IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘‘ආණ්ඩුවට ලැබෙන ජනතා ප්‍රසාදය දිනෙන් දිනම වැඩිවෙනවා‘‘

(ශාන්ත චන්ද්‍රසිරි)

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ජනතා ප්‍රසාදය දිනෙන් දිනම වැඩිවෙමින් පවතින බව විද්වතුන් සිදු කරන ලද අහඹු සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත් මහමැතිවරණයේදී ජනාධිපතිවරයාට ඡන්දය නොදුන් සියලුදෙනා ඡන්දය ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද (22) පැවසීය.

කොත්මලේ, කරගස්තලාව ප්‍රදේශයේ පැවැති ආගමික වැඩසටහනකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද කීය.

          ‘‘ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ නුවරඑළිය දිස්ත්‍රික්කය මෙවර මහ මැතිවරණයේදී අපි ජයග්‍රහණය කිරීමට පියවර ගන්නවා.

මහනුවර දිස්ත්‍රික්කයේ සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට මම එව්වේ නුවරඑළිය ජයගන්න අවශ්‍ය  නිසයි. ඊට අමතරව අපි ගියවර ජනාධිපතිවරණයේදී පරාජයට පත් වූ අම්පාර සහ වව්නියාව යන දිස්ත්‍රික්ක මෙවර  ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරණ ප්‍රතිපල අනුව අපිට ආසන 127 ක් ලැබෙනවා. ඒ අනුව බලනවිට අපිට මහමැතිවරණයේදී ආසන 150 සීමාවට යාමේ හැකියාව තිබෙනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපුර්ක ඇස්තමේන්තුව විපක්ෂනායකතුමාගේ තියෙන කුහකකම නිසා ඒකට විරුද්ධ උණා. ඒත් මාර්තු 02 දින රජය විසුරුවා හැරීමෙන් පසුව ඒ බලය ජනාධිපතිවරයාට පැවරෙනවා. ඉන්පසුව  ඒක අපි අනුමත කර ගන්නවා.

1978 වසරේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හදපු ඡන්ද ක්‍රමයේ තියෙන විපාකයක් තමයි මේ  මනාප ක්‍රමය. එකම පක්ෂයේ අයත් මනාපක්‍රමය නිසා පොඩි පොඩි කතා බහ හුවමාරු කර ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්.

මෙම ක්‍රමය වෙනස්  කරන්න සිරිමාවෝ මැතිණියගේ සිට හැමෝම කටයුතු කරන්න උත්සාය ගත්තත්  එය සිදු කරගන්න බැරි උණා. ඒකට හේතුව කුඩා පක්ෂ මේ ක්‍රමයට එකඟවීමයි. මේ ක්‍රමය හේතුවෙන් කුඩා පක්ෂවලටත් එක් මන්ත්‍රී ධුරයක් හෝ ලබා ගන්න පුළුවන් නිසා ඔවුන් මේකට කැමැතියි.

ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණය අනුව බැලුවම ඔවුන්ට ලැබෙන්නේ මන්ත්‍රී ආසන ලංකාවෙන්ම එකයි. ඒ නිසා ඒ අයත් මේ ක්‍රමයට කැමැති‘‘ යැයිද අමාත්‍යවරයා කීය.

 



අදහස් (9)

‘‘ආණ්ඩුවට ලැබෙන ජනතා ප්‍රසාදය දිනෙන් දිනම වැඩිවෙනවා‘‘

Wimale Saturday, 22 February 2020 02:45 PM

ඔබ වැනි අය ඉන්නතුරු මිනිස්සු කලකිරෙනවා.

:       0       25

Chathuri Saturday, 22 February 2020 02:54 PM

ඔය කටින්ම තමයි මේ විදියේ හුරතල් කතා මහින්දට, චන්ද්‍රිකාට කිව්වේ. කොහොමද පැරදුනාම ඔය කටින් කියන දේවල්. ඕනෑම නායකයෙක් පරදින්න හේතුව නුඹ වැනි වැඩකට නැති දිව දෙකේ කට්ටිය වටකරගෙන ඉදීමයි. මහින්දව වඩාගෙන විතරයි නොගියේ. කට්ටිය බිම වැටිලා පෙරලි පෙරලි වදින්නේ. ගමක දුප්පත් ජනයෙක්වත් ඔය විදියේ කොන්ද නැමුණු වැඩ කරන්නේ නැහැ. නායකයා අවංක නම් අැම්බට්ටයින්ගෙන් වැඩක් නැත. ජනතාව මෝඩත් නැත. පොහොර උර නිකම් දුන්නට ජනතාවගේ වටිනා ඡන්දය. නිකරුනේ පල් හොරුන්ට දෙන්නේත් නැත.

:       0       68

නාලිනී - හේවාහැට Saturday, 22 February 2020 08:04 PM

මේ පාර ගහලයි එළවන්නේ.

:       0       18

Rata Perata Sunday, 23 February 2020 07:44 AM

මෙන්න මේ මනුස්සයගේ මොලේ පරීක්ෂා කරවන්න...

:       0       5

bandara Sunday, 23 February 2020 03:19 PM

කිසිම තේරුමක් නැති කෙනෙක් ...

:       0       5

vidya Sunday, 23 February 2020 08:36 PM

ජනාධිපතිතුමා, මේ වගේ පුද්ගලයින් පැත්තකට කරන්න කාලය ඇවිල්ලා... කට ඇරියොත් ඉවරයි. අවුරුදු 45ක කාලයක් මෙයා ගැන කවුරුත් දන්නවා.

:       0       6

සමන්ත Monday, 24 February 2020 04:12 AM

සමන්ත හිටගෙනද දන්නේ නෑ නේද ප්‍රසාදය වැඩි වෙන්නේ? මම නම් වැඳලා දාන්න කියන සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ... මේ වගේ ඇට නැති දිව දෙකේ ගල්ආඳෝ, ඕස්ට්‍රේලියාවේ ඉඩම් ගත්තු ජනතාවගේ සල්ලි හොරා කාලා මන්දිර හදාගත්තු හොරුන්ට පාර්ලිමේන්තුවේ එළිපැත්තටවත් එන්න දෙන්න නම් එපා. මෙන්න වැන්දා. අර සිරිසේනයාටත් ඒ ටිකම කරන්න.

:       0       6

denin Wednesday, 26 February 2020 08:08 AM

ඔව් ඔව් මහින්ද මහතා බලයේ සිටින විට බඩු මිල වැඩිවුනාට ජනතාව ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. සමහරු හිතනවා බඩු මිල වැඩිවෙන නිසා ඡන්ද අඩුවෙයි කියා.

:       0       1

Bamunuarachchi Monday, 09 March 2020 01:49 AM

ඔබ වැන්නවුන් ඉවත් කළොත් 90% පමණ තවත් වැඩි වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site