IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උතුරට බලය බෙදීමක් ඕනෑ

(නාලක සංජීව දහනායක)

දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්‍ෂ විශ්වාස කරන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (1) පැවසීය.

ඒ සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයිද මන්ත‍්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (1) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේද පැවසීය.

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක අතර මත ගැටීමක් ඇතිව තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය නව ව්‍යවස්ථාවේ හරය ලෙස සලකන්න පුළුවන්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය එකඟයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධයි.

නව මැතිවරණ ක‍්‍රමයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකඟයි. නමුත් එක්සත් ජාතික පක්‍ෂය හා ආණ්ඩුවේ අනෙක් දේශපාලන පක්‍ෂ නව මැතිවරණ ක‍්‍රමයකට විරුද්ධයි. මේ ආකාරයට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක කඹ ඇදීම නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වීම හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් වීමක් සිදුවෙන්නේ නැහැ. මෙම විවාදයේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නැහැ. බලය බෙදීම සම්බන්ධයෙන් පමණක් විවාදයට සහභාගීවන සියලූම දෙනා අදහස් දක්වනවා.

පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට රටේ මහා ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. මහා සංඝරත්නය ඇතුළු උගතුන්, බුද්ධිමතුන් සියලූම දෙනා මෙයට තමන්ගේ විරෝධය පළකර තිබෙනවා. මෙම අතුරුවාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස අපිටත් බරපතළ සැකයක් මතුව තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන මෙම අතුරු වාර්තාවේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි පිටපත්වල ඒකීය වචනය සඳහන්කර තිබෙන්නේ වෙනස් විදියටයි.

 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය, ඒකාබද්ධ විපක්‍ෂයේ මතය මේ අතුරු කමිටු වාර්තාවට ඇතුළත් කර නැහැ. මේ විවාද කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ මතය ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පතක් පිළිබඳවයි. කෙටුම්පත හදපු ප‍්‍රධාන කමිටුවල තනතුරු දැරුවේ සුමන්තිරන් මහතායි. ඔවුන්ගේ අතීත  ක‍්‍රියාකාරකම් පිළිබඳව රටවැසියන් දන්නවා. ඒ නිසා මේ කෙටුම්පත සකස් කළ පුද්ගලයන්ගේ චරිත සම්බන්ධයෙන් රට වැසියන්ට විශාල බියක් තිබෙනවා.

 උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතු බව අපි ඉතාම පැහැදිලිවම පිළිගන්නවා. උතුරේ ජනතාවට සිදුවූ අසාධාරණය නිසා ඔවුන් වෙනුවෙන් යමක් සිදුවිය යුතුයි. 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියෙන් උතුරේ ප‍්‍රශ්න සඳහා යම් විසඳුමක් ලබාදුන්නා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා සියලූම බලතල දුන්නේ නැහැ. ඒ නිසා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට සාකච්ඡා කරන්න අපි සූදානම්. අපි බලය බෙදීමට විරුද්ධ නැහැ. නමුත් අගමැතිවරයා හා සුමන්තිරන් මහතා මූලාසනයේ තියාගෙන හදන මෙවැනි අතුරු වාර්තාවලින් බලය බෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීම ගැන අපිට සැකයක් තිබෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලූම දේශපාලන පක්‍ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්‍ෂික සමුළුවක් කැඳවන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශකර තිබෙනවා. එහෙම සමුළු කැඳවනවා නම් මේවා ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම අනවශ්‍ය දෙයක්. ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අගමැතිවරයාට ජනවරමක් ලැබුණේ නැහැ. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාත් මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය වැරදි බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත්කර තිබුණා. ඒකීය වචනය ඉංග‍්‍රීසි භෂාවෙන් යුනිටරි යනුවෙන් සඳහන් වෙන්නේ නැත්නම් තමන් අත උස්සන්නේ නැති බව අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශකර තිබුණා. ආණ්ඩුව හදපු මිනිස්සුත් ආණ්ඩුවේ ප‍්‍රධානියා වන ජනාධිපතිවරයාත් මේ ව්‍යවස්ථා කෙටුම්පතට එකඟ නැහැ.

 ඒ නිසා නිසි ආකාරයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා මහානායක හිමිවරුන්ගේ හා සියලූම දෙනාගෙන් අදහස් ලබාගෙන උතුරේ ජනතාවටත් සාධාරණයක් වන ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සිදුවෙනවා නම් ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. මේක 2020 ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දගන්න බලාගෙන කරන සෙල්ලමක්. මේක උතුරේ ජනතාවට දෙන අයිසින් කේක් කෑල්ලක්. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීමක් සිදුවෙන්නේ නැතැයි පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

තවත් මාස දෙකකින් මේ ආණ්ඩුවට අවුරුදු තුන සම්පූර්ණ වෙනවා. මේ කාලය ඇතුළතදී රටේ කොයිතරම් උද්ඝෝෂණ, වර්ජන, මිනිස්සුන්ට පහරදීම් සිද්ධ වුණාද. ආයෝජකයන් රටට ආවේ නැහැ. ව්‍යාපාර කඩාගෙන වැටිලා. රට අවුල්වෙලා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් රටේ ඇතිවී තිබෙන සියලූම ප‍්‍රශ්න විසඳිය හැකියැයි ආණ්ඩුව කල්පනා කරනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා තවමත් ඉදිරිපත් වෙලා නැහැ. මේ ලෑස්ති වෙන්නේ කොලේ වහල ගහන්නයි. තවත් නොබෝ දිනකින් හදිසියේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න ආණ්ඩුව ක‍්‍රියාකරනවා. ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය තනිකරම නංගි පෙන්නලා අක්ක දීමක්. මේකට විරුද්ධ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරු දැනටමත් අපිත් එක්ක ඉන්නවා. මෙය බහුතර ඡන්දයෙන් සම්මතවීමට අපි ඉඩ දෙන්නේ නැහැ.

අපේ රටේ මෙච්චර කල් වික්කේ පොල් ගෙඩි. දැන් විකුණන්නේ පොල් බෑ. ලූනු කිලෝව රුපියල් 260යි. මිනිස්සු කනව නෙවෙයි ලෙව කනවා. අනිත් පැත්තෙන් පාතාලය හිස ඔසවනවා. ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ මහනායක හිමිවරුන්ට පහර දෙන්න එන්.ජී. ඕ. කාරයින් දානවා. රටේ නීතිය වල් වැදිලා. පොලිසිය පන්නන්නේ ඒකාබද්ධ විපක්‍ෂය පස්සෙයි. අපිව කොයි වෙලේ ඇතුළට දායිද දන්නේ නැතැයි පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා මෙසේ පැවසීය.

 මේ වනවිට රට ඉතාම තීරණාත්මක මෙහොතකට මුහුණ දී සිටිනවා. සංහිඳියාව ඇති කරන්න ගේන ව්‍යවස්ථාවෙන් රට නැවැත අමු සොහොනක් බවට පත්වෙනවා. සංහිඳියාව වචනය ඉස්සරහට දාගෙන ආණ්ඩුව දැවැන්ත කුමන්ත‍්‍රණයක යෙදෙනවා යැයි පැවසීය.



අදහස් (4)

උතුරට බලය බෙදීමක් ඕනෑ

අනුර ඉලන්කෝන් Friday, 03 November 2017 08:28 PM

බය උනාඳ ?

:       544       549

de silva Friday, 03 November 2017 10:49 PM

ඔබලාගේ කතා අහල දැන් එපා වෙලා , ඔබල දේශපාලන කුණු බක්කියට වැටිලා ගොඩක් කල්

:       141       1277

rohana Sunday, 05 November 2017 07:02 AM

මෙයා ඉස්සර සාමාන්‍ය වෙළඳ සේවකයෙක් ....මෙයා එංගලන්තේ ගෙවල් ගහන්න තරම් මුදල් හොරකම් කරපු ඒවා තවම මේ ආණ්ඩුවට හොයාගන්න බැරි වෙලා එක තමයි මෙයා දඟලන්නේ.

:       1       2

සෙනෙවි Wednesday, 22 November 2017 04:52 AM

ආ...කොහොමද ඒක ? එහෙනං මේ ගොල්ල ඕන නෑ ඒක කොරන්න පුළුවන් "යහපාලන" ආණ්ඩුවම තව දුරටත් තියා ගමු.........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site