IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


එජාපයේ බංකොලොත් බව වහගන්න බණ්ඩාරනායක අගමැතිත් - සිරිමාවෝ මැතිනියත් පිරුවටයක් කරගෙන

(නාලක සංජීව දහනායක)

එක්සත් ජාතික පක්ෂය  තම දේශපාලන බංකොළොත් බව වසා ගැනීම සඳහා බණ්ඩාරනායක මහතාගේ ලේ තැවරුණු සාටකයත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නිල් ඔසරියත්  දිගින් දිගටම භාවිතා කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (3) පැවසීය. 

එබැවින් එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන බවද කීය.

බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ දී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (3) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.

අපේ ආත්මීය දේශපාලන වුවමනාව එක්සත් ජාතික පක්‍ෂයේ න්‍යාය පත්‍රය පරාජයට පත් කිරීමයි. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකළ සියලුම දේශපාලන පක්‍ෂ මෙවර ඒකාබද්ධ පොදුජන පෙරමුණින් තරග කරනවා. ඒ නිසා කොන්දේසි විරහිතව පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කැපවෙනවා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දේශපාලන බංකොලොත් බව වසාගැනීම සඳහා  බණ්ඩාරණායක මහතාගේ රුධිරය තැවරුණ සාටකයත්, සිරිමා මැතිණියගේ නිල් පැහැති සාරියත් පිරුවටයක් ලෙස යොදා ගන්නවා. මේ රටේ ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයේ මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. නමුත් අවසානාවට මේ මහගෙදර එක්සත් ජාතික පක්‍ෂය විසින් බදු අරගෙන තිබෙනවා. ඒ නිසා ප්‍රගතිශීලි කඳවුරට රැඳෙන්න තැනක් නැතිවෙලා තිබෙනවා.              
   
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.» (අ) වගන්තිය යටතේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමා කළා. කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 46.» (ආ) වගන්තිය යටතේ කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 40 සීමා කළා. නමුත් පසුව ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතුවෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කරන්නේ නම් පාර්ලිමේන්තුව රැස්වී පළමු සති දෙකක් ඇතුළතදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පාර්ලිමේන්තුව තුළ තහවුරු කරගත්තොත් කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30 සිට 45 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 සිට 55 දක්වාත් වැඩි කළ හැකි බවට ව්‍යතිරේකයක් ගෙනාවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් සඳහා ගිවිසුම් අත්සන් කළේ වසර දෙකක කාලයක් සඳහා පමණයි. ඒ අනුව 2017 අගෝස්තු මාසේ 21 වැනිදයින් ජාතික ආණ්ඩුවේ නිල කාලය අවසන් වෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසය වනවිට අපි මේ ගැන ශ්‍රී.ල.නි.ප යෙන් විමසුවා. පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා ගිවිසුම දික්කළ බව ශ්‍රී.ල.නි.ප.ය කිව්වා. දෙසැම්බර් 31 වැනිදයින් පසුව ශ්‍රී.ල.නි.පයේ තනි ආණ්ඩුවක් පිහිටුවන බවට මොරදුන්න අපේ බොහෝ මිත්‍රයින් අද නිහඬයි. නමුත් මේ කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූල දැයි අපිට ගැටලුවක් තිබෙනවා. මේ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධියි. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය වශයෙන් අපිට කළ හැකි සෑමදේම කරනවා.

මේ ආණ්ඩුවට තවත් දවස් හයකින් අවුරුදු තුන සම්පූර්ණ වෙනවා. බහුතර බලයක් තිබුණ ශ්‍රී.ල.නි.ප අගමැතිවරයා ඉවත් කරලා මන්ත්‍රීධූර 47ක් තිබූ එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තු බලය දීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනිකව ඝාතනය වුණා. ඊටත් පසුව බැඳුම්කර වංචාවෙන් අගමැතිවරයා බේරාගැනීම සඳහා නියමිත කාලයට වසරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. 

පළාත් පාලන මැතිවරණය ගමේ නගරයේ බලය තීන්දු කරන මැතිවරණයක් මිස මේ මැතිවරණයෙන් ආණ්ඩු පෙරලිය නොහැකි බව අගමැතිවරයා කියනවා. 1993 දකුණු පළාත් සභා මැතිවරණය වෙලාවෙත්  එක්සත් ජාතික පක්‍ෂය මේ වගේ කතා කිව්වා. නමුත් අපි එදා පළාත් සභාව ජයගෙන ආණ්ඩු වෙනසක් කිරීමේ මූලික අඩිතාලම එදා දැම්මා. පෙබරවාරි 10 වැනිදා ඡන්දය දෙන්න යන ඔබ ඡන්දය දෙන්නේ රනිල්ටද - මහින්දටද කියල ඔබෙන්ම අහන්න. ඒ උත්තරය කතිරයක් විදියට සටහන් කරන්න යැයිද කීය. 

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙස් පැවසීය.

ජනාධිපතිවරණයෙන් හා මහාමැතිවරණයෙන් පසුව රටම එකට ඡන්දය දෙන මැතිවරණය මේ පළාත් පාලන මැතිවරණයයි. ආණ්ඩුව මේ මැතිවරණය කල් දැම්මා. අපි පළාත් පලන මැතිවරණය ලබාගැනීම සඳහා වසර තුනක් සටන් කළා. මේ මැතිවරණයෙන් ආණ්ඩුවේ හිතුවක්කාරී පාලනය අවසන් කළ යතුයි. ඒ නිසා මෙය ජාතික මැතිවරණයක් ලෙස අපි සළකනවා. ඒ නිසා රටවනසන ආණ්ඩුව ගෙදර යවමු - යළිත් රට ගොඩනඟමු තේමාව යටගේ අපි පළාත් පාලන මැතිවරණයට තරග කරනවා.

මේ ආණ්ඩුව අපේ රටේ මෙතෙක් තිබූ අසාර්ථකම ආණ්ඩුවයි. මහකන්නය සඳහා පොහොර ටිකවත් දී ගන්නට නොහැකි වීමෙන් ආණ්ඩුවේ අකාර්්‍යක්‍ෂමතාව හොඳටම පේනවා. දේශීයව හා ජාත්‍යන්තරව මේ ආණ්ඩුව දවසින් දවස කඩාගනෙ වැටෙනවා. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙනවා. අද රටේ ආර්ථික සංවර්ධන වේගය ඉතා බරපතළ ලෙස අඩාල වෙලා. විරකියාව වැඩිවෙලා රටේ උද්ධමනය වේගයෙන් ඉහළ යන බව මහබැංකු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ නිසා රටතුළ අසහනකාරී වාතාවරණයක් ඇති වෙමින් තිබෙනවා. මේ ආර්ථික අර්බුදය මහබැංකුවටවත් පාලනය කරගන්න බැහැ. ඉදිරියේදී රට දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙනවා. මේ අර්බුදවලින් ගොඩ ඒමට නම් ආණ්ඩුව පළවාහැරිය යුතුමයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය උපරිම සහය ලබාදෙනවා. නමුත් කොළඹ මහනගර සභාව සඳහා වෙනම තරගකර ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් වූ මනෝ ගනේෂන් මහතාට ආරක්‍ෂාව දීමට සිදුවී තිබෙනවා. ඔහු වෙනම තරග කිරීමේන් ආණ්ඩුවේ ඡන්ද කැඩෙනවා. ඔහුට මරණ තර්ජන එල්ල වෙන්නේ ඒ නිසයි. මනෝ ගනේෂන් මහතාට නිදහසේ මැතිවරණ කටයුතුවල නිරත වීමට අවශ්‍ය වටපිටාව සළසා දෙන මෙන් අපි මැතිවරණ කොමිසමින් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම මේ වනවිට බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. මෙම පරීක්‍ෂණ වාර්තාව ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. මේ වනතුරුත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට භාරදී නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කතානායකවරයා දැනුම් දුන්නා. එමෙන්ම ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව විවාද කිරීමට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට අපි ඉල්ලීමක් කළා. ජී.එස්.පී සහනය කපා හැරීමෙන් ඇමරිකාවත් මේ ආණ්ඩුවට කනට පහරක් එල්ල කළා. 
එමෙන්ම මැදපෙරදිග ඇතිවී තිබෙන ආර්ථික අර්බුද නිසා ලංකාවට ලැබෙන විදේශ විනිමය අඩුවන බවට මහ බැංකුව අනතුරු අඟවනවා. ඒ අතරදී අපේ රටේ පුද්ගලික මූල්‍ය ආයතන කඩා වැටෙනවා. ඒවායේ මුදල් තැන්පත් කළ මිනිස්සුන්ට නැවත ඒ මුදල ගැනීමට නොහැකි වී තිබෙන බව මහ බැංකුව අනතුරු හඟවනවා.  මේ අර්බුධවලින් රට බේරා ගැනීමට නම් මේ දුර්දාන්ත ආණ්ඩුව පළවාහැරිය යුතුමයි. එහි පළමු පියවර ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයෙන් නෙළුම් පොහොට්ටුව ජයග්‍රහණය කරවිය යුතු යැයිද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසීය.

රට විනාශ කරන ආණ්ඩුවේ ප්‍රෝඩාකාරී වැඩ පිළිවෙලට ජනතාව නැවතත් රැවටෙන එකක් නෑයි කියලා අපි විශ්වාස කරනවා. ඉතිහාසයේ පළමු වතාවට හාල් කිලෝවේ, පොල් ගෙඩියේ මිල ඇමරිකානු ඩොලරයේ මිලට වඩා වැඩිවුණා. මේ මැතිවරණයේ දී ආණ්ඩුවට නිසි පණිවිඩයක් නොදුන්නොත් රටේ ජාතික සම්පත් විකුණා දමා චෙක් එක අරගෙන ආණ්ඩුවේ ලොක්කො බයිල නටාවි. සමහරු මගෙන් අහනවා ආණ්ඩුවට යන්නේ කවදද කියලා. රෙදි ඇඳගෙන නම් මට මේ ආණ්ඩුවට යන්න බැරිය යැයිද කීය.



අදහස් (3)

එජාපයේ බංකොලොත් බව වහගන්න බණ්ඩාරනායක අගමැතිත් - සිරිමාවෝ මැතිනියත් පිරුවටයක් කරගෙන

Shan Sunday, 07 January 2018 09:14 AM

මේ වගේ බංකොලොත් අය කියන ඒවා ගණන් ගන්න හොඳ නෑ.

:       0       1

nuwan Sunday, 07 January 2018 11:00 PM

මහින්දලා දන්නවා බැඳුම්කර හොරුන්ට දඬුවම් කලොත් ඒ ගොල්ලන්ගේ පැත්තේ ඉන්න හොරුන්ටත් දඬුවම් ලැබෙනවා කියලා. හතුරාගේ හතුරා මිතුරා කියන සංකල්පය පාවිච්චි කරලා දැන් පොහොට්ටුවත් එජාපයත් එක්ක ඩීල් දානවා.

:       10       0

අය්යෝ සංසාරේ Monday, 15 January 2018 10:54 AM

ඩී එස්, ඩඩ්ලි වේවා! බණ්ඩාරනායක වේවා! රාමනාදන් අරුනාචලම් වේවා! දේශපාලන භේදයකින් තොරව රටට වැඩ කරපු උතුම් නායකයින් ගැන කතා කිරීම වැරැද්දක් නෙමෙයි. ඩලස්ලාට ඉතින් වැඳුම් පිදුම් කරන්නේ රාජපක්ෂලාට විතරයිනේ ...

:       10       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 505 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1657 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 967 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1206 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7429 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 563 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site