(මුදිතා දයානන්ද)
ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනු ඇතැයි විද්‍යා හා තාක්ෂන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (6) පැවසීය.
කිසිම වෙනසක් සිදුනොවී මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව මේ විදිහටම පවත්වාගෙන යන බවට එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළත් එහෙම යන්න බැරි බව ඕනම කෙනෙකුට වැටහෙනවා යැයිද පේ‍්‍රමජයන්ත මහතා මෙහිදි පැවසීය.
රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය කියනවා මැතිවරණයෙන් පස්සෙත් මේ ආණ්ඩුව මෙහෙමම යනවා, කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේක මෙහෙමම ගෙනියන් බැහැ කියලා. බඩුමිල වැඩිවෙලා, අර්ථික ප‍්‍රශ්න ඇතිවෙලා, රැකියා ප‍්‍රශ්න විසඳලා නැහැ. හොරකම් සිදුවෙලා. මේ සිදුවන දේවල් දිහා බැලූවාම හරිම පැහැදිලියි කඩිනම් වෙනසක් ජාතික තලයේ සිදුවිය යුතු බව. ඒක සිදුවන්නේ කෙසේද යන්න අපිට දැන් කියන්න බැහැ. ජනාධිපතිතුමා කියලා තියෙනවා මැතිවරණයෙන් පසුව ආර්ථිකය තමන් යටතට ගන්නා බවට. හොරුන්ට දඬුවම් දීම කරන බව යැයි ඇමැති ප්‍රේමජයන්ත මහතා ශ්‍රිලනිප මුලස්ථානයේ දී මෙසේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ඒවා අපේ රටේ නම් ඉර හඳ තියෙනකම් වෙන්නේ නැහැ. එහෙම උනොත් ඉතිරි වෙන්නේ ජවිපෙ 6 දෙනා විතරයි
අයියෝ !!! එජාපය ගැන ඔයා අද ඔහොම කියලා හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වී අකුලා ගන්න සිදුවුණ හොත් ඔබ කොහොමද වස්ත්‍රයක් ඇඳගෙන එජාපයට එක්වන්න ඉල්ලුම්පතක් ඉදිරිපත් කරන්නේ?
දෙපැත්තේ කකුල් තියාගෙන යන්න බැරි බව අපිනම් ඉස්සරත් දන්නවා.
පැරදුන සියලුම දෙනාගේ ඇමති තනතුරු දාලා යන්න කියන්න එතකොට තනියෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන්
මේ කියමන අපි තේරුම් ගන්න ඕනෑ මේ විදීයටයි . මේ සම්මුති ආණ්ඩුව හින්දා එජාපෙ අය හොරෙන් කන ඒවාට ශ්‍රීලනිප කට්ටිය උදැල්ල දානවා . ශ්‍රීලනිප අය හොරෙන් කන ඒවාට එජාප කට්ටිය උදැල්ල දානවා . ඒක නිසා බාධාවකින් තොරව මුළු රටම අනුභව කරන්න නම් සම්මුතිය පැත්තකට විසිකරලා විධායක බලය පාවිච්චි කරලා හරි තනි පක්ෂයක් බලයට එන්න ඕනෑ කියන එකයි .
අන්ත දුෂිතයින්ගෙන් පිරුණු රටක්.. දූෂිතයින් ආරක්ෂා කරන රට ලංකාව. දූෂිතයින්ට ඡන්දෙ දෙන රට ලංකාව. වාසිදායක හොඳට හම්බකරන්න පුළුවන් එකම රැකියාව දේශපාලනය. වයස් සීමාවක් නැති අධ්‍යාපන සුදුසුකම් නැති එකම රැකියාව දේශපාලනය.. මන්ත්‍රීකමක් ගත්තොත් පවුලම ගොඩ. හෙට බලපත්‍ර දෙනවා රටේ සම්පත් කොල්ලකන්න. ජය වේවා!
මෙතුමා කලෙක සිට මේ වගේ බලාපොරොත්තුවකින් තමයි ඉන්නේ. ඇමතිකම ගැන ප්‍රශ්නයක් වගේ. තෙල් ඇමතිකම හරි, වරාය ඇමතිකම හරි දුන්නා නම් 2020 වෙනකම් මේ ආණ්ඩුව හොල්ලන්න බැහැ කියනවා ස්ථිරයි.
ඔබගේ පැහැදිලිකිරීම් ප්‍රකාශ කිරීම වහාම නවත්තන්න.
පණීභාරත වගේ මෙයාටත් නම දාන්න තියෙනේ "පණීලංකා" කියල. කොයි මොහොතේ වාසි පැත්තට පනීද දන්නේ නැහැ. හැමෝම අකමැති වුනාට අගමැති හීනයත් ඔලුවේ තියෙනවා. ඔහොම යන් !
ඊට කලීන් හෙජින් ගනුදෙනු ගැන බලමුද?
දෙපත් නයෙක් වාගේ... ටක් ගලා වෙන පැත්තක් ගන්නවා තාම මහින්දට කඩේ යනවා වගේ...
ජනාධිපතිතුමාලා, ඔබතුමාලා ඔක්කොම මොන තරම් දේවල් කිව්වද ඡන්දෙට කලින්. මේවත් ඒ වගේම නොවෙන දේවල් වේවිනේද?
ඔයාගේ මුළු ඡන්ද සංඛ්‍යාව කීයද ඔහොම ප්‍රකාශ කරන්න? ඔයිට වැඩිය නරකද රටට වැඩක් කරන මිනිස්සු ගැන හොයල මීඩියාවල දැම්මනම්.