IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


එකක් කියා තවෙකක් කරමින් ජවිපෙ සැබෑ නිරුවත රටට හෙළිකළා

(නිමල කොඩිතුවක්කු)

සීමා නීර්ණ කමිටු  වාර්තාවට පක්ෂව  ඡන්දය ලබා දෙන බව පවසා වෙනත් දෙයක් කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ නිරුවත රටට හෙළි වන බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්  මහතා කොළඹදී  අද (28) පැවැසීය.

පලාත් සභා මැතිවරණය කල් දැමීමේ  නිල පංගුකාරයන් බවට ජනතා විමුක්ති පෙරමුණත් පත්වෙන බවත් ඒ අවලාදයෙන් මිදීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවත් බවද ඔහු  සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්  මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

     ‘ පහුගිය 24 වනදා  සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදි පරාජය වුනා.  මේ වාර්ථාව සකස් කර අවසන් කරලා තියෙන්නේ පෙබරවාරි මස 19 වනදායි. එය විවාදය සදහා ඉදිරිපත් කලේ  අගෝස්තු 24 වැනි දාය.

මේ මාස 06 තුළ එම වාර්ථාවේ කිසිදු  වෙනසක් කරලා නැහැ.  මේ කාළය තුළ මේ අමාත්‍යවරයා එහි අඩුපාඩු දැකලා නැද්ද.  ඔහු මේ කාළය තුළ  එම වාර්තාවට දුම් ඇල්ලූවද කියලා අපි අහනවා. ඉතිහාසයේ පළවෙනිවතාවට  අමාත්‍යවරයෙක් විසින් තමන් ඉදිරිපත් කළ වාර්ථාවට විරුද්ධව තමන්ම ඡන්දය භාවිතා කරළා තියෙනවා. 

කුමන ක‍්‍රමයකින් හෝ මැතිවරණය කල්දැමීමේ අභිලාෂය  පමණයි මේ අයට තියෙන්නේ.  පළාත් සභා මැතිවරණය ලබන ජනාධිපතිවරණයට කලින් ගෙනාවොත් ආණ්ඩුව  දන්නවා ඉන් දැවැන්ත  බලපෑමක් ආණ්ඩුවට සිද්ධ වෙනවා කියලා. පළාත් පාළන  මැතිවරණය අත්වෙච්ච ඉරනම හා සමාන ඉරනමක්  පලාත් සභා මැතිවරණයෙන් ඇතිවෙන්න පුලූවන් කියන විශ්වාසය ආන්ඩුවට  තියෙනවා.

ඒ නිසා  ජනාධිපතිවරණයකට මෙපිටින්  පලාත් සභා මැතිවරණයක් ආණ්ඩුව ගෙනෙයි කියළා අපිට විශ්වාසයක් නැහැ.  පළාත් පාළන මැතිවරණය අවුරුදු දෙකහමාරක් ප‍්‍රමාද කළා.  දැන් පලාත් සභා මැතිවරණය කල් දාලා තියෙනවා. 

පලාත් සභා ඡන්ද  විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනාවම ඒක ශේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කලා. මේක කරනවනම්  ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍යයි කියලා ශේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ශේෂ්ඨාධිකරණය එවැනි තින්දුවක් ලබාදීමේදී ආණ්ඩුව කාන්තා නියෝජනය මුවාවෙන් පාර්ලිමේන්තුවේදි  ජනතා විමුක්ති පෙරමුණත් හවුල් කරගෙන මේ පනත සම්මත කරගත්තා. කරලා  මැතිවරණය කල් දැම්මා.

2018  ජූනි 31 වනදාට කළින් පලාත් සභා මැතිවරනය පැවැත්විම සම්බන්ධයෙන්  සහතිකයක් අපි ආණ්ඩුවෙන් ලබා ගන්නවා කියලා එදා  ජනතා විමුක්ති පෙරමුණේ බිමල්  රත්නායක මන්ත‍්‍රිවරයා පාර්ලිමේන්තුවේදිත් ඉන් පිටතත් ප‍්‍රකාශ කළා. අපි අහනවා බිමල්  රත්නායක මන්ත‍්‍රීතුමන්ගෙන්  දැන් ජවිපෙ ලබා ගත්තා කියපු සහතිකය කෝ කියලා.

ජුනි 31 පහුවෙලා දැන් මාස දෙකක් පමන  ගිහින් තිබුනත් පළාත් සභා මැතිවරණය පේන තෙක් මානයක නැහැ. 

සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනාවේ පසුගිය 24 වනදායි. සීමා නීර්ණ කමිටු  වාර්තාව පාර්ලිමේන්තුවේ  සම්මත කළ යුතු බවත් එයට පක්ෂව ජනතා  විමුක්ති පෙරමුණ ඡන්දය ලබා දෙන බවත් ජනතා විමුක්ති  පෙරමුනේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පසුගිය  23 වනදා මාධ්‍ය හමුවක් පවත්වා   කියනවා.

එහෙම කියන ඔවුන් 24 වනදා පැනලා යනවා. එක දිනක් ඇතුලේ තීරණ වෙනස් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් සභාවය අදුන ගන්න හොදම උදාහරණයක් තමයි මේක. ආණ්ඩුව ඡුන්දය නොදි  ඉදිද්දි ජනතා විමුක්ති පෙරමුණට කොන්දක්  තිබුණේ නැහැ කෙලින් ඉඳගෙන  තමන් පක්ෂ පනතට ඡන්දය දෙන්න. ඔවුන් ඒකෙන් පැනලා ගියා.

මේ මැතිවරණය කල් දැමීමේ  නිල පංගුකාරයන් බවට ජනතා විමුක්ති පෙරමුණත් පත්වෙනවා.  ඔවුන්ට ඒ අවලාදෙන් මිදෙන්න බැහැ.  ඔවුන් මැතිවරණ කල් දැමීමේ ක‍්‍රියාදාමයට  තමන්ගේ ඡන්දයත් ලබා දීලා එය සාදාරන කරන්නත් මැදිහත් වුන කණ්ඩායමක්.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ  ඞීල් වලට කරන ගෙවිම් තමයි ඡන්දය  නොදි පාර්ලිමේන්තුව මගහැර යාම.

අද මේ රටේ ආර්ථිකය විශාල වහයෙන් කඩා වැටිලා තියෙනවා. රුපියල සීග්‍රයෙන් බාල්දු වෙමින් තිබෙනවා. මේ විදියට ගියොත් මේ වසර අවසන් වනවිට ඩොලර් එක රුපියල් 200ට විතර නගීවී.’’’’යැයිද මොහොමඞ් මුසම්මිල්  මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

එකක් කියා තවෙකක් කරමින් ජවිපෙ සැබෑ නිරුවත රටට හෙළිකළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site