IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ආනයන සීමා කිරීම රුපියල කඩා වැටීම වැළක්වීමට සහනයක් නොවේ‘

(විනීතා එම් ගමගේ)

වාහන ආනයනය හා ගෘහස්ථ විදුලි උපකරණ ආනයනය සීමා කිරීමෙන් රුපියල කඩා වැටීම වැළක්වීමට කිසිදු සහනයක් නොලැබෙන බව ඉකුත් වසරේ මහ බැංකු වාර්තාව බැලූ විට පෙනී යන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

එම වාර්තාවට අනුව 2017 වසරේ ඩොලර් බිලියන දහනමයක් වූ සමස්ත ආනයන වියදමින් වාහන සහ ගෘහස්ථ විදුලි උපකරණ සඳහා වැය කර ඇත්තේ සියයට 4.4  පමණක්  බැවින් වාහන හා ගෘහස්ථ විදුලි උපකරණ ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කළත් ආනයන වියදම අඩු වෙන්නේ සියයට  4.4 ක් පමණක්  බවත් මන්ත‍්‍රීවරයා කීය.  

ශ්‍රී ලංකාව අත්‍යවශය භාණ්ඩ ආනයනය කරන රටක් බැවින් අත්‍යවශය භාණ්ඩ ආනයනය කිරීම සීමා කළ නොහැකි යැයි පෙන්වා දුන් මන්ත‍්‍රීවරයා රුපියල කඩා වැටෙන්නේ රටේ ආනයන වැඩි වුණු නිසා නොව  ආයෝජකයින් රටේ ආයෝජන ඩොලර් බිලියන ගණනින් ආපසු රැගෙන යාමට  නිසා බවත් සඳහන් කළේය. 

මූල්‍ය වෙළඳ පොළ, ඍජු ආයෝජන මෙන්ම කොටස් වෙළඳ පොළේත් ආයෝජන පිළිබඳ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳී ඇති බව කී ගම්මන්පිල මහතා ආයෝජන අහිමි වීම මෙසේ රුපියල කඩා වැටෙන්නට හේතු වී ඇති බව ද පැවැසීය. 

මෙයට ඇති එකම විසඳුම මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒම බවත් ඔහු ගේ යුගය රටේ ආර්ථිකය ස්ථාවර වී බැබළුණු යුගයක් බව ලෝකයම පුරාම ආර්ථික විශේෂඥයන් දන්නා බවත් හෙතෙම සඳහන් කළේය.  

ඒ නිසා මේ අර්බුදයට ඇති එකම විසඳුම හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වැඩ බැරි අය ගෙදර යවා රට කළ හැකි අයට මේ රට බාර දීම යැයි ද ඔහු වැඩි දුරටත් පැවැසීය.

උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී අද (01) පැවැති මාධ්‍ය හමුව අමතමිනි.  



අදහස් (4)

‘ආනයන සීමා කිරීම රුපියල කඩා වැටීම වැළක්වීමට සහනයක් නොවේ‘

ravi Monday, 01 October 2018 02:57 PM

හොඳම වැඩේ තමයි... අාපහු මහණ‍ වෙන එක .... !

:       0       117

Saththaya Tuesday, 02 October 2018 06:58 AM

ඇයි කව්රුත් මෙතුමාගෙන් උපදෙස් අරන් රුපියල කඩා වැටීම වැළක්වීම නතර කර ගන්නේ නැත්තේ ? හරි නරකයි. පසු ගිය රජ සමයේ ඔය කිසි දෙයක් වුණේ නැහැනේ , හොද ප්‍රගතියක් තිබුණා , මෙතුමාගේ අනුශාසනා නිසා .

:       26       406

pj Tuesday, 02 October 2018 10:18 PM

ඩොලර් මිලියන 760 ක් (4%) කියන්නේ සුලුදෙයක් වෙන්න ඇති.

:       0       0

Lanka Wednesday, 03 October 2018 12:41 PM

විදේශිකයෙකුගේ මුදල් කොල්ලකාලා නඩුවක් තියෙන මිනිහෙක් කියන වැදි බණ...

:       0       188

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site