(රන්න චන්ද්‍රසේන ගමගේ)
එක්සත් ජාතික පක්ෂය ලොන්ඩ්‍රියක දමාවත් පිරිසිදු කළ නොහැකි පක්ෂයක් බවට පත්ව තිබෙන බවත් මෑතකදී ජනාධිපති තුමාගේ අතට පත් වූ ජනාධිපති කොම්ෂන් සභා වාර්තා දෙකෙන් එක්සත් ජාකි පක්ෂයේ හා ගිය ආණ්ඩුවේ හිටිය හොරු කවුද යන්න රටට හෙලි දරුව් වී ඇති බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (27) දින අගුණකොලපෑලැස්සේ පැවති ජන හමුවකදී පැවසීය.
බැදුම්කර ජනාධිපති කොම්ෂන් සභා වාර්තාවේ පැහැදිලි ලෙසම සදහන් වෙනවා මහ බැංකුවේ මුල්‍ය වංචාවක් සිදු වි ඇති බව. ඊට පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ගේ නම් ගෑවී තිබෙනවා.ඒ බැංකු හොරකමේ වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් භාර ගත යුතු වෙනවා. ඒ වගේම අල්ලස් හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙනුත් පසු ගිය ආණ්ඩුවේ 33 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ බොහෝ අය අර ‘‘මළ බද්දයේ‘‘ සාමාජිකයන් බවට පත් වී ඇති අයයි.අපිට ඒ අය චෝදනා කළාට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙ ඉන්නවා කියල සෑබෑවටම එක්සත් ජාති පක්ෂය සමග ඩීල් දමාගෙන ඉන්නේ ඔය මළ බද්දයේ අය බව රටම දන්නවා.
මහින්ද රාජපක්ෂ මහතා ඡන්දයෙන් පැරදුනු ගමන් ඒ පරාදයට වැඩි පුරම වග කිව යුතු බැසිල් රාජපක්ෂ තම සහෝදරයටත් නොකියා ඇමරිකාවට පැන්නා . එහාට පැනලා පරාජයේ වගකීම එයා බාර ගන්නවා කිවුවා. එහෙම කියපු හාදයා ආපහු පක්ෂයක් හදා ගෙන ආණ්ඩුව ගන්න හදනවා.මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ජනාධිපතිවරණයෙන් පැරදුනේ ඔය සහෝදරයො ටික හා ජේෂ්ඨ පුත්‍රයා නිසා බව අපි පැහැදිලිවම කියනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, 2020 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජයගන්න නම් එක්සත් ජාතික පක්ෂයේ සහය අවශ්‍යයි. තනිකර එක්සත් ජාතික පක්ෂයට ද ජයගන්න නොහැකිය. භේද ඇතිවන සේ කතා කිරීමෙන් වැලකීම හොඳයි.
ඔබලා අවුරුදු ගානක් රජ කරලා , ඒ වකවානුවේදී මොකද කලේ පිරිසිදු වැඩද ? අවංක පුද්ගලයින් දුෂිත වැඩ දැක දැක කොහොමද එහෙම හිටියේ . දැන් අලුතෙන් ඉපදිලා වගේ කතා කරන්නේ පරණ යුගයට යන්න . 2015 මේ පෙලගැස්ම ඇතිව ඇත්තේ තමන්ගේ අයිතීන් ගැන, නිදහස ගැන.
ගිය ආණ්ඩුවේ හිටියේ බුලත් දීලා නැතුවද? අර කතාවක් තියෙනවනේ ගුරා හිටගෙන මොකක්ද කරනකොට ගෝලයෝ දුවදුව ඒක කරනවා කියලා...
අර හවා සහ නරියාගේ කතාවේ වගේ ජොබ් එක රෙදි නැන්දාට බාර දෙමුද? එයා කකුල් දෙකෙන් අල්ලා ගලේ ගසා විසිකරාවි මොකද ඔයගොල්ලොත් එක්ක ඉඳලා ඒ ගොල්ලොත් හත්පොලේ ගාගෙනයි ඉන්නේ...
ඔබ තුමා ඉන්නේ මොකටද ?