(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකාව වැනි දියුණු රටවල තාක්ෂණික ක‍්‍රම ආදර්ශයට ගනිමින් මෙරට තිබෙන පහසුකම් ද ප‍්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව දියුණු සෞඛ්‍ය පහසුකම් සපයන රටක් බවට කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා (10) පැවැසීය.
අග‍්‍රාමාත්‍යවරයා එසේ පැවසුවේ ඇමෙරිකාවේදී ලෝක සාගර සමුළුවට සහ වෛද්‍ය පරීක්‍ෂණ කීපයකට සහභාගි වී ආපසු දිවයිනට පැමිණි අවස්ථාවේදී තමා පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිටි මැති ඇමැතිවරුන් හමුවේ අදහස් දක්වමිනි.

‘‘සෑම රෝගයක් සඳහාම වෙන්වූ වෙනම රෝහලක් බැගින් නිව්යෝර්ක් නුවර පිහිටුවා ඇති බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එවැනි දියුණු සෞඛ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවේද ඇති කිරීම සඳහා අදහසක් ගත යුතුව ඇතැයිද කීය.
‘‘බොහෝ ගම්බද රෝහල්වල විශේෂඥ වෛද්‍ය පහසුකම් අවම හෙයින් සියලූම රටවාසීන්ට සමාන සෞඛ්‍ය පහසුකම් දීම සඳහා දියුණු රටවල තත්ත්වයට ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම තම අරමුණ බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ සාගර සම්පත් සමුළුව ඇමතීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් සහ පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් පැටීෂියා ස්කොට්ලන්ඞ් යන මහත්ම මහත්මීන් ඇතුළු ඉහළ පෙළෙහි නිලධාරීන් හමුවී සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ වත්මන් සංහිඳියා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ ක‍්‍රියාවලිය ඔවුන්ගේ ප‍්‍රශංසාවට ලක්වූ බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් හමුවේ පැවැසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිගැනීමේ අවස්ථාවට වැඩම කර සිටි නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් ගැට ගැසූහ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිගැනීමේ අවස්ථාවට රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල වජිර අබේවර්ධන, ඞී.එම්. ස්වාමිනාදන්, තිලක් මාරපන, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සාගල රත්නායක, අකිල විරාජ්, දොස්තර කාවින්ද ජයවර්ධන යන අමාත්‍යවරු මන්ත‍්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වළලු දාපු කට්ටිය එක්කල කතාබහ කරලා ඇවිත් හැමෝටම බ්‍රේස්ලට් දෙනවා කිව්වා. පිට රට වල කොල්ලෝ කෙල්ලෝ ටැබ්ලට් පාවිච්චි කරනවා දැකල හැමෝටම ටැබ්ලට් දෙන්න ගියා. සතියක් දෙකක් ඇමෙරිකාවේ ඉස්පිරිතාලෙක ඉඳල ඇමෙරිකාවේ විදියට ඉස්පිරිතාල හදනවා කියනවා. පරණ පිනකටවත් පණපිටින් දිවියලෝකේ ගිහින් අවොත්? අපි ඉඳල හමාරයි.
මේ ආත්මයේදීම ඔය අරමුණු ක්‍ෂාත් ක්‍ෂාත් කර ගැනීමට ලැබේව!!!!!
ඔය කියන විදියට අපට තියෙන ලෙඩ රෝග කන්දරාවට බෙහෙත් ගන්න රට වටේ එක එක ඉස්පිරිතාල වලට යන්න වෙනවා. මොකද එක එක ලෙඩ රෝග වලට වෙන වෙනම ඉස්පිරිතාලේ බැගින් හදන්න නේ යන්නේ?
ඇමෙරිකාවේ ඉඳල ලංකාවට ප්ලේන් එකේ ආව කියන්නේ දුරගමනක් නේ? එහෙම දුර ගමනක් එකදිගට ගුවනින් ගිහාම වෙලාව එහෙමත් වෙනස් නිසා ඔයවගේ මඤඤන් හිතෙනවා. පහුගිය අවුරුදු දෙක හමාරේ රට සංවර්ධනය කරපු විදියටනම් ඉතිරි කාලේ මේ තියෙන ඉස්පිරිතාලවල සුදුහුණු ටිකක්වත් ගායිද කියලයි සැක?
ඕනේ ගොනෙකුට පුළුවන් අරව දෙනෙව මේවා දෙනවා කියන්න (උපුටා ගැනීමකි, මුල් අයිතිය අහවලා සතුය).
අගමැතිතුමාට ප්‍රතිකාර ගන්න කොච්චර මුදලක් වැය උනාද කියල ඉස්සෙල්ල කියනවද? ඇමෙරිකාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් නෑ කියල ඕන කෙනෙක් දන්නවා. මගේ ඥාති අක්ක කෙනෙක් තනියම ඉද්දි ලෙඩකට බයවෙලා 911 කෝල් කරලා. පොලිසියයි, ගිලන්රතයකුයි වහාම ඇවිල්ල ඉස්පිරිතාලෙට ගෙනියල. පස්සේ ප්‍රවාහන සේවාවට විතරක් ඩොලර් 3000ක බිලක් ඇවිල්ල. ඔන්න ඕකයි එහෙ තත්වේ.
හසන්ත එහෙම හිතන්න එපා. මෙතුමා අපේ මව්බිමට කරලා තියෙන අසීමිත සේවය... ඒ වගේම අපේ රට කිරියෙන් පැණියෙන් උතුරවා සුඛිත මුදිත කරවීම, වැනි කාරණා දිහා බලපුවම මේ වගේ සුළු වියදමක් ජාතික ධනයෙන් වියදම් කිරීම වරදක් නොවෙයි නේද? අනික මෙවැනි කෘතහස්ත නායකයෙක් ඇමෙරිකාව නොවෙයි වෙන ඕන පැත්තකට හරි යවලා තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන ඉඩ හරින එක අපේත් රටේත් වාසනාවක් නොවෙයිද?
දැන් අවුරුදු කීයක් ඕක කළාද.... මොනවද වෙලා තියෙන්නේ? අපේ තියෙන වටිනා දේවල් එහෙට විකුණන එක තමයි කරන්නේ...
මේවා කියන්නේ සිහියෙන්ද? නැතිනම් අසිහියෙන්ද?