිසා  දහදෙනාගේ පහලොස් දෙනාගේ කණ්ඩායම්වල මම නෑ. මම ඉන්නේ 41 ක් දෙනාගේ කණ්ඩායමේ. යනවා නම් රජය සමග සිටින 41දෙනාම එකවර ඉවත් වෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගියා. මේක ජනාධිපතිවරයා දක්වා ගියා. මම නම් කිව්වේ මම ස්වාධීන වෙන්නේ නෑ. යනවා නම් මම කෙලින්ම විපක්ෂයේ වාඩි වෙනවා.“
“දෙසැම්බර් 31 වෙනකම් අපි කිසි තීන්දුවක් ගන්නේ නෑ. මොකද ජනාධිපතිවරයා අපි කෙරෙහි තබපු විශ්වාසය බිඳිනේනේ නෑ.අද හෙට ආණ්ඩුවෙන් ගිහින් වැඩක් නෑ. ගිහිල්ලා තීන්දු ගන්න බෑ. යනවා නම් ආණ්ඩුව වෙනස් කරන්න බලාගෙන යා යුතුයි. ආණ්ඩුවේ ශක්තිය අඩුකරන්න එලියට ගිහිල්ලා වැඩක් නෑ.“

“මේ ආණ්ඩුව 2020 වෙනකම් යනවා.  ජනාධිපතිවරයාට තියෙන විදේශීය රටවල තියෙන පිළිගැනීම ඉතා ඉහළයි. බංගලිදේශයේ දී ඉතා විශාල ගෞරවයක් ලැබුණා . ඒක ඉතා ඉහළ පිළිගැනීමක්. එහි ප්‍රතිළුල  තව සති කිහිපයකින් ලැබේවි. මේ සංචාරය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින්ගේ පැසසුම් ලැබුණා. අපේ රටේ නාවික ක්ෂේත්‍රය පුළුල් කරන්න ගිවිසුම් අත්සන් කළා.බංගලිදේශ සංචාරය දින දෙකහමාරයි. මේ කාලය තුළ පැය භාගයක්වත් අපතේ නොහැර රට වෙනුවෙන් අවශ්‍යම දේවල් කළා.“



අදහස් (3)

“එජාපයේ මන්ත්‍රීවරුන් ජනතාවට ඇහුම්කන් දෙන්නේ නෑ“

kumar (galf) Sunday, 16 July 2017 08:35 AM

මෙයා නම් හරියටම මිනිසුන්ට අහුන්කන්දෙන හොඳ මහත්තයා, මොකටද ඉතින් මගේ කට !

:       0       0

sahan Sunday, 16 July 2017 01:51 PM

මොනවා වුණත් මේ මනුස්සයා හොරෙක් නොවෙයි, පසුගිය අවුරුදු දහයේ හොරෙකුට රැවටිලා තමන්ගේ තියෙන දේවලුත් විකුණපු මනුස්සයෙක්, සමහරු රජකරවන්න තමන්ගේ දේවලුත් විකුණලා වියදම් කරපු කෙනෙක් හින්දා හොඳ පුද්ගලයෙක්...

:       3       0

one srilankan Monday, 17 July 2017 01:43 AM

ලෝකේ සියලුම රටවල්වල පිළිගැනීම තිබුනත් රටේ බහුතර ජනතාවගේ පිළිගැනීමක් නැත්තම් කිසිම රජයකට අවගේම නියෝජිතයකුට පැවැත්මක් නොමැති බව කටමැත දොඩවන බලය තියනකොට මොලවා නැති -මොලය තිඅනකොට බලයනැති උද්දච්ච මහජන නියෝජිතයෝ දැනගන්න ඕනේ ,,,,සියල්ලෝම රට අගාදයකට දැම්ම ,,එපමනයි අපිට තේරෙන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 337 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16525 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 623 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site