IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ආර්ථික කමිටු දැමිල්ලෙන් දේශීය කර්මාන්ත දරුණුවටම කඩාවැටිලා

(ජයන්ත සමරකෝන්)

ආණ්ඩුවේ ආර්ථික කමිටු හේතුවෙන් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයිද අගමැතිවරයා එට්කා ගිවිසුම ගෙනෙන්නට හදන්නේ මෙවැනි පසුබිමක යැයිද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (6) වැනිදා පැවැසීය.

එබැවින් මෙම එට්කා ගිවිසුම අත්සන් කිරීම වහාම අත්හිටුවන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා මෙසේද කීය.

කිසිදු තීන්දුවක්, තීරණයක් ගත නොහැකි ව්‍යාකූල තත්ත්වයක් රජය තුළ පවතින්නේ. ආර්ථික ප්‍රතිපත්ති කමිටුවල නාට්‍යයක ස්වරූපයක් දකින්නට තිබෙනවා. කර්මාන්ත ගොඩගන්නට අඩු පොලියට ණය දෙන බව කීම හුදු ප්‍රචාරයක් පමණයි.

පසුගිය 2015 වසරේ සිට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත දරුණු කඩා වැටීමකට ලක්වෙලා.
ඉන්දියාව සමග අත්සන් කරන එට්කා ගිවිසුම ආවොත් දේශීය කර්මාන්ත පවත්වාගෙන යන්නට බැරිවෙනවා.
ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳව පත්කළ කොමිසමේ මහාචාර්ය ඩබ්ලිව්.සී. ලක්ෂ්මන් මහතා ඒ පිළිබඳව රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. මෙවැනි ගිවිසුම්වල ප්‍රතිවිපාක එහි සඳහන් වෙනවා. ඒ හඬට කන්දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

ජාතික නිදහස් වෙළෙඳ ගිවිසුම් රටට අහිතකර අයුරින් කරන්නට එපා. මේ වනවිට ආයෝජන මණ්ඩලයේ අනුමැතියෙන් ඉන්දියාවේ පාවහන් නිපදවීමේ කර්මාන්තයක් අරඹන්නට යනවා.

ඉන්දියානු පාවහන් ආවොත් ලංකාවේ පාවහන් කර්මාන්තය කඩා වැටෙනවා. එයින් 3,50000ක් පාරට වැටෙනවා.
ප්‍රතිපත්ති සම්පාදකයින් මේවා රටට නොකියන්නේ ඇයි? දේශීය වෙළෙඳ පොළ මුළු මනින්ම විජාතිකරණය වීමක් මෙමගින් සිදුවෙනවා.

දැන් චීනයට, ඉන්දියාවට, කොරියාවට, මේ රටේ සිල්ලර වෙළෙඳාම පටන් ගන්නට ඉඩදීලා. හෝටල් හා සෞඛ්‍ය කර්මාන්තය කරන්නට ඉඩදීලා.

ඉන්දියාවේ අයිසීසී සමාගමට තෙල් සිල්ලරට දීම ආරම්භ කරලා පටන් ගත් වැඬේ දැන් දිගටම යනවා.
මෙය ඊට හොඳම පූර්වාදර්ශයක්.

මහා පරිමාණ ආයෝජකයන් දැන් රටට එන්නේ නැහැ. සිල්ලර වෙළෙඳාමට ඉඩදීලා තියෙන්නේ ඒ නිසයි.
මහින්ද රජය කාලේ නොතිබුණු ආකාරයට අද වනවිට ණය පොලී අනුපාත සියයට සියයකින් වැඩිවෙලා.

එදා කර්මාන්තකරුවන් සඳහා මහින්ද චින්තනයෙන් සුළු හා මධ්‍ය පරිමාණ බැංකු ආරම්භ කළා. දැන් අවුරුදු 3ක් වෙනවා. ඒවා නවත්වලා. කර්මාන්තකරුවන්ට වාණිජ බැංකුවලින් ණය දීම ලෝකයේ කොහේවත් සිදුවන්නේ නැහැ.
ජාතික ප්‍රතිපත්තියක් හදන තෙක් එටිකා ගිවිසුම අත්සන් කරන එක කල්දැමිය යුතුයි.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

රටේ ආර්ථිකය කඩා වැටිලා.මේකට අගමැති මුළුමනින්ම වගකිවයුතුයි. කෙටි කාලයක් තුළ ආර්ථිකය සුණු විසුණු වෙලා.

කැබිනට් මණ්ඩලය එහාට මෙහාට කරලා රටේ ආර්ථිකය ගොඩ ගන්නට රජය උත්සාහ කරනවා. පලක් නැහැ.
ආර්ථිකය අවුල් වෙලා. අගමැති ආර්ථික කැබිනට් කමිටු හදනවා. එවැනි අයයි රටේ ආර්ථිකය පිළිබඳව තීරණ ගන්නේ.

වොක්ස්වැගන් කම්හලක් ආරම්භ කරන බව කියලා මහා භාරකාරතුමාට අයිති විශාල පොල් ඉඩමක් ජාවාරම්කරුවන්ට දීලා. හොරණ ටයර් කම්හලත් ඒ වගේමයි.

මේ ආර්ථික කමිටුවට විරෝධය පළ කරලා ජනාධිපති යටතට ගත්තා. දැන් ඒකට අගමැති, මලික්, කබීර් විරෝධය පළ කරලා.

තව තවත් කිසිදු අධීක්ෂණයකින් තොරව ණය ගන්නට අගමැතිවරයා දැන් සක්‍රිය බැරකම් කළමනාකරණ පනතක් ඉදිරිපත් කරලා.

ඊට එරෙහිව අපි උසාවියට ගිහින් තිබෙනවා.

එදා අපි ණය ගත්තා. නිසි වෙලාවට ගෙව්වා. ලෝකයේම අපේ රට ගැන විශ්වාසයක් තිබුණා. ඒත් දැන් ගත් ණය ගෙවා ගන්නට බැරි තත්ත්වයක් උද්ගතවෙලා. එවැනි කළුපැල්ලමක් කවදාවත් ඇතිවෙලා නැහැ.

අයවැය ලේඛනය අද සහරාවක් වෙලා. ආයෝජකයන් පිළිගන්නේ නැහැ. සම්මත වූ යෝජනා ඉල්ලා අස්කරගෙන වෙනත් යෝජනා දැමීම නිසා අයවැය ගැන අද කිසිදු විශ්වාසයක් නැහැ. නිශ්චිත බදු ප්‍රතිපත්තියක් නැහැ. අද වනවිට අයවැයේ ඉතිරි වී තිබෙන්නේ “කථානායකතුමනි” යන වචනය පමණයි.

අද වනවිට වරායේ බහාලුම් හැසිරවීම නිරික්ෂණයට පෞද්ගලික සමාගමක් දාලා. ලක්ෂ 2000ක පාඩුවක් රජයට සිදුවෙනවා.

රජයේ පෞද්ගලිකකරණ වැඩ පිළිවෙළ නිසා මෙම අවුල. දැන් වරාය බහාලුම් අංශය වර්ජනයක. 
කැබිනට් සංශෝධනය අද වනවිට අවුල් ජාලාවක් වෙලා. එහි ගරුත්වය නැතිවෙලා. අරික්කාලක් කරනවා ඉතුරු අරික්කාල තවමත් නැහැ.

අදටත් නීතිය හා සාමය වැනි වැදගත් කැබිනට් ඇමැති ධුරයකට කෙනෙක් නැහැ. තාවකාලිකව දින 7කට අගමැතිවරයාට දීලා.

නීතිය හා සාමය නැතිවනවිට රටක් අරාජික වෙනවා. අද සිදුවන්නේ ඒ දේයි.
තෙල්දෙණිය පැත්තේ සිදුවන දේ ඊට හොඳම උදාහරණයක්.

ඊට සරත් ෆොන්සේකා දාන්නට යෝජනා ඇවිත්. සරත් ෆොන්සේකා දැම්මාට අපි බය නැහැ. අපි බය කරන්නත් බැහැ.

 



අදහස් (1)

ආර්ථික කමිටු දැමිල්ලෙන් දේශීය කර්මාන්ත දරුණුවටම කඩාවැටිලා

Bamunuarachchi Wednesday, 14 March 2018 10:50 PM

පාසල් විශ්ව විද්‍යාල වලින් එලියට එන අපේ දරුවන්ගේ රැකියා අවස්ථා ඉන්දියානුවන්ට දෙන්න කිසිසේත්ම ඉඩදෙන්න එපා. ඉන්දියානුවන් මෙරටට නැවත වද්දා ගන්න ඉඩතියන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 724 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site