(විනිතා එම්. ගමගේ)
ආණමඩුවේ දී ගුරුවරියක් දණ ගැස්වූ දේශපාලකයා මූල්යවංචා හෝ පොදු දේපල කොල්ල කෑ අයෙක් නොවන නිසා ඔහුට ආසන සංවිධායක ධුරය පිරිනැමු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය.
බුදු හාමුදුරුවෝත් අංගුලිමාලට හැදෙන්න අවස්ථාව දුන්නා. යම් සිදුවීමක් සිදුවී ඇතත් පක්ෂය කළේ ඔහුට හැදෙන්නට අවස්ථාවක් දීමයි යැයි ද දිසානායක මහතා කීය.
‘‘ඔහු කළ වරදට අධිකරණයෙන් දඩුවම් දුන්නා. අපි ඔහුට හැදෙන්නට අවස්ථාවක් දුන්නා. ප්‍රදේශයේ ජනතාව ඉදිරියේ දී ඔහු පිළිගන්නවා ද ප්‍රතික්ෂේප කරනවා ද යන්න අපි ඉදිරියේ දී බලමු‘‘ යැයි ද අමාත්‍යවරයා කීය.
‘‘නමුත් ඉදිරි මැතිවරණයේ දී මුදල් වංචා කර ඇති හෝ ජනතා දේපල වංචා කළ කිසිවෙකුට කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. අපේ අරමුණ පිරිසිදු පළාත් පාලන ආයතන ඇති කිරීමයි‘‘ යැයි ද ඔහු පැවැසීය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ ශ්‍රීලනිප මුලස්ථානයේ අද (7) පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු දේපල කොල්ල නොකාපු උදවියට සංවිදායක කම දෙන්නේ නැහැ කියල වෙනස් වෙන්න ඕනේ.
බලමු බලමු. හොඳම දේ මේ ඔක්කොම ගෙදර යවන එකයි
ඔව් අපි ඔබලාට ලබන මැතිවරණයෙදි නැවත අවස්ථාවක් දෙයි කියල හිතනවද ?
මේ රටේ සංවර දේශපාලනයක් කිසි කලෙක බලාපොරොත්තුවෙන්න බැහැ. මෙවන් පත්වීම්වලින් අපට ගම්‍යවන්නේ එයයි.
මෙයාගේ මොලේ කුරොලු වෙලා මුල්‍ය වංචා කිරීමි ගුරුවරු දනගස්වන එක කතා දෙකක් වංචාව සහ සදාචාරය හිංසාව ඔය මිනිහට චන්දය දෙන උන් ආනමඩුවේ සිටිනවානම් උන් මන්දබුද්දික....!!!!!!!!!! ??/?
යකෝ තොපි ඔයතරම්ම බංකොලොත් ද? ආණමඩුවට මිනිහෙක් හොයාගන්න බැරි.....
ලබන ඡන්දෙදි හැදිච්ච තරම බලාගත හැකියි.
විෂ දුම් පානයේ බලපෑම් ........ රටටම විෂයි......!!!!!!
‘ආණමඩුවේ සංවිධායකට හැදෙන්න අවස්ථාවක් දුන්නා‘ කව්රුත් ඔතනට එන්නේ හැදෙන්න තමා. ඔබත් දැන් හොඳට හැදිලා ඇතිනේ. අර බිල්ඩිම කුලියට දුන්න නෝනත් හොඳට හැදිලා ඇති නේද?
හැදෙන්නේ ඉඩ දුන්නද..... නුතන දේශපාලනයට අවැසි පුද්ගලයෝ වෙන්නම ඕන හින්ද ඉඩ දුන්නද ?
තොපි මේ රට කළ නස්පැත්තිය හොඳටෝම ඇති.
අපි බලා ඉන්නේ ලොක්කා ඔබව කවදා හදයිද කියා.
මේ කියමන දැකල ගිය හිනාවට අනිත් පැත්තෙනුත් මොකක්ද ගියාවගෙයි. රාජගිරියේ බෝඩිමට වියදම් කරන්නේ ඔබගේ අප්පාගේ මුදල්ද.
ඔන්න අද ලංකාදීප මුල්පිටුවේ තිබෙනවා අර හිස් බිල්ඩිමට මාස 3ක ලයිට් බිල ලක්ෂ 50යි කියලා... කීයක් ගියත් මේ අයගේ අම්මගේ අප්පාගේ බූදලෙන් නොවෙයිනේ ගෙවන්නේ....