නාලක සංජීව දහනායක
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ලංකාදීප හා නෙත් නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද (19) පැවසීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
එමෙන්ම මාධ්‍යයත් එක්ක ගනුදෙනු කිරීමේදී අපි කවදාවත් වෛරී චේතනාවෙන් කටයුතු කරන්නේ නැහැ. නමුත් සරත් ෆොන්සේකා මහත්තයා නෙත් නිව්ස් වෙබ් අඩවියට හා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදීන්ට බැන වැදුණ හැටි මුළු රටම දැක්කා. කැලණිය ප‍්‍රදේශයේ යම් යම් පුද්ගලයන් තමන් සමඟ විවිධ ගමන් ගිය බව ඔහුම පිළිගන්නවා.
මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම, එක්නැලිගොඩ අතුරුදන් වීම, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වීම වැනි කරුණු ගැන අපිට සුළුවෙන් හිතන්න බැහැ. මේ හැම සිදුවීමක් සම්බන්ධයෙන්ම සරත් ෆොන්සේකා මහත්තයාගේ නම කියවෙනවා. ඒ නිසා මේ තර්ජන ගැන අපිට සුළුවෙන් හිතන්න බැහැ.
එවැනි පුද්ගලයෙක් යහපාලන ආණ්ඩුවේ ඉඳගෙන මාධ්‍යයට තර්ජනය කිරීම යහපාලන ප‍්‍රතිපත්තිය නෙවෙයි. මහින්ද රාජපක්‍ෂ මහත්තය ළඟ හිටියේ මාධ්‍යවේදීන්, සරත් ෆොන්සේකා මහත්තයා ළඟ ඉන්නේ පාතාල සාමාජිකයන්. අනුරාධපුර සිද්ධියේදිත් කැබිනට් අමාත්‍යවරයකුගේ නමක් ගැන අසාධාරණයට ලක්වූ පාර්ශවයෙන් කියන්න උත්සාහ ගත්තා.
නමුත් තර්ජන නිසා ඔවුන්ට ඒ නම කියාගන්න බැහැ. යහපාලන ආණ්ඩුව යටතේ ඇමැතිවරුන්ට මෙහෙම හැසිරෙන්න ඉඩදිය නොහැකි යැයිද කීය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මන්ත්‍රීලා මැරිලා ඉපදුන අය වගෙයි හැසිරෙන්නේ කතා කරන්නේ. දැන් මාධ්‍ය නිදහස් ඕන තරම් නමුත් ඒ දවස් වල?
Rohana ඒ කාලේ තර්ජනය කල නිසා මෙකාලෙත් තර්ජනය කොරන්නද කියන්නේ? මොකක්ද හලෝ එකතාව? මාද්‍ය නිදහස තිබෙනවානම් මොනබම්බුවකටද තර්ජනය කොරන්නේ.
පොන්සේකාත් කොහොමත් ඉඳලා හිටලා ඔලුවේ හලා ගන්නවානේ
බමුණුආරච්චි, ජෙනරල් ෆොන්සේකා දකින්න කලින් මේ ගැන කතා කරන කෙනා ගැන දකින්න. මෙයා පස් ව්‍යාපාරයේ පාතාලයෙක් දැක්කේ නැද්ද? රන්ජන් රාමනායකට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කරනවා. එහෙම නොදකින්න විදිහක් නෑ. ඕනෙ කුණු ගොඩකට හොම්බ දාන එක ඔහෙගේ පුරුද්දක්නේ...