(නාලක සංජීව දහනායක)
ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නැති ඇමති මණ්ඩලයක් සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවේ යැයි විශ්වාස කළ නොහැකි බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) හොරණදී පැවසීය.
තමන් බලයට පත්වී සුරක්ෂීත රටක් බිහි කරන බවට ජනතාවට පොරොන්දු වන බවද ඔහු කීය.
හොරණ නගරයේ අද පැවැති පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.
එහිදී ඔහු මෙසේද පැවසීය.
‘‘අපි එදා ත්‍රස්තවාදය අවසන් කරලා සුරක්ෂිත රටක් නිර්මාණය කළා.යුද්ධයෙන් පසුවත් බුද්ධි අංශ ශක්තිමත් කළා.නමුත් මේ රජයේ අධූරදර්ශී වැඩ පිළිවෙල නිසා නැවත බෝම්බ පුපුරන්න පටන් ගත්තා.
රණවිරුවන් සිරගතකරලා බුද්ධි අංශ නිශ්ක්‍රීය කළා.ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නැති ඇමැති මණ්ඩලයක් පවතින තුරු සුරක්ෂිත රටක් බිහිවේයැයි විශ්වාස කළ නොහැකි ‘‘යැයැද ඔහු සඳහන් කළේය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)




2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘‘ආරක්ෂාව ගැන හිතන්නැති ඇමතිවරු සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවෙන්නේ නෑ‘‘
Chathuri Wednesday, 16 October 2019 07:14 PM
ආරක්ෂාව ගැන හිතන්නේ කොහොමද? ඇමතිවරු, ආරක්ෂක ඇමතිලා... අලුගෝසුවන් වුණාම, මතකද? හිටපු ආරක්ෂක ඇමති, උගත් මාධ්‍යවේදින්, රතුපස්වල සිද්ධිය, සිරකරුවන් මැරීම... කවුද මේවට වග කියන්නේ? මේවට අනුබල දුන්නු කෙනා අධිකරණයට වෙට්ටු දමනවා. මේවා කරපු නිලධාරින් හිරේ තපිනවා. නැවත පොහොට්ටුව පිපෙන්න කලින් සියලුම ජනතාව තම තමන්ගේ ආරක්ෂාව බලාගන්න. ඒ අයට සාක්ෂි තියෙනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න. මේ රට ආරක්ෂාව අතින් හොඳයි. මිනීමරු ඇමතිලා තමයි රට කන්නේ..! ඉහළ නිලධාරීන්ව අළුගෝසු තනතුරට යොමු කරන්නේ මේ කට්ටිය... මේකට පොහොට්ටුව නෙමේ කියන්න. ඕන වලිප්පුව කියලා අසරණ මිනිසුන්ව තිරිසන් විදියට පාලනය කරලා, දැන් නැවත බලයට එන්න සුරංගනා කතා කියනවා...
Chanak los angeles Wednesday, 16 October 2019 08:16 PM
කව්රු හරි ලියලා දුන්නම ටෙලිප්‍රොම්ටරය බලාගෙන කියන ඒවාද මේ ?අයියෝ ඝෝටා ...