
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
බය නැති අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ගියේ මම පන්දු යවනකොට බය නැතිව බැට් කරන්න එන මගේ පොඩි පුතා වගේ. මේ කොමිසමෙන් අහන ප්‍රශ්නත් ඊට දෙන පිළිතුරුත් දැනගෙන හිටිය නිසා බය නැති අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ගියා යයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා බළපිටිය රන්දොඹේදී කීවේය.
බළපිටිය රන්දොඹේ කොට්ඨාසයෙන් පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටින අනුෂ මෙන්ඩිස් මහතා සංවිධානය කොට රන්දොඹේ සභා ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවක් අමතා ගම්මන්පිල මහතා එසේ කීවේය.
ජනහමුව අමතා තවදුරටත් කතා කළ උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය.
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව අද මේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. මේ මහා වංචාව අද හෙළිවෙලා ඉවරයි. එම වංචාවෙන් වුණු පාඩුව හානිය රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක්. මහා දවල් සිද්ධ කළ මේ මහා හොරකමට වැරැදිකරුවන් කිහිපදෙනකුම ඉන්නවා. අපි බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව ඔවුන්ට දෙන දඬුවම් ගැනයි.
මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන ඇලෝසියස්, හිටපු මුදල් ඇමැති රවී කරුණානායකගේ බිරිඳට තෑගි කළ නිවෙස ගැන රවී දැනගෙන ඉඳල නැහැයි කියල එයා කිව්වා. යකෝ, පුදුම වැඬේ කියන්නේ තමන්ගේ නෝනට තෑගි වශයෙන් කෙනෙක් ගෙයක් තෑගි කළා නම් ඒ ගැන දන්නෙ නැහැ කියන්නේ කොහොමද? අපි නම් අපේ නෝනා මම දන්නෙ නැතිව අලුත් ගවුමක් ඇන්දත් අහනවා ඔයාට කොයින්ද මේ හමුව කියලා. ඒකයි කසාද ජීවිතය තියෙන්නේ. ඕනෑම පිරිමියෙක් අහනවා නෝනට තමන් දන්නෙ නැතිව දෙයක් ලැබුණාම ඒක කොහෙන්ද කියලා. ඒ සොයා බැලීම නිසානේ අපේ කසාද ජීවිතය තියෙන්නේ. මට මේ වෙලාවේ අර ඉස්සර පෙන්නපු චිත්‍රපටියක් මතක් වෙනවා. අර සුද්දිලාගේ කතාව. සුද්දිගේ සැමියා අවුරුදු අටක් හිරබත් කාලා නිදහස් වෙලා එන දවසේ සුද්දි ඔහු බලන්න යන්නේ හොඳට නාලා සුවඳ සබන් ඇඟේ ගාගෙන. හිරෙන් එළියට එන සුද්දිගේ සැමියා මුලින්ම මොකද්ද සුද්දිගෙන් අහන්නේ. ‘තොට කොයින්ද ඇඟේ ගාන්න සුවඳ සබන් හම්බ වුණේ?’ කියලා. එහෙව් රටේ රවී දන්නෙ නැහැ තමන්ගේ නෝනට තෑගි වශයෙන් ලැබුණු ගේ ගැන.
බැඳුම්කර වංචාව රටට හෙළිකරන්න නීතිඥ දප්පුල ලිවේරා ලොකු කාර්යභාරයක් කළා. මේ දක්ෂ නීතිඥයාගේ හරස් ප්‍රශ්නවලින් කාටවත් රිංගලා යන්න බැරිවුණා. හැබැයි මේ දක්ෂ නීතිඥයාට බය නැති අගමැතිගෙන් හරස් ප්‍රශ්න අහන්න ඉඩ ලබාදුන්නේ නැහැ. දුන්නානම් වැඬේ ලෙඩක් වෙන නිසාම තමන්ලා විසින්ම පත් කළ අයගෙන්ම හරස් ප්‍රශ්න අහන්න සැලැස්සුවා. ඒ නිසාම බය නැති අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ගිහිල්ලා සාක්කි දුන්නා.
ඒක හරියට මම පුතාල දෙන්නත් එක්ක අපේ ගේ ඉස්සරහා ක්‍රිකට් ගහන්න යනවා. පොඩි පුතා බයයි අයිය බෝල් කරනකොට බැට් කරන්න එන්න. ඒක නිසා එයා ක්‍රිකට් ගහන්න එන්නේ නැහැ. හැම වෙලාවෙම ක්‍රිකට් ගහන්න කතා කළාම බැහැ කියනවා. මම ඒ වෙලාවට කියනවා පුතා එන්න බය නැතිව මමනේ බෝල් කරන්නේ. ඔයා එන්න බය නැතිව ඇවිල්ලා සෙල්ලම් කරන්නකෝ කියලා. එතකොට පොඩි පුතා එනවා ක්‍රිකට් ගහන්න. මම ඉතිං මිනිහගේ පිත්තටම බෝලෙ දානවා. පුතා වැටට උඩින් හයේ පාරවල් බය නැතිව ගහනවා.
මම ඉතිං පුතා අවුට් කරන්න හිතාගෙන විකට් එකටම බෝලේ දාන්නේ නැහැනේ. මම බෝලේ පිත්තටම දානවා පුතා හයේම ගහනවා. බලන් ඉන්න ගෙදර අය කියනවා පොඩි පුතා බය නැතිව තාත්තගේ බෝලෙට හයේව ගහනවා කියලා.
ඔන්න ඔය වගෙයි අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ආවේ. කොළඹ දැන්වීම් ගහල තිබුණ ‘බය නැති අගමැති’ කියලා. හැබැයි ඕකට තව ඉස්සරහට අකුරු තුනක් එක් කරා නම් හරි. ඒත තමයි ‘ලජ්ජා’ කියන අකුරු තුන. එතකොට තමයි හරියන්නේ.
මේ ආණ්ඩුව ගෝඨාභයට බයයි. ගෝඨාභයට ලොකු බයකින් ඉන්න ආණ්ඩුව ඔහු අත්අඩංගුවට සැරසෙනවා. හැබැයි වැරැදිලාවත් ආණ්ඩුව ගෝඨාභය අත්අඩංගුවට ගත්තොත් මහා සංඝරත්නය පාරට බහිනවා. අපිට දැනගන්න ලැබුණු විදිහට මහා නායක හාමුදුරුවරුන් ආණ්ඩුවට කියලා තියෙනවා ගෝඨාභය අත්අඩංගුවට ගත්තොත් උන්වහන්සේලා ආණ්ඩුවේ කිසිම දේකට එන්නේ නැහැ කියලා. ඒ නිසා ආණ්ඩුව ඔහු අත්අඩංගුවට ගන්න බැරිව කල් අරිමින් සිටිනවා.
අපි ආණ්ඩුවට කියනවා ගෝඨාභයට අත තිබ්බොත් බලාගෙනයි. අපේ ශක්තිය අපේ සටන පෙන්වන්නේ එදාට තමයි. මේ රට නිදහස් කරගන්න ගෝඨාභය කළ කැපවීම, සේවය මම ඔබතුමන්ලාට අමුතුවෙන්ම කියන්න යන්නේ නැහැ. අපි කියනවා පුළුවන්නම් ගෝඨාභය අත්අඩංගුවට අරගෙන පෙන්වන්න කියලා. එහෙම කළොත් මේ ආණ්ඩුවට විරුද්ධව විශාල ජනමතයක් ඇති වෙනවා. කොහොමටත් දැන් වැඩ බැරි මේ ආණ්ඩුව ජනතාවට එපාවෙලා ඉවරයි.
බළපිටිය විහාරාධිපති සංගමයේ සභාපති බළපිටියේ ධම්මික හිමි, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක, සුගීෂ්වර බණ්ඩාර, පොදුජන පෙරමුණේ අනුෂ මෙන්ඩිස්, සමීර ආරියරත්න යන මහත්වරු ද මෙහිදී කතා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳුම්කරය කියන එකේවත් තේරුම නොදන්නා මිනිස්සු ලංකාවේ ඉන්නේ.. එ්ත් හොරෙක් කියලා නම් ඕනෙම නොදරුවෙක් දන්නවා. අර හොර ඇටෝනි බලපත්‍ර හදාගෙන ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ සල්ලි ගත්තු ඒවා....
කට්ටියට ඕවා මතක නැතිවෙනවා සර්, ඔබතුමාටත් අර කොටස් විකුණලා ගත්ත සල්ලිවලට වුණු දේ මතක නැති වුණේ...
එතකොට සුදු වෑන් ගැන මොකද කියන්නේ?
ඒ කියන්නේ රටේ ත්‍රිවිධ හමුදාව දිවිහිමියෙන් සටන් කර දිනාගත් යුද්දෙට ගෝඨාභයව වීරය කරලා. එතකොට ගෝඨාභයගේ අනින් හිරගෙදරට පැනල කරපු ඝාතන වලට දඬුවම් එපාද? නිකං සිංහලයා කුලප්පු කරලා බඩ වියත රැකගන්නවට වඩා නරකද තව සුද්දෙක්ට සුද්ද කරන එක...?
නීතියෙන් නිදොස් වනතුරු කාටවත් බැහැ කෙනෙක්ව නිර්දෝෂී පුද්ගලයක් කරන්න. මේ විදිහට රටේ මිනිස්සු ලව්වා අපරාධකාරයින්ව මුදාගන්න ක්‍රියා කරන බවට ප්‍රකාශ කරන්නෙත් වංචනිකයෙක්....
ගොඨාභය කරපු හොද වැඩවලට කැමැති වගේම කරපු නරක වැඩවලට නීතියට මුහුණ දෙන්න. මේ වගේ අය ගාව ගන්න හොඳ නැහැ කිසි දෙයකට ...
මේ තරම් සල්ලි තිබෙන කෝටිපතියෙක් වන මොහු තමන්ගේ මැතිවරණ කටයුතුවලටවත් තමන්ගේ මුදල් වියදම් නොකර ජනතාවගෙන් රු. 100 බැගින් පසුගිය පළාත් සභා මැතිවරණයට එකතුකිරීමෙන් පෙනීයන්නේ දේශපාලනය කරන්නේ තමන්ගේ වාසියට මිසක්, ජනතාව වෙනුවෙන් නොවන බවයි.
මේ වගේ කට්ටියට ඡන්දය නෙමේ දෙන්න ඕන එලව එලව ගහන්න ඕන. කට්ටියම එකතු වෙලා කරන්න. පුළුවන් හැම ජඩ වැඩක්ම. කෙරුව දැන් නිතිය පටන් ගත්තම නිත්යට යටත් වෙන්නේ නැතිව ඡන්ඩි කතා කියනවා. විපක්ෂයට හොඳ අරාබි රටවල රජ්ජුරුවෙක් සේරම කට්ටිය එක දවසේ එල්ලන්න.
"මම පන්දු යවනකොට බය නැතිව බැට් කරන්න එන මගේ පොඩි පුතා වගේ." අලුත් උපහරණය නම් පංකාදු 5 යි. මමත් ඔයටිකම රනිල් කොමිසමට යන්න ලැහැස්ති වන විටම අදහසක් හැටියට ලීවා. එය පළවුනා. මෙතන පලවෙන ලිපිය කියවා එසබ්න්දව අදහස් දක්වනවා වෙනුවට අපේ මිනිස්සු ප්‍රස්න කොරන්නේ උදය ගම්මන්පිල ගැනයි. මේ මිනිස්සු තමයි ඉස්කෝලේ යනකාලේ ආකිමිඩිස් ගේ න්‍යාය ගැන ප්‍රශ්නය ඇසුවාම ආකිමිඩිස් හෙළුවෙන් දිව්වා කියල උත්තර දීපු අය. උදය ගම්මන්පිලගේ හොරකම් ගැන එයට අවස්තාව පැමිණිවිට පැලෙන්න දෙමු දැනට මේ පලවෙලා තිබෙන ලිපිය ගැන අදහස් දෙන්න අපිට ඔබතුමන්ලා ගේ මෙසම්බන්ද අදහස් දැනගන්න.
සුද්දගේ දේපල විකුණලා ගත්ත සල්ලිවලට මක්කද කොලේ? ඒවා මතකනේ?
අනේ දෙමල ත්‍රස්තවාදය තවම තිබුනානම් නේද ගෝඨාභය මහතානෙනි. ඔබට සිතෙන්නේ නැද්ද ඔබ ද්‍රවිඩ ජාතිකයෙක් වෙලා ඉපදුන්නනම් කියලා. ගුණමකු මේ පාහර සිංහලයින්ගේ අදහස් කියවුවාම මටනම් එහෙම හිතෙනවා. යුද්ධය පරාජය වෙලත් ප්‍රභාකරන් ද්‍රවිඩයින් සලකන හැටි පෙනෙනවා නේද? මෙහෙව් සිංහලයින් ඉන්න රටේ නොබෝ දිනකින්ම රටින් කෑල්ලක් ද්‍රවිඩයින් ගන්නවාමයි.
රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් පෙනීසිටින ගොඩ පෙරකදෝරුවෙක් මෙහි නිතරම බුමිතෙල් වැදුන ගැරඩියෙක් වගේ දඟලන බවක් අපට පෙනෙන්නට ඇත. රාජපක්ෂ දේවාලයේ කපුමහතාද කියා වරෙක අපට සිතෙනු ඇත. දේවදුතයන් රට පාලනය කළ බව හෝ කරන බව පුරවැසියන් සිතීම තරම් මෝඩකමක් තවත් තිබිය නොහැකිය. සත්‍ය අවබෝධ කර ගැනීමට නොහැකි මිනිස්සු තවමත් භක්ති වන්තයන් වී සිටිනු ඇත.
ඇයි හරකෝ ගොටාභය නීතියට ඉහලින් ඉන්නා කෙනෙක්ද තාමත්?
මේ රජය කළ පළමු වැරැද්ද මහින්ද රජය ගත් ණය කන්දරාව.. ජනතාවට හරියට නොකියා සහන දෙන්නට යාමයි. බැඳුම්කරය, නඩු කල්දැමීම සමබන්ධව තීරණ නොගැනීම, ඒ වගේම මහින්ද මහතා සිටියේ නම් අද රටට වන ඉරණම (ආර්ථික සම්බාධක තව තවත් බොරු ව්‍යාපෘති මගින් ණය උගුලේ හිරවිම වගේම පුතාල රටට කරන විනාශය, සිම්බාබ්වේ වැනි ඒකාධිපති රජයක් ඇතිවිම එවැනි තතවයක් තුල ලංකාව අප්‍රිකානු ගෝත්‍රික රටක තත්වයට පත්වීම) සම්බන්ධව ජනතාව දැනුවත් නොකිරීම... එ් වගේම පරණ මොඩලයටම රට කරවීම.. ඉහත කරුණු හරියට කළමණාකරණය කරානම් රජය මීට වඩා ස්ථාවර වෙන්න තිබුණා.
"මේ රජය කළ පළමු වැරැද්ද මහින්ද රජය ගත් ණය කන්දරාව.. ජනතාවට හරියට නොකියා සහන දෙන්නට යාමයි." මොකක්ද දීපු සහනය? "බැඳුම්කරය, නඩු කල්දැමීම සමබන්ධව තීරණ නොගැනීම... " ඔය තීරණ මෙතන ලියන අයට ඕනෑ විදිහට ගන්න. ඒවා නොවෙයි. කිසියම් නීති පද්ධතියකට අනුව කෙරෙන ඒවා. සිරිසේන - රනිල් දෙපළට මෙයා ගෙන්නේ රට කරවන්න උපදෙස් ගන්න තිබුනේ. නරකද ජනාධිපති උපදේශක තනතුරක් ගත්තා නම්...