(රොමේෂ් මධුෂංඛ)
ආණ්ඩුව බලයට පත්වීමට පෙර පොරොන්දු වූ පරිදි දූෂණ වංචා ගැන සෙවීමට විශේෂ අධිකරණයක් මෙතෙක් පිහිටුවා නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
“අපේ ස්ථාවරය අනුව හොරා ඇතුළෙ හිටියත් පිට හිටියත් හොරා හොරාමයි.හොරාට දඩුවම් දිය යුතුයි.නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු ප්‍රමාදනම් ඒවා කඩිනම් කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි.විශේෂ අධිකරණයක් පිහිටුවීමට ටිකක් කල් යනවනම් ඒකට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. ඒක සංකීර්ණනම් අඩුම ගානේ වෙනම අධිකරණයක් පිහිටුවගන්න පුළුවන්“
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් වවුනියා මහමයිලන්කුලම් ග්‍රාමයේ සංවිධානය කරන ලද වොලිබෝල් තරගාවලියේ ආරම්භක අවස්ථාවට අද(13) සහභාගී වෙමිනි.
“මහබැංකු බැඳුම්කර ප්‍රශ්නෙ ගත්තත් මේ ජනාධිපති කොමිෂමෙන් වාර්තාවක් ඉදිරිපත් කරනවා.ඒ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට බාරදෙනවා.නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපහු නඩු දානවා.ඉතින් මේ ටික ඉවරවෙන කොට මේ ආණ්ඩුවේ ආයු කාලයත් ඉවරයි.ඒ නිසයි මේ ආණ්ඩු කාලෙත් මහබැංකු බැදුම්කරේ චූදිතයින්ට දඩුවම් ලැබෙයි කියල විශ්වාසයක් නැත්තේ.“
“ඒව කඩිනම් කරන්න නම් වෙනම අධිකරණයක් වහාම පිහිටුවිය යුතුයි.ඒ කාර්යයත් අධිකරණ ඇමතිවරයාගෙ කරපිටින් තියල හරි යන්නෙ නැහැ.කැබිනට් මණ්ඩලයට සහ ජනාධිපතිවරයාට පුළුවන් වහාම තීන්දුවක් අරගෙන අධිකරණ සේවා කොමිෂම හරහා ශක්තිමත් කරන්න.ඒක නොකර දැන් එක ඇමතිවරයකුට විතරක් චෝදනා කරල වැඩක් නැහැ. ආණඩුවට ඕනම තීරණයක් ගන්න පුලුවන් “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්නැහේගේ අදහස නිවැරදියි. කොහේ හිටියත් හොරා හොරාමය. රතු හොරාද, කොළ හොරාද, නිල් හොරාද අපට වැදගත් නැත.
බීමතින් රිය පදවා අහු වුණාට පස්සේ තමන් ලඟින් අරක්කු ගඳක් ආවේ බීපු මිනිහෙක් ඇවිල්ල බදා ගත්තා කියපු අයටත් දඬුවමක් ලැබුණේ නෑනේ.
ආණ්ඩුව යන මේ උදාසීන භාවය නිසා ඒකාබද්ධ විපක්ෂය දිනෙන් දින ප්‍රබල වෙන බව රජයට නොපෙනීම පුදුමයි. මීළඟ මැතිවරණ වලදී රට ඒකාබද්ධ විපක්ෂයට, රන් තැටියක් මත තබා භාර දීමටද, අඟේ ඉඳන් කන, කන හොරු රංචු බලාපොරොත්තු වන්නේ? ජනපතිතුමනි, අගමැතිතුමනි කාලය වේගයෙන් ඉගිලී යනවා. නමුත් හොරු නිදැල්ලේ, සුවෙන් සැපෙන් වැජඹෙනවා....
ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලෙ ගෙවල් වලට පැනල වී ගෝනි මංකොල්ල කෑවෙ.ඇස් පනාපිට අපේ ගෙදරින් අරන් ගියා තුවක්කු පෙන්නල.ලංකාවෙ මිනිස්සුන්ට කිසි දෙයක් මතක නෑ.මෙයාල කොහොමද ශුද්ධ වන්තයො වෙන්නෙ.ඉතිහාසය නොදන්න අපේ නව පරපුරට මෙයාලගෙ පැටිකිරිය හෙලිකරන්න.