මොහොමඩ් ආසික්
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරමුණකින් තරඟ කිරීමේ වැඩි ඉඩකඩක් තබෙන බව වාරිමාර්ග සහ ජල කළමණාකරණ අමාත්‍ය විජිත් විජිතමුණිද සොයිසා මහතා කීය.
අද සවස මහනුවර පැවැති ආගමික උත්සව වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එසේ කීය.
මෙහිදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල සිටම පෙරමුණු සංකල්පයත් එක්ක බද්ධව සිටි බවත් කාලයෙන් කාලයට විවිධ පෙරමුණු හදාගෙන මැතිවරණ ජයගුහණය කළ බවත් කී අමාත්‍යවරයා බුලත් කොළයත් පුටුවත් අතත් වගේම නිල් පාටත් රතු පාටත් පක්ෂයට අයිති බවත් පක්ෂ නායකයා හැටියට ජනාධිපතිතුමන් සහ පක්ෂයත් එක්ක සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් පෙරමුණු සංකල්පය පක්ෂයට ඉතා ගැළපෙන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නැති උනොත් ඔයාට දැනට ලැබිල තියන තැබෑරුම් බලපත්‍ර අහිමිවේ ...
ජනාධිපතිතුමාගේ මඩු වලිගය තමයි පාවිච්චි කරන්න වෙන්නේ...