IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇමැතිවරුන් තනතුරු බෙදාගැනීමට කා කොටාගත්තාම රටක් පාලනය කරන්නේ කොහොමද?

(නාලක සංජීව දහනායක)


රටේ ඉකුත් දින කිහිපයේ ඇතිවූ තත්ත්වය විමර්ශනය සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට වඩා සියලුම මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කීරීම කාලෝචිත යැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා එසේ කීය.

ජී.එල්. පීරිස් මහතා මෙසේද පැවැසීය.

රජයේ ඇතිවී තිබෙන විවිධ අර්බුද නිසා මේ වන විට රට සම්පූර්ණයෙන්ම අරාජික වෙලා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් විසඳගන්න බැහැ. කැබිනට් සංශෝධනයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් දිවුරුම් දී සති කිහිපයක් ගතවෙලා. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැති ධුර සංශෝධනය වෙලා නැහැ. ඒ සංශෝධනය ලබන සතියේදී සිදුවන බව සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. පසුගිය සති තුනේදී නීතිය හා සාමය විෂය සඳහා ඇමැතිවරුන් තුන්දෙනෙක් පත්වුණා.

නීතිය හා සාමය ඇමැතිකම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබාදීම පිළිබඳව සරත් ෆොන්සේකා ඇමැතිවරයා විසින් දැඩිව විfවිචනය කරනවා. ඇමැතිවරුන්ට විෂයන් වෙන්කරන්නේ ජනාධිපතිවරයා විසිනුයි. එසේ නම් මේ ඇමැතිවරුන් විfවිචනය කරන්නේ ජනාධිපතිවරයායි. කැබිනට් ඇමැතිවරුන් තනතුරු බෙදාගැනීම සම්බන්ධයෙන් මෙහෙම කා කොටා ගන්නා විට රටක් පාලනය කරන්නේ කොහොමද? මෙහෙම ආණ්ඩුවක් ගෙනියන්නේ කොහොමද? 

පොලිස් ස්ථානාධිපතිවරයකු මාරු කරනතුරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මහපාරේ නිදාගන්නේ ඒ නිසයි. මෙවැනි රජයක සිටීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියනවා. මේ රජයෙන් තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාවක් ඇතැයි ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරුන් තුළවත් කිසිම විශ්වාසයක් නැති තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

මේ මොහොතේදී තමන්ට ඇතිවී තිබෙන ප්‍රශ්න විසඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මැදිහත්වීමක් කරන ලෙස රජයේ ප්‍රබල මුස්ලිම් අමාත්‍යවරුන් කණ්ඩායමක් මෙරට සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ගැටලු විසඳීමට රජය අකර්මණ්‍ය වන විට රටට එරෙහිව විදේශීය බලපෑම් දැඩි වෙනවා. මෙවැනි ක්‍රියාවන් මගින් ලෝකයට ප්‍රදර්ශනය වන්නේ තමන්ගේම බෙලහීනතාවයි.

මේ රජයේ මැති ඇමැතිවරුන් සතිය ගානේ බෝවෙනවා. වත්මන් රජයේ සිටින කැබිනට් ඇමතිවරු, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව කොපමණදැයි ප්‍රකාශ කරන මෙන් රංජිත් සොයිසා මන්ත්‍රීවරයා රජයට ප්‍රශ්නයක් යොමු කළා. එයට පිළිතුරු දෙන්න සති දෙකක කාලයක් ඉල්ලා තිබෙනවා. ආණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරු, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව කොපමණදැයි රජය දන්නෙත් නැහැ. රජයේ මැති ඇමැතිවරුන් වරදාන, වරප්‍රසාද භුක්ති විඳිනවා මිස ජනතාවට සේවයක් කරන්නේ නැහැ.

ලෝකයේ කිසිම රටක රජයක් තමන්ගේ රටේ පොලිසිය විවේචනය කරන්නේ නැහැ. නමුත් අපේ රජය තමන්ගේම පොලිසිය විවේචනය කරනවා. පොලිසිය පිළිබඳව ජනතාව තුළ තිබූ ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කළේ රජයයි. ඒ නිසා පොලිසිය හරහා ජනතාවගේ ප්‍රශ්න විසඳා ගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

එමෙන්ම අද වන විට බුද්ධි අංශ අකර්මණ්‍ය වී තිබෙනවා. පසුගිය කාලයේදී රජය දඬුවම් දෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්ට මිස ත්‍රස්තවාදීන්ට නොවෙයි. ඒ නිසා බුද්ධි අංශවලින් ලොකු සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
මේ අර්බුදකාරී තත්ත්වය තුළදී ජනතාවට සහන සැලසිය හැකි එකම පුද්ගලයෙක්වත් රජය තුළ නැහැ. මේ ආණ්ඩුව තිබෙන්නේ මැති ඇමැතිවරුන්ට වරප්‍රසාද භුක්ති විඳීමට මිස ජනතාවට සේවය කිරීමට නොවෙයි.

පසුගිය දින කිහිපයේදී ප්‍රබල මුස්ලිම් නායකයන් හිටපු ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කළා. මෙම තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වන ලෙස ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා පසුගිය දිනෙක මහනුවර ප්‍රදේශයට ගොස් සාකච්ඡා කළා. එමෙන්ම මෙරට සිටින මුස්ලිම් රටවල තානාපතිවරුන් සමඟ සාකච්ඡා කළා. ආණ්ඩුවේ ප්‍රධානීන් එවැනි සාකච්ඡා සඳහා යොමු වුණේ ඉන් පසුවයි.

පසුගිය කාලයේදී ඇතිවූ යම් යම් සිදුවීම් නිසා මුස්ලිම් ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ යම් විරසකයකින් පසුවුණා. නමුත් මේ වන විට එම ජනතාවගේ ආකල්ප වෙනස් වී තිබෙනවා. මුස්ලිම් ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතා වටා පෙළ ගැසෙනවා. එය පවතින රජයට විශාල ප්‍රශ්නයක්. මේ අනිසි තත්ත්වයෙන් පටු දේශපාලන වාසි ගැනීමේ රජයේ උත්සාහය අපි හෙළා දකිනවා.

රට තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය විමර්ශනය සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව රජය ප්‍රකාශ කර තිබෙනවා. එහි වරදක් නැහැ. නමුත් එහි අගය තක්සේරු වන්නේ යෝජිත කොමිෂන් සභාවේ සංයුතිය අනුවයි. පැලැස්තර යොදා යම් යම් චරිත ආරක්‍ෂා කර ගැනීම සඳහා ගන්නා දේශපාලන ක්‍රියාමාර්ගයක්ද යන්න තීරණය වන්නේ මෙම කොමිෂන් සභාවේ සංයුතිය හා කොමිසමේ වාර්තාව නිකුත් වන්නේ කවද්ද කියන කරුණු අනුවයි. ඒ නිසා මේ තත්ත්වය විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීම කාලෝචිත යැයි මම විශ්වාස කරනවා.

මේ අර්බුදකාරී තත්ත්වය තුළදී රජය බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලුම තැනැත්තන් ආරක්‍ෂා කර ගැනීමේ ජාත්‍යන්තර පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා. මෙම භයානක පනත සම්මත කර නොගන්නා ලෙස මහානායක හිමිවරුන් පවා ඉල්ලීම් කළ නිසා රජය පනත ඉල්ලා අස්කර ගත්තා.

එමෙන්ම දේශපාලන වශයෙන් තමන්ට විරුද්ධ චරිත මර්දනය කිරීම සඳහා අධිකරණ පද්ධතිය වෙනස් කිරීමටත් රජය සූදානම් වෙනවා. ඒ පනතට විරුද්ධව නීතිඥ සංගමය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධ මත සමාජ ගතවන නිසා සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය කටයුතු කර තිබෙනවා. කෙටි කාලයක් සඳහා මෙවැනි ක්‍රියා අනුගමනය කිරීම අසාධාරණ ක්‍රියාවක් නොවෙයි. නමුත් දීර්ඝ කාලයක් සඳහා එවැනි ක්‍රියා අනුගමනය කිරීම හොඳ දෙයක් නොවෙයි. මේ ක්‍රියාවෙන් බොහෝ දෙනෙක්ගේ ජීවනෝපායන් අවහිරවෙලා තිබෙනවා. රජය කරන මෙවැනි අනුවණ ක්‍රියා බාලාංශයේ ළමයෙක්වත් කරන්නේ නැහැ.

එමෙන්ම ගැටුම් ඇතිවූ ප්‍රදේශ සඳහා පමණක් හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සාධාරණයි. නමුත් මුළු රටම ආවරණය වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමේ අවශ්‍යතාවක් නැහැ. හදිසි නීතිය පැනවීමෙන් සංචාරක ක්‍ෂේත්‍රය කඩා වැටෙනවා. එමෙන්ම අපේ රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අපකීර්තියක් ඇතිවෙනවා. 

මේ ගැටුම්වලින් වාසි ලැබුණේ වර්තමාන රජයටයි. ගැටුම් නිසා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව කල් ගියා. එක්සත් ජාතික පක්‍ෂයේ හා රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන්ගේ ඉල්ලීම් නිසා අපි ඒ විශ්වාසභංග යෝජනාව ප්‍රමාද කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ අපි වැඩ කරන්නේ ජනතා න්‍යාය පත්‍රානුකූලවයි. එසේ නොමැතිව තම තමන්ගේ දේශපාලන අනාගතය සකසා ගැනීම සඳහා ක්‍රියාත්මක පෞද්ගලික න්‍යාය පත්‍රානුකූලව ක්‍රියා කරන්නේ නැතැයි ද ඔහු කීය.



අදහස් (1)

ඇමැතිවරුන් තනතුරු බෙදාගැනීමට කා කොටාගත්තාම රටක් පාලනය කරන්නේ කොහොමද?

Rathnakeerthie Thursday, 15 March 2018 03:15 AM

ඔබ තුමාගේ අදහස් සමග එකඟවෙමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site