IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ඉතිහාසයේ සතුටු විය හැකි තැන් මෙන්ම අසතුටු විය හැකි තැන් ගැනද සියලු දෙනා දැනගත යුතුයි'

බම්බලපිටිය වජිරාරාමාධිපති, තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්ම රක්‍ෂිත මහා නිකායේ මහ නා හිමියෝ අනුශාසනාව පවත්වමින්. මෙම අවස්ථාවට එක්ව සිටි ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන්, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයද මෙහි වෙති. (ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 

(ඩයනා උදයංගනී)
බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ අධිපතිව වැඩ විසූ පැළෑනේ සිරි වජිරඤාණ නා හිමිපාණන් වහන්සේගේ චරිතය වර්තමාන තරුණ භික්‍ෂු පරපුරට ආදර්ශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) පැවසීය.


ඉතිහාසයේ සතුටු විය හැකි තැන් මෙන්ම අසතුටු විය හැකි තැන් ගැනද සියලු දෙනා දැනගත යුතු බවත්, එවැනි හැදෑරීමක් සඳහා බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසල මගින් සංවිධානය කර ඇති ‘විදුරු විදස්න’ ප්‍රදර්ශනයෙන් මනා මගපෙන්වීමක් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.  


ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථ සිරි වජිරාරාම දහම් පාසලේ සියවස් සමරුව නිමිත්තෙන් සංවිධානය කළ ‘විදුරු විදස්න’ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.


මෙම ප්‍රදර්ශනය ඉකුත් 29 වැනිදා ආරම්භ කෙරුණු අතර ඊයේ (31) එහි අවසන් දිනයයි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දැක්වූ අයුරු. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද මෙහි සිටී

 

මෙම ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 19කින් සමන්විත වූ අතර, ‘ලක් බුදු සසුනේ ඉතිහාසය හා දෑ විරු හරසර’, ‘සිරි වජිරාරාම ඉතිහාසය හා වජිරාරාම සම්ප්‍රදාය, ශ්‍රී සර්වඥ ධාතු පූජෝපහාරය’, ‘සිරි වජිරාරාම පොත්ගුල’, ’වේරගම්පිට සිරි රේවත මා හිමි, පැළෑනේ නා හිමි සේවාවලෝකනය’, ‘සිරිලක දහම් පාසල් ඉතිහාසය සහ සිරි වජිරාරාම දහම් පාසල’, ‘සිරි වජිරාරාම දහම් පාසල් ඇසි දිසි මෙහෙවර’, මඩිහේ මහ නා හිමි සේවාවලෝකනය’, ‘නාරද මාහිමි සේවාවලෝකනය’, අම්පිටියේ ශ්‍රී රාහුල මා හිමි සේවාවලෝකනය’, ‘පැළෑනේ සිරි වජිරඤාණ මහ නා හිමි සිසු මඩල’, ‘මතින් තොර ශ්‍රී ලංකාවක්’, ‘පුත්තා වත්ථු මනුස්සානං’, ‘සුව සරු අහර පිළිවෙත’, ‘උරුමයක අරුමය’,       ගංගොඩවිල සෝම හිමි සේවාවලෝකනය’, ‘රටට පිහිට හොඳ දරුවෝ’, ‘අලෙවි කුටිය’ යනුවෙන් එම ප්‍රදර්ශන කුටි නම් කරනු ලැබ තිබිණි.


මහින්දාගමනයේ සිට මේ දක්වා බුදු සුසනේ ව්‍යාප්තිය, රටට පැමිණි විවිධ ආක්‍රමණවලදී දිවි පිදූ ජාතික වීරවරයන් හා රණවිරුවන් පිළිබඳව, වජිරාරාමයේ වැඩ විසූ නායක හිමිපාණන් වහන්සේලා හා උන්වහන්සේලාගෙන් සිදුවූ ශාසනික හා ජාතික මෙහෙවර, සිරි වජිරාරාම දහම් පාසලේ ඉතිහාසය ආදී තොරතුරු රැසක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබිණි.


එමෙන්ම නීලගිරි සෑයෙන් හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු ධාතූන් වහන්සේලා ද මෙහි එක් කුටියක වන්දනාමාන කිරීම සඳහා තැන්පත් කර තිබිණි.


මෙහි පළමු දිනය වූ ඉකුත් 29 වැනිදා         කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණු අතර දෙවැනි දිනය වූ පෙරේදා (30) දිනයේදී එය විවෘත කෙරුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. 


තෙවැනි සහ අවසාන දිනයේ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි සෑම ප්‍රදර්ශන කුටියක්ම පාහේ නරඹන්නට එක්විය.
ඉන් අනතුරුව ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘විදුරු විදස්න’ ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටියක් නැරඹූ අයුරු. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද මෙහි සිටී


“පැළෑනේ සිරි වජිරඤාණ නා හිමිපාණන් වහන්සේගේ චරිතය පිළිබඳව, උන්වහන්සේගේ ශාසනික හා ජාතික සේවාව පිළිබඳ පුළුල් අවබෝධයක් මෙම ප්‍රදර්ශනය නැරඹීමෙන් ලබාගත හැකියි.
මේ ප්‍රදර්ශනය ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ දරුවන්ට හා තරුණ පරපුරටයි. විශාල ශාසනික සේවාවක් කළ පැළෑනේ සිරි වජිරඤාණ නා හිමිපාණන් වහන්සේ වැනි ඉතාමත් උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාගේ චරිත පිළිබඳ අධ්‍යයනය කිරීමට, ඉගෙනීමට, අවබෝධයක් ලබාගැනීමට මේ තුළින් අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන් පැළෑනේ සිරි වජිරඤාණ නා හිමියන්ගේ චරිතාපදානය පිළිබඳව දැනුමත්, රටේ ඓතිහාසික තොරතුරු, විදේශ ආක්‍රමණ හා ඒ තුළ මතුවූ අභියෝග, ජාතික වශයෙන් සිදුවූ විනාශයන් ආදිය පිළිබඳ මේ ප්‍රදර්ශනය තුළින්  දැකගැනීමට, දැනගැනීමට ලැබෙනවා. 


අතීතයේ මතක සටහන් සිහිපත් කරනවා මෙන්ම විදේශ ආක්‍රමණ තුළ ජාතියකට සිදුවන බරපතළ හානිය, ජාතික ඛේදවාචක, අනුවේදනීය කතා වස්තු, ඉතිහාසයේ අපට සතුටු විය හැකි තැන් මෙන්ම අසතුටු විය හැකි තැන් ගැන මේ ප්‍රදර්ශනය තුළින් මනා අවබෝධයක් ලබාදෙනවා. මේ ප්‍රදර්ශනය දරුවන්ට ඉතා වටිනවා. එමෙන්ම වැඩිහිටියන්ගේ මතකය අවදි කරනවා. දැනුම වර්ධනය කරනවා. ඒ වගේම පැළෑනේ සිරි වජිරඤාණ නා හිමිපාණන් වහන්සේගේ චරිතය අධ්‍යයනය කිරීමේදී වර්තමාන තරුණ භික්‍ෂු පරපුරට උන්වහන්සේගේ චරිතය ආදර්ශවත් චරිතයක්. 


ගිහි, පැවිදි, උගත්, වැඩිහිටි, තරුණ සෑම කෙනෙකුටම මේ ප්‍රදර්ශනයෙන් විශාල දැනුමක් ලබාගත හැකියි.” යැයි ද ජනාධිපතිවරයා පැවසීය. 


බම්බලපිටිය වජිරාරාමාධිපති, තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්ම රක්‍ෂිත මහා නිකායේ මහ නා හිමියෝ මෙහිදී අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.


“මෙම දහම් පාසලේ සියවස් සමරුව නිමිත්තෙන් මෙම ‘විදුරු විදස්න’ නමින් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබෙනවා. අද එහි අවසන් දිනයයි. විශේෂයෙන්ම මෙවැනි කටයුතු අපේ දැයේ දරුවන්ට ඉතා වැදගත්. අපේ ශාසන ඉතිහාසය, ජාතික ඉතිහාසය, සිරි වජිරාරාම සම්ප්‍රදාය, මෙහි වැඩසිටි මහා නා හිමිපාණන් වහන්සේලා පිළිබඳ තොරතුරු, දෙස් විදෙස් ධර්ම දූත සේවාවන් සිදුකළ නායක ස්වාමීන් වහන්සේලා පිළිබඳ තොරතුරු මේ ප්‍රදර්ශනය තුළින් එළිදැක්වෙනවා. උන්වහන්සේලා ශාසනය හා ජාතිය වෙනුවෙන් කළා වූ මෙහෙවර සජීවී කිරීමක් ලෙස මා මෙම විදුරු විදස්න ප්‍රදර්ශනය දකිනවා. මෙය ප්‍රදර්ශනය ජාතියට කිසියම් විදර්ශනයක්. 


විශේෂයෙන්ම අපේ රට, ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට විශේෂ ගෞරවයක්, ප්‍රණාමයක් පුද කිරීමට මෙමගින් කටයුතු කර තිබෙනවා. අපේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමියන් ප්‍රමුඛ ආචාර්ය කමිටුව ඇතුළු මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලු දෙනාගේ සහායෙන් තමයි මේ කටයුතු සිදුවුණේ. මෙම විහාරස්ථානයේ වැඩ විසූ පැළෑනේ ශ්‍රී වජිරඤාණ නා හිමිපාණන් වහන්සේ, නාරද නා හිමිපාණන් වහන්සේ, අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමිපාණන් වහන්සේ, පියදස්සී නා හිමිපාණන් වහන්සේ, අම්පිටියේ ශ්‍රී රාහුල නා හිමිපාණන් වහන්සේ ඇතුළු උතුම් මහ සඟරුවනට පූජෝපහාර කිරීමත් මෙහිදී සිදුවෙනවා.” 


දකුණු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය වල්පොළ පියනන්ද නා හිමියෝ ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ සිසුවියන් පිරිසක් සමඟ සුහද කතාබහක යෙදුණු අයුරු

 


“මේ ප්‍රදර්ශනය සම්බුද්ධ ශාසනයේ දියුණුව මෙන්ම අපේ ජාතියේ ප්‍රෞඪත්වය පෙන්වීම සඳහා සංවිධානය කරන ලද්දක්. මේ පින්බිමෙන් බිහිවූ මහා සංඝ පීතෘන් වහන්සේලා ලංකාවට පමණක් නොව ලෝකයටම කළ සේවය අතිවිශාලයි. එම ධර්ම දූතයන් වහන්සේලා නිසා ලොව පුරා බුදුදහම පැතිරවීමට විශාල මෙහෙයක් සිදුවී තිබෙනවා.” 


ශාන්ති පදනමේ නිර්මාතෘ, කොටපොළ අමරකිත්ති නා හිමියෝ මෙසේ සඳහන් කළහ.


“1930 ගණන්වලදී අන්තර්ජාතික බෞද්ධ ධර්මදූත කටයුතු ආරම්භ කරනු ලැබුවේ මෙම විහාරස්ථානයේ වැඩ විසූ නාරද මා හිමිපාණන් වහන්සේයි. උන්වහන්සේ බටහිර, පෙරදිග රටවල සිදුකළ ධර්මදූත මෙහෙවරෙහි අස්වනු ලැබෙන්නේ මේ කාලයේයි. ධාන්‍ය වැපිරූ හැටියේ අස්වනු ලැබෙන්නේ නැහැ. එයට කලක් ගතවෙනවා. අද අපිට උන්වහන්සේ වැපිරූ සද්ධර්ම බීජ ලොව පුරා ඵලදරන්නට පටන් ගෙන ඇති බව පේනවා. එවැනි භික්‍ෂූන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් එම ධර්ම දූත මෙහෙවරෙහි නිරත වුණා. ඒ සම්බන්ධයෙන් වජිරාරාම විහාරයට ගෞරවනීය ස්ථානයක් හිමිවෙනවා.” 


 ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන්, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


දහම් පාසලේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන විවිධ කලා අංගයන් මගින් ප්‍රදර්ශනය වර්ණවත් කෙරිණි.



අදහස් (0)

‘ඉතිහාසයේ සතුටු විය හැකි තැන් මෙන්ම අසතුටු විය හැකි තැන් ගැනද සියලු දෙනා දැනගත යුතුයි'

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 928 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1176 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7368 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 882 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2054 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3761 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 259 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 75 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site