IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආයෙත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වෙට ඇවිත්

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, කළුබෝවිල පින්සිරි ආරියරත්න, කැස්බෑව ජී.එස්. කහටපිටිය සහ හෝමාගම ප්‍රියන්ත ජයලත්)

මහ පාරේදි මිනිස්සු ප්‍රසිද්ධියේ ඝාතනය කරන තරමට පාතාලය අද හිස ඔසවා ඇති බවත් එවන් ඝාතන හයක් පමණ පසුගිය දින දෙක තුනේදී කොළඹ නගරයේදී සිදු වූ බවත් හිටපු ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත්දා (30) පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පිළියන්දල හොන්නන්තර ශ්‍රී විජය නන්දනාරාමාධිපති පිළියන්දල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හල්විටිගල යසස්සී නාහිමියන්ට කොළඹ සල්පිටි කෝරළේ අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම වෙනුවෙන් හොන්නන්තර ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමිනි. අග්ගමහා පණ්ඩිත ආචාර්ය නියංගොඩ විජිතසිරි, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනා හිමියන් විසින් උත්සව සභාවේ මුලසුන හොබවන ලදී. අභිනව සංඝනායක හිමියන් පිරිස පංච ශීලයෙහි පිහිටු වූ අතර තුම්බෝවිල ධම්මරතන හිමියෝ පිළිගැනීමේ අනුශාසනාව පැවැත්වූහ.

අනතුරුව අභිනව සංඝනායක හිමියන්ට පිළිගන්වන ලද ශ්‍රී සන්නස් පත්‍රය කියවීම මල්වතු මහා විහාරවාසී රාජකීය පණ්ඩිත කපුලියැද්දේ ධීරානන්ද හිමියන් විසින් සිදු කරන ලදී. ඉන් පසු සන්නස් පත්‍රය හිටපු ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පිළිගන්වන ලද අතර විජිනිපත පිළිගැන්වීම, කථානායක කරු ජයසූරිය මහතා සිදු කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

මේ උත්සව සභාවේ එක් අනුශාසනයකදී කිය වුණා මේ රටේ පසුගිය කාලයේ ළමා අපචාර 5000 ක් පමණ සිදුවෙලා තියෙනවා කියලා හාමුදුරුවනේ. අපි මේ තත්ත්වය කොහොම වෙනස් කරන්න ද ළමයි වෙනුවෙන් පිහිටුවා ඇති ළමා ආරක්‍ෂක අධිකාරියේ අධ්‍යක්‍ෂකවරයෙකුටත් ළමා අපචාර පිළිබඳව චෝදනා එල්ල වෙලා තියෙද්දී. ඔහු අවුරුදු තුනක් විතර අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළා. මේ ළඟදී තමයි ඉවත් කරල තියෙන්නේ.
ඉතිං එවන් තත්ත්වයක් තුළ අනාගතය භාර ගන්න ඉන්න අපේ ළමා පරපුර රැක ගැනීම මවුපියන්ට පමණක් නොවෙයි, රජයකටත් අයිති කාරණාවක්. එසේම මේ පිළිබඳව නිසි දැනුමක් ලබා දීම ද සිදු කළ යුතු වෙනවා.
එහෙම මම කියන්නේ ගෙවල් ඇතුළේ ඉඳගෙන කරන දේවල් එළිපිට කරන්න මේ රජය අවසර දෙන්න යන නිසයි.

මේ තත්ත්වය මත ළමා පරපුරේ ඉරණම කුමක් වේවිදැයි හිතා ගන්න බැහැ. ඒ නිසා මේ රටේ සංස්කෘතික ලක්‍ෂණ රැකගෙන යහපත් සමාජයක් බිහි කිරීම අප කාගේත් වගකීම හා යුතුකම වන බව කිව යුතුයි.
ඒත් මේ වෙනකොට බටහිරින් එන හොඳ නරක සියලු දේ අන්ධානුකරණයෙන් භාරගෙන මේ රටේ ස්ථාපිත කරන්නත් වත්මන් රජය කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා අපේ සංස්කෘතිය රැකගන බටහිරින් එන නරක ලක්ෂණ පිළිකුල් කරන්න අපි පෙළ ගැසිය යුතුයි. ඒ සඳහා ගරුතර මහා සංඝරත්නය හඬක් නැගීම අපිට
හයියක් වගේම සතුටක්. ඒ නිසා වෙන කවරදාටත් වඩා මහා සංඝරත්නයේ වගකීම අද වැඩි වෙලා තියෙනවා.
අද සංඝනායක පදවිය ලැබූ ඔබ වහන්සේ මේ සමාජය යහමගට ගන්නට සිදුකළ මහා මෙහෙය අගයා අද පිරිනමන මෙම තනතුරින් ඔබ වහන්සේ බැබලෙන්නේ නැතිව ඔබ වහන්සේ විසින් තනතුර බබලවනු ඇතැයි අප විශ්වාස කරනවා.

ආචාර්ය නියංගොඩ විජිතසිරි මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමියෝ අනුශාසනාවක් කරමින්
මෙසේ සඳහන් කළහ. මේ රටේ මුලින්ම ආණ්ඩු හැදුවේ පණ්ඩුකාභය රජ්ජුරුවෝ ඒ අපේ උරුමය. ඒ තත්ත්වය රැකගෙන අද දියුණු සමාජයකට පැමිණ තියෙනවා. වනචාරී යුගයෙන් වැඩ වසම් යුගයකට ඉන් පසුව
ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට අප පැමිණ තිබෙනවා. එම නිසා මේ යුගයේදී මේ රටට නවීකරණය අවශ්‍ය වී තියෙනවා. ඒ නිසාම මේ රටේ අණ පනත් නීති රීති පවා වෙනස් කරන්න පාලකයන් පෙළඹී තිබෙනවා.

බි්‍රතාන්‍ය සම්ප්‍රදායට අනුව මේ රටේ නවීකරණය ඇති කළේ බි්‍රතාන්‍යයන් මිස අපි නොවෙයි. අපේ අවශ්‍යතාවන් අනුව නොවෙයි. ඒ නිසා අපේකම රැකෙන අපේ දේ රැකෙන පරිද්දෙන් අලුත් නවීකරණයන් සිදු කළ යුතුයි. ගල්කිස්ස බෞද්ධායතනාධිපති දිවියාගහ යසස්සී නාහිමි, සියම් මහ නිකායේ ඌව පාර්ශ්වයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර මහා නාහිමි, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාතලේ ධම්ම කුසල අනු නාහිමිවරු පැවිදි අනුශාසනා පැවැත්වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල,
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ යන මහත්වරු ද සභාව ඇමතූහ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, දළදා මාලිගාවේ දියවඩන
නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.



අදහස් (2)

ආයෙත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වෙට ඇවිත්

shan saudi Monday, 02 April 2018 08:13 AM

දැන් අමාරුවෙන් හරි ආපසු එන්න පුළුවන් එක ලොකු දෙයක්

:       0       1

nuwan Tuesday, 03 April 2018 05:14 AM

අනේ මෙයාට කරපු කියපු දේවල් මතක නැති හැටි

:       0       84

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site